The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දු - පාකිස්තාන ගැටුමෙන් සාෆ් පාපන්දු ශූරතාවලිය හෙට ඇරඹේ

Awara

Awara

November 4, 2026 • 6:06 PM

ඉන්දු - පාකිස්තාන ගැටුමෙන් සාෆ් පාපන්දු ශූරතාවලිය හෙට ඇරඹේ
ශ්‍රී ලංකා කණ්ඩායම ධකා නුවරට පා තැබූ අවස්ථාව...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්කාරක බංග්ලාදේශය හා භූතානය අතර ගැටුම ආරම්භක දිනයට නියමිත අනෙක් තරගය යි.
  • ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික තරග පැවැත්වෙන්නේ භූතානය (නොවැම්බර් 8) හා බංග්ලාදේශය (නොවැම්බර් 11) ට එරෙහිව වන අතර එම තරග දෙක ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වනවා.
  • “ශ්‍රී ලංකාවට මෙය ලෝක කුසලානයක්” - ශ්‍රී ලංකා නායකයා “ලංකාව වගේ රටකට දකුණු ආසියානු කුසලානය කියන්නේ ඇත්තටම ලෝක කුසලානයක්.
  • අපි අවසන් වතාවට එය ජයග්‍රහණය කළේ 1995 වසරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව දකුණු ආසියානු පාපන්දුවේ (SAAF) ඉහළින් ම සිටින ඉන්දියාව හා පහළින් ම සිටින පාකිස්තානය අතර බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ හෙට (5) පැවැත්වෙන තරගයෙන් 15 වැනි සාෆ් පාපන්දු ශූරතාවලිය (SAAF Championship) ආරම්භ වනවා. සත්කාරක බංග්ලාදේශය හා භූතානය අතර ගැටුම ආරම්භක දිනයට නියමිත අනෙක් තරගය යි.

ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික තරග පැවැත්වෙන්නේ භූතානය (නොවැම්බර් 8) හා බංග්ලාදේශය (නොවැම්බර් 11) ට එරෙහිව වන අතර එම තරග දෙක ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වනවා.

“ශ්‍රී ලංකාවට මෙය ලෝක කුසලානයක්” - ශ්‍රී ලංකා නායකයා

“ලංකාව වගේ රටකට දකුණු ආසියානු කුසලානය කියන්නේ ඇත්තටම ලෝක කුසලානයක්. අපි අවසන් වතාවට එය ජයග්‍රහණය කළේ 1995 වසරේ. අපි කණ්ඩායමක් විදියට පහුගිය කාලයේ මේකට හොඳින් සූදානම් වුණා. මෙය රටටත් අපටත් හැමෝටමත් වැදගත් තරගාවලියක්” යනුවෙන් සුජාන් පෙරේරා පවසනවා.
 
ශ්‍රී ලංකා සංචිතය
සුජාන් පෙරේරා, කවීශ් ප්‍රනාන්දු, මොහමඩ් මුර්සිත්, මොහමඩ් හස්මීර්, මුහම්මදු මුන්සිෆ්, චලන චමීර, ජූඩ් සුපුන්, ජේසන් තයාපරන්, ජෙරම් පරේරා, විලියම් තොමාසන්, අනුජාන් රජේන්ද්‍රම්, ක්ලෝඩියෝ කමර්ක්නෙක්ට්, භාරත් සුරේෂ්, ස්ටීවන් සාකයරාඩ්ජි, ලියොන් පෙරේරා, අධවාන් රාජාමෝහන්, ගැරට් කෙලී,  නිලෝෂන් සෙන්තුර්වාසන්, ඔලිවර් කෙලාට්, ඩිලන් ද සිල්වා, සැමුවල් ඩුරාන්ට්, වසීම් රසීක්, වේඩ් ඩෙකර්, රාහුල් සුරේෂ්, මුතුක්කුමරු රෙමියාන්, අයිමාන් සවාහිර්, රෙගිස් කැනිස්ටන්, අමාන් ෆිසාර්.
 - ප්‍රධාන පුහුණුකරු - අබ්දුල්ලා අල්මුටයිරි

කණ්ඩායම් හයේ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්

මෙවර තරගාවලියට සහභාගි වන රටවල් හයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින්නේ සාෆ් කුසලාන වර්තමාන ශූරයින් වන ඉන්දියාව යි.

ඉන්දියාව - 138
නේපාලය - 178
බංග්ලාදේශය - 182
ශ්‍රී ලංකාව - 184
භූතානය - 192
පාකිස්තානය - 197

කණ්ඩායම් හය මෙවර තරගාවලියේ පෙළගැසී සිටින අයුරු
‘ඒ’ කොටස - ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය
‘බී’ කොටස - ඉන්දියාව, පාකිස්තානය, මාල දිවයින්

තරග සටහන (ශ්‍රී ලංකා වේලාවෙන්)

නොවැම්බර් 5 - ඉන්දියාව හා පාකිස්තානය (පස්වරු 3.00)
නොවැම්බර් 5 - බංග්ලාදේශය හා භූතානය (පස්වරු 7.30)
නොවැම්බර් 8 - මාල දිවයින් හා පාකිස්තානය (පස්වරු 3.00)
*නොවැම්බර් 8 - ශ්‍රී ලංකාව හා භූතානය (පස්වරු 7.30)
නොවැම්බර් 11 - ඉන්දියාව හා මාල දිවයින් (පස්වරු 3.00)
*නොවැම්බර් 11 - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය (පස්වරු 7.30)
නොවැම්බර් 14 – ‘බී’ කොටසේ ශූරයන් හා ‘ඒ’ කොටසේ අනුශූරයන් (පස්වරු 3.00)
නොවැම්බර් 14 – ‘ඒ’ කොටසේ ශූරයන් හා ‘බී’ කොටසේ අනුශූරයන් (පස්වරු 8.00)
නොවැම්බර් 17 - අවසාන තරගය (පස්වරු 7.30)

  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...