The Leader News
BREAKING
අකුණක් වැදීමෙන් 15 හැවිරිදි ගොල්ෆ් ක්‍රීඩිකාව මිය යයි!●Diginote : භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය බිඳවැටෙයි: 26.8%ක හිඟයක්●නන්දා-රෝහණ-අනුර සුසංයෝගයෙන් ගාඩි සංස්කෘතියේ නිදහස් හඬ: 'වෙණ වයා'●සාහිත්‍ය විචාරය යනු කුමක්ද?●රාමායන සිනමා දැවැන්තයා ඉන්දියාවේ මෘදු බලය පැතිරවීමක් ද?●දේශගුණ අර්බුදය ලොව ප්‍රකට උදෑසන කෑම මේසයත් සොලවයි●‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි●අකුරු නොදත් අප්‍රිකානු මිත්තණියන් සූර්ය ඉංජිනේරුවන් වූ අපූරුව●හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ●සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට●
Top Ad
ක්‍රීඩා

අකුණක් වැදීමෙන් 15 හැවිරිදි ගොල්ෆ් ක්‍රීඩිකාව මිය යයි!

Awara

Awara

November 5, 2026 • 3:18 PM

අකුණක් වැදීමෙන් 15 හැවිරිදි ගොල්ෆ් ක්‍රීඩිකාව මිය යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ ගොල්ෆ් තරගාවලියක ක්‍රීඩා කරමින් සිටියදී අකුණක් වැදීමෙන් 15 හැවිරිදි ක්‍රීඩිකාවක් මිය ගොස් තිබෙනවා.
  • මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ තායිලන්තයේ අයියාවාරින් ප්‍රාඩප්යාට් (Aeyavarin Pradubyart) නමැති නව යොවුන් වියැත්තියක්.
  • අහස ඉරාගෙන පැමිණ තණනිල්ලේ පතිත වුණු අකුණු කිහිපයකින් එකක් මේ නැගී එන ක්‍රීඩිකාවගේ 31 හැවිරිදි ආවතේවකාරියටත් (කැඩී) වැදී තිබෙනවා.
  • බැංකොක් නගරයට නැගෙනහිර දිසාවෙන් පිහිටි චාචන්සාඔ් පළාතේ ලෝටස් වැලී ගොල්ෆ් නිවාඩු නිකේතනයේ පැවති තරගාවලියේ ඉරිදා සවස ක්‍රීඩාව අහෝසි කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වහාම සමාජ නිවහනට (ක්ලබ් හවුස්) නැවත පැමිණෙන ලෙසට නිලධාරීන් නියෝග කළේ අධික වර්ෂාව පතිත වීමත් සමගයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තායිලන්තයේ ගොල්ෆ් තරගාවලියක ක්‍රීඩා කරමින් සිටියදී අකුණක් වැදීමෙන් 15 හැවිරිදි ක්‍රීඩිකාවක් මිය ගොස් තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ තායිලන්තයේ අයියාවාරින් ප්‍රාඩප්යාට් (Aeyavarin Pradubyart) නමැති නව යොවුන් වියැත්තියක්.

අහස ඉරාගෙන පැමිණ තණනිල්ලේ පතිත වුණු අකුණු කිහිපයකින් එකක් මේ නැගී එන ක්‍රීඩිකාවගේ 31 හැවිරිදි ආවතේවකාරියටත් (කැඩී) වැදී තිබෙනවා.

බැංකොක් නගරයට නැගෙනහිර දිසාවෙන් පිහිටි චාචන්සාඔ් පළාතේ ලෝටස් වැලී ගොල්ෆ් නිවාඩු නිකේතනයේ පැවති තරගාවලියේ ඉරිදා සවස ක්‍රීඩාව අහෝසි කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වහාම සමාජ නිවහනට (ක්ලබ් හවුස්) නැවත පැමිණෙන ලෙසට නිලධාරීන් නියෝග කළේ අධික වර්ෂාව පතිත වීමත් සමගයි.

නමුත් අයියාවාරින් සහ ඇයගේ කැඩීවරිය වන සායිතාන් බූන්කර්ඩ් ක්ලබ් හවුසියට යළි පැමිණි පිරිසේ නොසිටි අතර පසුව ඒ දෙදෙන ගොල්ෆ් පිටියේ සිහිනැතිව ඇද වැටී සිටියදී සොයාගෙන තිබෙනවා.

බරපතල තත්ත්වයේ සිටි දෙදෙනා ට එතැනදී ම පණගැන්වීමේ ප්‍රතිකාර ලබා දී වහාම රෝහලට ගෙන ගියා.

ක්‍රීඩිකාවගේ හිසේ සිට අත් හා කකුල් දක්වා බරපතල ලෙස පිළිස්සී තිබුණු බව දේශීය වාර්තා සඳහන් කරනවා. වැඩි දුර ප්‍රතිකාර ලබා දීම පිණිස ඇය වෙනත් ප්‍රධාන රෝහලකට මාරු කර යැවුණ ද ඇගේ තත්ත්වය වේගයෙන් පිරිහෙමින් සඳුදා උදෑසන ඇය මිය ගියා.

කන් බිහිරි කරන අකුණු හඬක් සහ අධික වර්ෂාව විසින් අවසානයේදී තරග අහෝසි කරන තෙක් තරගාවලිය නතර කිරීමට අසමත් වූ නිලධාරීන් තරුණ ක්‍රීඩිකාවන්ට දිගටම ක්‍රීඩා කරන ලෙසට නියෝග කළ බව අයියාවාරින්ගේ මව කියා තිබෙනවා.

2026 කණිෂ්ඨ ආසියානු තරගමාලාවේ පළමු අදියරේ බාලිකා ‘බී’ පන්තියේ ඉසව්ව ඇතුළු තරගාවලියන් ගණනාවක සම්මාන දිනා ගෙන සිටි මේ ළාබාල ක්‍රීඩිකාව තායි ගොල්ෆ් ක්‍රීඩාවේ නැගී එන තාරකාවක් ලෙසින් පිළිගැනීමට ලක්ව සිටියා.

තුවාල ලැබූ ඇයගේ කැඩීවරිය දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ රැඳී සිටින අතර ඇයගේ තුවාලවල තත්ත්වය පිළිබඳව තවමත් පැහැදිලි නැහැ.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...