The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
ක්‍රීඩා

සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි

CSK

CSK

November 8, 2026 • 10:21 PM

සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා භූතානය අතර තියුණු මුහුණුවරකින් අද පැවති සාෆ් කුසලාන පාපන්දු තරගය දෙපිලෙන් ම ගෝල දෙක බැගින් වාර්තා වෙමින් ජය පැරදුමින් තොරව අවසන් වුණා.
  • බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 2-1කින් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
  • තරගයේ 34 වැනි මිනිත්තුවේදී ඩවා ෂෙරිං භූතානය වෙනුවෙන් පළමු ගෝලය සටහන් කළ ද ඊට මිනිත්තුවකට පසුව කෙලාට් ගෝලයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සම තත්ත්වයට ගෙන ආවා.
  • තරගය යළි ආරම්භ වීමෙන් පසුව දෙපිළ ම කරට කර තරග වැදුනු අතර 31 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගෙන 2-2 සම තත්ත්වයට පිවිසීමට භූතානය සමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව හා භූතානය අතර තියුණු මුහුණුවරකින් අද පැවති සාෆ් කුසලාන පාපන්දු තරගය දෙපිලෙන් ම ගෝල දෙක බැගින් වාර්තා වෙමින් ජය පැරදුමින් තොරව අවසන් වුණා.

බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු භාගය අවසන් වන විට ගෝල 2-1කින් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔලිවර් ජේම්ස් කෙලාට් සහ අහමඩ් වසීම් රසීක් එම ගෝල ලබා ගෙන තිබුණා.

තරගයේ 34 වැනි මිනිත්තුවේදී ඩවා ෂෙරිං භූතානය වෙනුවෙන් පළමු ගෝලය සටහන් කළ ද ඊට මිනිත්තුවකට පසුව කෙලාට් ගෝලයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සම තත්ත්වයට ගෙන ආවා. 43 වැනි මිනිත්තුවේදී රසීක් ලබා ගත් ගෝලයෙන් ශ්‍රී ලංකාව තරගයේ විවේක කාලය එළඹෙන විට පෙරමුණ ගෙන සිටියා.

තරගය යළි ආරම්භ වීමෙන් පසුව දෙපිළ ම කරට කර තරග වැදුනු අතර 31 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගෙන 2-2 සම තත්ත්වයට පිවිසීමට භූතානය සමත් වුණා. සමස්ත තරගයේ 76 වැනි මිනිත්තුවේදී ඒ තීරණාත්මක ගෝලය ලබා ගත්තේ චෙන්කෝ ගියල් ෂෙන්.

මේ තරගයේදී භූතාන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් පෙන්වනු ලැබුවා.

SLF (2)
SLF (4)SLF (3)
SLF (5)
SLF (1)

පාකිස්තානය 3 - මාල දිවයින් 0

මේ අතර අද පැවති පළමු තරගයේදී පාකිස්තානය ගෝල 3-0කින් මාල දිවයින් කණ්ඩායම පරාජය කළා. නජීබුල්ලා බෙටානි ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුණා.

මේ තරගයේ පළමු භාගයේදී පමණක් ගෝල වාර්තා වීම විශේෂත්වයක්.

පාකිස්තානය ඔවුන්ගේ පළමු ගෝලය තරගයේ සිවු වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ මැක්කීල් අරූන් අබ්දුල්ලා නිවැරදිව එල්ල කළ පෙනල්ටිය මාර්ගයෙන්. අනතුරුව බෙටානි 9 හා 24 වැනි මිනිත්තුවලදී ගෝල ලබා ගත්තා.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය බංග්ලාදේශය ට එරෙහිව නොවැම්බර් 11 වැනිදා පැවැත්වෙනවා.

-වර්නන් ගුණසේකර
ක්‍රීඩා සංස්කරක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...