The Leader News
BREAKING
නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව●සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!●බහුපාර්ශ්විකවාදයෙන් ඔබ්බට ගෝලීය බලයේ නව නීති සහ ඉන්දියාවේ අභියෝග | මිලින්ද මොරගොඩ●‘කස්තුරි සුවඳ’ පිටුපස සැඟවුණ දුගඳ කතාවක්●අතීතයේ අපේ වගකීම පක්ෂය වුණාට දැන් අපේ වගකීම රටේ ජනතාවයි - ජනාධිපති අනුර කුමාර දිසානායක●70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය●බෙහෙත් කර්මාන්තශාලා හැදුවට ඩොලර් ඉතිරි වෙයිද? සැබෑ ආර්ථික කතාව මෙන්න●ආයෝජකයින් දිනාගැනීමට නම් 'නම' වෙනුවට 'ක්‍රමය' වෙනස් විය යුතුයි●ශ්‍රී ලාංකිකයන් පිරිසක් කැනඩා සිහිනයෙන් රැවටූ ජාවාරම්කරුවෙකු ඉන්දියාවේදී කොටුවෙයි●අයවැයෙන් වෙන් කළ ට්‍රිලියන 2 ජනතාව අතට යාවිද?●
Top Ad
ක්‍රීඩා

සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!

Nethmini

Nethmini

November 14, 2026 • 1:49 PM

සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ඩකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන 2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ ඉදිරි තරග සඳහා VAR (Video Assistant Referee) ක්‍රමවේදය භාවිතා කිරීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAAF) තීරණය කර තිබෙනවා.
  • මේ යටතේ තරගයේ සජීවී දර්ශන තායිලන්තයේ පිහිටි මධ්‍යගත VAR මෙහෙයුම් මධ්‍යස්ථානයකට සම්ප්‍රේෂණය කෙරෙන අතර එහිදී සහතික ලත් වීඩියෝ තරග නිලධාරීන් ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින්ගේ ‘ඔ්ෆ් සයිඩ්’ ක්‍රීඩාව ඇතුළු සිදුවීම් පුනරීක්ෂණය කරමින් තරග පිටියේ සිටින විනිසුරුවන්ට තීරණ ගැනීම සඳහා සහාය වනවා.
  • VAR කණ්ඩායම ඔවුන්ගේ තීරණ සහ නිර්දේශයන් ඩකා හි සිටින නිලධාරීන් වෙත කෙළින්ම සන්නිවේදනය කිරීමට නියමිතයි.
  • මේ දුරස්ථ VAR ක්‍රමවේදය සියලුම ආසියානු ශූරතාවලියන්ට යොදා ගෙන තිබෙන බැවින් සාෆ් තරග වෙනුවෙන් ද එය භාවිතා කිරීම පිණිස SAAF සංවිධායකයින් ආසියානු පාපන්දු සම්මේලනය (AFF) සමග සහයෝගීව ක්‍රියා කරන බවට වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බංග්ලාදේශයේ ඩකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන 2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ ඉදිරි තරග සඳහා VAR (Video Assistant Referee) ක්‍රමවේදය භාවිතා කිරීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAAF) තීරණය කර තිබෙනවා. සාෆ් කුසලානයට මේ ක්‍රමවේදය යොදා ගන්නේ ප්‍රථම වතාවටයි.

සාෆ් පාපන්දුවේ තරග විනිශ්චයේ තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම පිණිස යොදා ගැනෙන මේ ක්‍රමවේදය අද ඉන්දියාව හා භූතානය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රථම වතාවට භාවිතාවට ගැනෙන අතර ඉන්පසුව රාත්‍රියේ ක්‍රීඩා කෙරෙන බංග්ලාදේශය හා පාකිස්තානය අතර දෙවැනි අවසන් පූර්ව තරගය වෙනුවෙනුත්, නොවැම්බර් 17 වැනිදා පැවැත්වෙන අවසාන තරගය සඳහාත් VAR ක්‍රමවේදය පාවිච්චි කිරීමට සාෆ් සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.


කෙසේ වෙතත්, මේ තරග සඳහා යොදා ගැනෙන්නේ VAR තාක්ෂණයේ දුරස්ථ ක්‍රමවේදයක්. මේ යටතේ තරගයේ සජීවී දර්ශන තායිලන්තයේ පිහිටි මධ්‍යගත VAR මෙහෙයුම් මධ්‍යස්ථානයකට සම්ප්‍රේෂණය කෙරෙන අතර එහිදී සහතික ලත් වීඩියෝ තරග නිලධාරීන් ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින්ගේ ‘ඔ්ෆ් සයිඩ්’ ක්‍රීඩාව ඇතුළු සිදුවීම් පුනරීක්ෂණය කරමින් තරග පිටියේ සිටින විනිසුරුවන්ට තීරණ ගැනීම සඳහා සහාය වනවා.



VAR කණ්ඩායම ඔවුන්ගේ තීරණ සහ නිර්දේශයන් ඩකා හි සිටින නිලධාරීන් වෙත කෙළින්ම සන්නිවේදනය කිරීමට නියමිතයි.

මේ දුරස්ථ VAR ක්‍රමවේදය සියලුම ආසියානු ශූරතාවලියන්ට යොදා ගෙන තිබෙන බැවින් සාෆ් තරග වෙනුවෙන් ද එය භාවිතා කිරීම පිණිස SAAF සංවිධායකයින් ආසියානු පාපන්දු සම්මේලනය (AFF) සමග සහයෝගීව ක්‍රියා කරන බවට වාර්තා වනවා.

මේ සඳහා වන උපකරණ තායිලන්තයෙන් ගෙන්වා ගැනීමට හැකියාව තිබුණ ද, ඒ සඳහා යන අධික වියදම සැලකිල්ලට ගනිමින් දුරස්ථ ක්‍රමවේදය පාවිච්චි කිරීමට සාෆ් සංවිධායකයින් තීරණය කර තිබෙනවා. මේ පද්ධතිය භාවිතා කිරීමේදී එක් තරගයක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 800 – 900 මුදලක් වැය වන බව සංවිධායකයින් පවසනවා.

බැංකොක් නුවරින් තීරණ ලබා ගැනීමේදී ප්‍රමාදයක් නොවනු ඇතැයි සංවිධායකයින් විශ්වාස කරනවා.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...