The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට්, බිලියන 6 ක ආදායම් වාර්තාවක් තබයි

T

The Leader Desk

February 24, 2023 • 5:09 AM

ශ්‍රී ලංකා ක්‍රිකට්, බිලියන 6 ක ආදායම් වාර්තාවක් තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ඇත. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.
  •  දේශීය තරඟ සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ඇති මුදල රුපියල් බිලියන 2.27 කි.
  • උපයාගත් ආදායමෙන් රුපියල් බිලියන 1.2 ක් සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
  • මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට නව ව්‍යවස්ථාවක් සැකසීමට දස දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංවිධාන කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4.2 ක ආදායමක් උපයා ඇත.  දේශීය තරඟ සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ඇති මුදල රුපියල් බිලියන 2.27 කි.

උපයාගත් ආදායමෙන් රුපියල් බිලියන 1.2 ක් සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

CCC01CCC02


ක්‍රිකට් ව්‍යවස්ථාව අලුත් කරන්න විද්වත් කමිටුවක් !


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට නව ව්‍යවස්ථාවක් සැකසීමට දස දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එම පත්කිරීම සිදුකර තිබේ.

විනිසුරු කේ. ටී. චිත්‍රසිරි එහි සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර වශයෙන් සෙසු ක්‍රිකට් ආයතනවල ව්‍යවස්ථා අධ්‍යයනය කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා විශේෂඥ මණ්ඩලයේ උපදෙස් පරිදි නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

sL 01

sL 02


 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...