The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇමරිකාව පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක ජයක් - (වීඩියෝ)

T

The Leader Desk

January 15, 2023 • 7:01 PM

ඇමරිකාව පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක ජයක් - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම
  • ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC)  විසින් පළමුවෙන් වරට සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය මේ දිනවල දකුණු අප්‍රිකාවෙදි පැවැත්වේ.
  • මේ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම අතුළුව කණ්ඩායම් 16ක් තරග වදිති.
  • ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම තරඟාවලියේ A කාණ්ඩය නියෝජනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඇමරිකානු එක්සත් ජනපද කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්හ.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC)  විසින් පළමුවෙන් වරට සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය මේ දිනවල දකුණු අප්‍රිකාවෙදි පැවැත්වේ. මේ තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම අතුළුව කණ්ඩායම් 16ක් තරග වදිති.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම තරඟාවලියේ A කාණ්ඩය නියෝජනය කරයි.

dfstwet

දකුණු අප්‍රිකාවේ බෙනෝනි නුවරදී සෙනසුරාදා (14 වැනිදා) පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇමරිකානු කණ්ඩායමට නියමිත ඕවර 20 නිමාවේදී රැස්කරගත හැකිවූයේ කඩුලු 9 ත් දැවී ලකුණු 96 ක් පමණි.

පහසු ඉලක්කයක් වූවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 46 කට බිඳ වැටිණ. එහෙත් නායිකා විශ්මි ගුණරත්න (නොදැවී 34) සහ මනුදි නානායක්කාර (නොදැවී 32) එක්ව ගොඩනැංවූ ලකුණු 54 ක් අඛණ්ඩ සම්බන්ධතාව නිසා තරගයේ ඕවරයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය අත්පත් කරගත්හ.

පන්දු 40 කට මුහුණ දුන් විශ්මි ගුණරත්නගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය. පන්දු 31 කින් නොදැවී ලකුණු 32 ක් ලබාගත් මනුදිගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහරකින් සමන්විත විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දෙවැනි තරගය, බංග්ලාදේශ යොවුන් කාන්තා පිලට එරෙහිව, හෙට (16 වැනිදා)  ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වෙයි.

dfsdf


ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 20 කදී කඩුලු 9 ට 96 යි
(දිල්ෂා දින්ග්‍රාරා 18, රිතූ ප්‍රියා සිං 22, ගීතිකා කෝඩාලි 11,දෙව්මි විජේරත්න 11/3, විදූෂිකා පෙරේරා 15/2)

ශ්‍රී ලංකාව - ඕවර 19 කදී කඩුලු 3 ට 100 යි
(සුමුදු නිසංසලා 14, දෙව්මි විජේරත්න 10, විශ්මි ගුණරත්න නොදැවී 34, මනුදි නානායක්කාර නොදැවී 32, භූමිකා භදි්‍රරාජ් 17/2)



එම තරඟය ගැන  Sports with Himashi ගෙන එන විස්තර විචාරයක්

 

 
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...