BREAKING
විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●
Top Ad
ක්‍රීඩා

මීටර් 89.04ක් දුරට හෙල්ල විසි කරමින් රුමේෂ් පතිරගේ ඩයමන්ඩ් ලීග් කිරුළ දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

T

The Leader Desk

September 6, 2026 • 5:01 PM

මීටර් 89.04ක් දුරට හෙල්ල විසි කරමින් රුමේෂ් පතිරගේ ඩයමන්ඩ් ලීග් කිරුළ දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලිම්පික් හා ලෝක ශූරයන් අභිබවා බ්‍රසල්ස් අහස ජයගත් 23 හැවිරිදි රුමේෂ්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වංශකතාවේ අලුත් පිටුවක් පෙරළයි.
  • ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ මීටර් 89.04ක හොඳම දක්ෂතාවක් වාර්තා කරමින් ඩයමන්ඩ් ලීග් කිරුළ හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වුණා.
  • “ශ්‍රී ලංකාව වැනි කුඩා රටකින් ඇවිත් මෙවැනි ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමට හැකි වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා” යනුවෙන් 23 හැවිරිදි පතිරගේ ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.
  • මෙය ශ්‍රී ලංකා සුපිරි තරුවට විස්මය ජනක ක්‍රීඩා වාරයක් වූ අතර ඔහු 2026 වසරේ සහභාගි වූ සෑම ප්‍රධාන තරගාවලියක් ම ජය ගෙන තිබීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


මීටර් 90 සීමාව දෙවරක් පසුකරමින් පැමිණි අපරාජිත තරග වාරය, ඩයමන්ඩ් ලීග් රන් කිරුළෙන් වර්ණවත් වෙයි.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ මීටර් 89.04ක හොඳම දක්ෂතාවක් වාර්තා කරමින් ඩයමන්ඩ් ලීග් කිරුළ හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වුණා.

“ශ්‍රී ලංකාව වැනි කුඩා රටකින් ඇවිත් මෙවැනි ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමට හැකි වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා” යනුවෙන් 23 හැවිරිදි පතිරගේ ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් අවසාන මහා තරගයේදී ලබා ගත් මේ ජයග්‍රහණයත් සමග පතිරගේ මෙවර තරග වාරය අවසන් කරන්නේ එහි මුදුනේ ම සිටිමින්. මෙය ශ්‍රී ලංකා සුපිරි තරුවට විස්මය ජනක ක්‍රීඩා වාරයක් වූ අතර ඔහු 2026 වසරේ සහභාගි වූ සෑම ප්‍රධාන තරගාවලියක් ම ජය ගෙන තිබීම විශේෂත්වයක්.  

බ්‍රසල්ස් නුවරදී සෙනසුරාදා සන්ධ්‍යාවේ පතිරගේ ඩයමන්ඩ් ලීග් අවසාන තරගය ජය ගත්තේ මීටර් 89.04ක දැවැන්ත දුරකට හෙල්ල විසි කරමින්. මේ දක්ෂතාවයේදී ඔහු 2025 ලෝක ශූර කෙශෝන් වෝල්කොට් සහ 2024 ඩයමන්ඩ් ලීග් අවසාන තරගයේ ශූරයා වූ ඇන්ඩර්සන් පීටර්ස් පරාජය කිරීමට සමත් වුණා.

පතිරගේ ඔහුගේ හොඳම උත්සාහය වූ මීටර් 89.04 සටහන් කළේ තෙවැනි උත්සාහයේදී. ඒ සමග ඔහු තරගයේ කලින් වාර්තා වී තිබූ හොඳම උත්සාහය වූ පෝලන්තයේ ඩාවිඩ් වෙග්නර්ගේ මීටර් 87.47 අභිභවා ගියා. හිටපු ඔලිම්පික් ශූර ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ දේශයේ කෙශෝන් වෝල්කොට් මීටර් 83.99ක් සටහන් කරමින් තෙවැනි ස්ථානය හිමි කරගත් අතර දෙවරක් ලෝක ශූරයා වූ ග්‍රෙනාඩා කැරිබියන් දේශයේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 83.70ක දුරක විසිකිරීමකින් සිවු වැනි ස්ථානයට පත්වුණා.

අවසන් තරගයේ හපන්කම්

ඩයමන්ඩ් ලීග් අවසාන තරගයේදී පතිරගේ ඊයේ ඔහුගේ මෙහෙයුම ආරම්භ කළේ මීටර් 80.42ක් දුරට හෙල්ල විසි කරමින්. අනතුරුව ඔහු එය අනුගමනය කළේ දෙවැනි උත්සාහයේදී මීටර් 79.73ක් සටහන් කරමින්. වෝල්කොට් මීටර් 83.99ක විසිකිරීමකින් කලින් ම පෙරමුණ ගත් අතර ඉන්පසුව වෙග්නර් තෙවැනි උත්සාහයේදී මීටර් 87.47ක් වාර්තා කළා.

රුමේෂ් පතිරගේ තරගයේ පාලනය ඔහුගේ අතට ගනිමින් තෙවැනි උත්සාහයේදී මීටර් 89.04ක් දුරට හෙල්ල විසි කර එතැන් සිට ඔහුගේ පෙරමුණ එලෙසම පවත්වා ගෙන ගියා. පතිරගේ ඔහුගේ ඊළඟ උත්සාහයන් දෙකේදී මීටර් 85.96ක් සහ මීටර් 85.76ක් සටහන් කළ ද අවසාන උත්සාහය නීති විරෝධී වුණා. එහෙත් එයින් කිසිම හානියන් සිදු නොවූණේ ඒ වන විටත් ඔහු ඔහුගේ ජයග්‍රහණය තහවුරු කර තිබූ බැවින්.

“ඇත්තෙන්ම, මට අද ලොකු විසිකිරීමක් කරන්න බැරිවුණා. මොකද, දේශගුණික තත්ත්වය ගොඩක් අමාරුයි. එය හරිම සීතලයි. ඒ නිසයි මට ලෙකු දුරකට යන්න බැරිවුණේ” යනුවෙන් පතිරගේ විස්තර කළා.

කෙන්යාවේ හිටපු ලෝක ශූරයා වන ජූලියස් යෙගෝ මීටර් 76.79ක් සමග පස්වැනි ස්ථානයට පිවිසි අතර බෙල්ජියමේ ටිමොත් හර්මන් (මීටර් 71.79) හා අමෙරිකාවේ කර්ටිස් තොම්සල් (මීටර් 69.52) අවසාන ස්ථාන දෙකට පත්වුණා.


විස්මය ජනක තරග වාරයකට විශිෂ්ට අවසානයක්

පතිරගේ මේ තරගාවලියට පැමිණියේ මෙවර ක්‍රීඩා වාරයේ ඒ වන විටත් ඇදහිය නොහැකිව තිබූ පසුබිමක් යටතේයි. මේ ක්‍රීඩා වාරය තුළ ඔහු නිරන්තරයෙන් මීටර් 90 සලකුණ වටා හෙල්ල විසිකර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවමින් ඔහුගේ ලොකුම විසිකිරීම වන මීටර් 92.62 සටහන් කළේ ජූනි මාසයේ පැවති රෝම ඩයමන්ඩ් ලීග‌යේ.

ඩෝහා හිදී ද මීටර් 88.68ක් වාර්තා කළ පතිරගේ Lausanne හිදී ජයග්‍රහණය කළේ මීටර් 88.14ක් වාර්තා කරමින්. ඉක්බිති මේ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූරයා සූරිච් හිදී මීටර් 92.07ක යෝධ උත්සාහයක් සනිටුහන් කළා. මෑතකදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද රන් පදක්කමක් දිනා ගැනීමට ඔහු සමත් වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...