The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී

විදෙස් කණ්ඩායම් රැසක් තරග වදින ආසියානු රග්බි සෙවන්ස් අවසන් අදියර ඔක්තෝබර් 17-18 කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

Pasan

Pasan

October 9, 2026 • 7:51 PM

ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියට දින දෙකක ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට උදා කරමින් ආසියානු රග්බි සෙවන්ස් එමිරේට්ස් තරගමාලාවේ (Asia Rugby Emirates Sevens Series) දෙවැනි අදියර ඔක්තෝබර් 17 හා 18 දිනවල කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙනවා.
  • තරගමාලාවේ ශූරයින් කොළඹදී තීරණය කෙරෙන තරගාවලියට රටවල් හා ජාතික රග්බි සංගම් 13ක් නියෝජනය කරමින් පිරිමි හා කාන්තා කණ්ඩායම් 12 බැගින් කණ්ඩායම් 24ක් සහභාගි වනවා.
  • පළමු අදියරේ පෙරමුණ ගත් රටවල් හොංකොං චීන පිරිමි කණ්ඩායම හා ජපානයේ කාන්තා කණ්ඩායම කොළඹට පැමිණෙන්නේ චීනයේ සූසෝ (Suzhou) නගරයේ පැවති මේ තරගමාලාවේ පළමු අදියරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ලෙසයි.
  • එහි පිරිමි අවසාන මහා තරගයේදී හොංකොං චීනය 19-7කින් ජපානය පැරදවූ අතර කාන්තා අවසාන ගැටුමේදී ජපානය 24-7කින් චීනය අභිභවා ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියට

දින දෙකක ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට උදා කරමින් ආසියානු රග්බි සෙවන්ස් එමිරේට්ස් තරගමාලාවේ (Asia Rugby Emirates Sevens Series) දෙවැනි අදියර ඔක්තෝබර් 17 හා 18 දිනවල කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙනවා. මේ වසරේ තරගමාලාවේ දෙවැනි හා අවසාන වටය වන මෙයට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන්නේ අඛණ්ඩව දෙවැනි වසරටයි.

2026 තරගමාලාවේ ශූරයින් කොළඹදී තීරණය කෙරෙන තරගාවලියට රටවල් හා ජාතික රග්බි සංගම් 13ක් නියෝජනය කරමින් පිරිමි හා කාන්තා කණ්ඩායම් 12 බැගින් කණ්ඩායම් 24ක් සහභාගි වනවා.


තරග වදින රටවල් සහ කණ්ඩායම්

පිරිමි තරගාවලියට චීනය, හොංකොං චීනය, ඉන්දියාව, ජපානය, කසකස්තානය, දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා උස්බෙකිස්තානය සහභාගි වීමට නියමිතයි.

මේ කණ්ඩායම් අතරින් දකුණු කොරියාව කාන්තා තරගාවලියට සහභාගි නොවන අතර ඉරාන ක්‍රීඩිකාවන් ආසියානු රග්බි එමිරේට්ස් සෙවන්ස් කුසලාන තරගාවලිය හරහා උසස් වීමක් ලබමින් මේ තරගාවලියට ප්‍රථම වතාවට සහභාගි වනවා.


පළමු අදියරේ පෙරමුණ ගත් රටවල්

හොංකොං චීන පිරිමි කණ්ඩායම හා ජපානයේ කාන්තා කණ්ඩායම කොළඹට පැමිණෙන්නේ චීනයේ සූසෝ (Suzhou) නගරයේ පැවති මේ තරගමාලාවේ පළමු අදියරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ලෙසයි. එහි පිරිමි අවසාන මහා තරගයේදී හොංකොං චීනය 19-7කින් ජපානය පැරදවූ අතර කාන්තා අවසාන ගැටුමේදී ජපානය 24-7කින් චීනය අභිභවා ගියා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම්

සමස්ත පළමු අදියරේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට හිමිවුණේ 7 වැනි ස්ථානයයි. කාන්තා කණ්ඩායම කිසිම ජයග්‍රහණයක් ලබා නොගෙන 8 වැනි ස්ථානයට පත්වුණා.

පිරිමි මූලික වටයේදී ශ්‍රී ලංකාව 49-7කින් කසකස්තානය පරාජය කළ අතර දකුණු කොරියාවට 19-17කින් ද, චීනයට 26-19කින් ද පරාජය වුණා.

(සටහන | වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක

වර්නන් ගුණසේකර

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා වාර්තාකරු ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...