The Leader News
BREAKING
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●කාන්තා-ළමා සුරක්ෂිතතාවට මිලින්දගෙන් සාර්ක් යෝජනාවක්●සිදුකර ඇත්තේ අසම්පූර්ණ විමර්ශනයක් - බෙහෙත් නඩුවේ විත්තියේ නීතිඥවරුන්ගෙන් යෝජනා●නවි පිල්ලෙට පිල්ලියක්!●ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අලුත් බෙදීම●අලි–දුම්රිය ගැටුමට අධිකරණයෙන් ඓතිහාසික මැදිහත්වීමක්●
Top Ad
ක්‍රීඩා

පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!

පුහුණුකරු සමඟ ගැටී කඳවුරෙන් පිටව ගිය ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝට එරෙහිව පෘතුගාල පාපන්දු සම්මේලනයෙන් ක්ෂණික විනය පියවරක්

Pasan

Pasan

October 10, 2026 • 7:01 PM

පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම තුළ කැලඹිලිකාරි තත්ත්වයක් ඇති කරමින් පුහුණු කඳවුරෙන් පිටව ගිය ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝට පෘතුගාල පාපන්දු සම්මේලනය (FPF) තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.
  • ජාත්‍යන්තර තරග සමයේදී පෘතුගාල කණ්ඩායමේ පුහුණුකරු හෝහේ ජීසස් සමග ඇති කරගත් ආරවුලකින් පසුව 41 හැවිරිදි රොනාල්ඩෝ කණ්ඩායම් සගයන් අතරමං කිරීම හේතුවෙන් FPF නීතිවලින් ඉබේ සිදුවන තහනමක් ක්‍රියාත්මකව තිබෙනවා.
  • දඬුවම ලිහිල් වීමේ ඉඩකඩ රොනාල්ඩෝ ක්‍රීඩා ලෝලීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ කාරණය ඇතුළු දඬුවම ලිහිල් කිරීම සඳහා තිබෙන සියලු අවස්ථාවන් කෙරෙහි විනය කවුන්සලයේ සාමාජිකයින් සැලකිල්ල යොමු කරනු ඇතැයි පැවසෙනවා.
  • පෘතුගාල පාපන්දු සැකැස්මේ රොනාල්ඩෝට තිබෙන තත්ත්වයට අනුව දීර්ඝ කාලීන තහනමක් සිදු නොවනු ඇතැයි වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම තුළ කැලඹිලිකාරි තත්ත්වයක් ඇති කරමින් පුහුණු කඳවුරෙන් පිටව ගිය ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝට පෘතුගාල පාපන්දු සම්මේලනය (FPF) තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

ජාත්‍යන්තර තරග සමයේදී පෘතුගාල කණ්ඩායමේ පුහුණුකරු හෝහේ ජීසස් සමග ඇති කරගත් ආරවුලකින් පසුව 41 හැවිරිදි රොනාල්ඩෝ කණ්ඩායම් සගයන් අතරමං කිරීම හේතුවෙන් FPF නීතිවලින් ඉබේ සිදුවන තහනමක් ක්‍රියාත්මකව තිබෙනවා.


මාසයක සිට මාස හයක් දක්වා තහනමක්

මාසයක් හා මාස හයක් අතර වන මේ තහනමට අනුව රොනාල්ඩෝට පමුණුවන දඬුවමේ කාලය කොපමණද යන්න තීරණය කිරීම පිණිස FPF විනය කවුන්සලය දැන් මුණගැසීමට නියමිතව තිබෙනවා.

මාසයකට වඩා දීර්ඝ වන ඕනෑම තහනමකින් රොනාල්ඩෝට ඩෙන්මාර්කය හා වේල්සය සමග නොවැම්බරයට යෙදී තිබෙන පෘතුගාල කණ්ඩායමේ නේෂන්ස් ලීග් තරග දෙක මඟ හැරෙනවා.


දඬුවම ලිහිල් වීමේ ඉඩකඩ

රොනාල්ඩෝ ක්‍රීඩා ලෝලීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ කාරණය ඇතුළු දඬුවම ලිහිල් කිරීම සඳහා තිබෙන සියලු අවස්ථාවන් කෙරෙහි විනය කවුන්සලයේ සාමාජිකයින් සැලකිල්ල යොමු කරනු ඇතැයි පැවසෙනවා.

පෘතුගාල පාපන්දු සැකැස්මේ රොනාල්ඩෝට තිබෙන තත්ත්වයට අනුව දීර්ඝ කාලීන තහනමක් සිදු නොවනු ඇතැයි වාර්තා වනවා.


ආරවුල ඇවිළුණු හැටි

ජීසස් හා රොනාල්ඩෝ අතර ආරවුල පුපුරා ගියේ සැප්තැම්බර් 27 වැනිදා නෝර්වේ සමග පැවති තරගයේදී රොනාල්ඩෝ පාවිච්චි නොකළ ආදේශ ක්‍රීඩකයෙකු බවට පත්වීමෙන් පසුවයි.

ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාව තමා තවමත් අවසන් කර නැතැයි ගෝල් දහසක් ඉලක්ක කරගෙන සිටින රොනාල්ඩෝ පවසනවා. ඔහු මේ වන විට ඔහුගේ ජාත්‍යන්තර හා සමාජ පාපන්දු දිවියේ ගෝල් 980ක් වාර්තා කර තිබෙනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක

සබැඳි ලිපියක් :
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...