The Leader News
BREAKING
යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි  ●ඥානසාර හිමිගේ සිවුර: එජාප චෝදනාවට ඇමතිගෙන් නීතිමය පිළිතුරක්●මහජන මුදල් වියදම් පෞද්ගලික නෑ: දිනීගෙන් නඩු තීන්දු විග්‍රහයක්●අතුලසිරි සමරකෝන් ලියයි: ඥානසාර හිමි සිද්ධිය සහ ආණ්ඩුවේ දේශපාලන අභියෝගය●FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!●සොෆී කනිංගම් “ලස්සනයි නමුත් දුර්වලයි” : ට්‍රම්ප් ඉල්ලා අස්කරගත් කතාව!●ඥානසාර හිමිගේ නිදහස ඉල්ලූ සංඝරත්නය හමුවට ජනපති ලේකම් එයි●කච්චතිව් දූපතෙන් ඔබ්බට ගිය පෝක් සමුද්‍ර සන්ධියේ අර්බුදය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●ලී කැබැල්ලේ සිට ‘ස්මාර්ට් සෙන්සර්’ දක්වා: සුදු සැරයටියට පණ දෙන නවීන තාක්ෂණය●රුසියානු මිසයිල වැස්සෙන් කියෙව් අඳුරේ: ට්‍රම්ප්ගේ සාමයට අභියෝගයක්!●
Top Ad
ක්‍රීඩා

FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!

ශ්‍රී ලාංකේය කාන්තා පාපන්දු සංවර්ධනයේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් ප්‍රථම වතාවට කාන්තා ලීගයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) කටයුතු සංවිධානය කර තිබෙනවා.

Pasan

Pasan

October 15, 2026 • 8:00 PM

FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ පළමු හා දෙවැනි කොටස්වල ක්‍රීඩා කරන කාන්තා පාපන්දු සමාජ 10ක් සහභාගි වන මේ 2026/27 මංගල කාන්තා ලීගය ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
  • ව්‍යුහාත්මක කාන්තා ලීගයක වැදගත්කම 2026 අගොස්තු මාසයේ පැවති පළමු ජාත්‍යන්තර පාපන්දු සම්මේලන කාන්තා පාපන්දු උපායමාර්ග වැඩමුළුවේදී - FIFA Women’s Football Strategy Workshop - මතුකර දැක්වුණා.
  • සිවු වසරක කාන්තා පාපන්දු උපායමාර්ගයක් සකස් කිරීම පිණිස පාපන්දු ප්‍රධානීන් මේ වැඩමුළුව මගින් එක වේදිකාවකට ගෙන එනු ලැබූ අතර එහිදී කාන්තාවන්ගේ පාපන්දු ක්‍රීඩාවේ ඵලදායී වර්ධනයකට ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ වුණා.
  • මංගල කාන්තා ලීගයේ කණ්ඩායම් 10 මංගල කාන්තා ලීග් තරගාවලියේ පාපන්දු සමාජ මූලිකව කොටස් දෙකකින් සමන්විත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දිවයිනේ පළමු හා දෙවැනි කොටස්වල ක්‍රීඩා කරන කාන්තා පාපන්දු සමාජ 10ක් සහභාගි වන මේ 2026/27 මංගල කාන්තා ලීගය ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ජාතික මට්ටමට ඔසවා තැබීමේ පියවරක්

පාපන්දු ක්‍රීඩිකාවන්ට ක්‍රමානුකූල තරගකාරී අවස්ථාවන් ලබා දීම සහ ජාතික කණ්ඩායමට පිවිසීමේ ගමන් මඟ ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන FFSL සභාපති ජස්වර් උමාර්ගේ දැක්ම හා මඟ පෙන්වීම යටතේ මේ කාන්තා ලීගය ආරම්භ වන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සහයෝගය හා උපදේශකත්වයෙන්.

ව්‍යුහාත්මක කාන්තා ලීගයක වැදගත්කම 2026 අගොස්තු මාසයේ පැවති පළමු ජාත්‍යන්තර පාපන්දු සම්මේලන කාන්තා පාපන්දු උපායමාර්ග වැඩමුළුවේදී - FIFA Women’s Football Strategy Workshop - මතුකර දැක්වුණා. සිවු වසරක කාන්තා පාපන්දු උපායමාර්ගයක් සකස් කිරීම පිණිස පාපන්දු ප්‍රධානීන් මේ වැඩමුළුව මගින් එක වේදිකාවකට ගෙන එනු ලැබූ අතර එහිදී කාන්තාවන්ගේ පාපන්දු ක්‍රීඩාවේ ඵලදායී වර්ධනයකට ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ වුණා.

img-20261015-200036-mceclip4-eytCog.jpg

img-20261015-195827-mceclip1-g6D0Wr.jpg
මංගල කාන්තා ලීගයේ කණ්ඩායම් 10

මංගල කාන්තා ලීග් තරගාවලියේ පාපන්දු සමාජ මූලිකව කොටස් දෙකකින් සමන්විත වේ.

පළමු කොටස (Division 1)
සී හෝක්ස් පාපන්දු සමාජය,
ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය,
රිනෝන් කාන්තා ක්‍රීඩා සමාජය,
පොලිසිය ක්‍රීඩා සමාජය
බ්ලූ ඊගල්ස් ක්‍රීඩා සමාජය

දෙවැනි කොටස (Division 2)
රේමසීස් පාපන්දු සමාජය
ඒන්ජල් පාපන්දු සමාජය
ඉන්ස්පයර් පාපන්දු සමාජය
මිනුවන්ගොඩ ක්‍රීඩා සමාජය
යාපනය කාන්තා පාපන්දු සමාජය

තනි අදියරේ මූලික වටයකින් යුතුව සති පහක කාලයක් පැවැත්වෙන මෙම ලීගයෙන් කාන්තාවන්ගේ පාපන්දු සමාජවලට බලපත්‍ර නිකුත් කිරීම හා පාපන්දු පාස්පෝට් එකක් ද හඳුන්වා දෙනු ඇත්තේ වඩාත් ශක්තිමත් ක්‍රීඩා සමාජයීය තත්ත්වයන්ට හා ක්‍රීඩිකාවන්ගේ දියුණුව නිරික්සීමකට සහායක් ලබා දෙමින්.

img-20261015-195921-mceclip2-XlG5cs.jpg

img-20261015-195933-mceclip3-AHmnCi.jpg
කාන්තා පාපන්දුට කැපවුණු වසරක්

ප්‍රථම වරට පැවැත්වෙන කාන්තා ලීගය සඳහා නිල වශයෙන් කුසපත් ඇදීම හා ප්‍රාරම්භක රැස්වීම පාපන්දු නිවහනේ පැවති අවස්ථාවේදී අදහස් දැක්වූ FFSL සභාපතිවරයා, 2027 වසර පාපන්දු ක්‍රීඩාවේ මූලික පදනම සහ යොවුන් හා කාන්තා පාපන්දුව වෙනුවෙන් කැපවුණු වසරක් වනු ඇති බවට අවධාරණය කළේ, සමාරම්භක ලීගය මගින් කාන්තා පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ව්‍යුහාත්මක ප්‍රවේශයක ආරම්භය සලකුණු වන බව ප්‍රකාශ කරමින්.

ක්‍රීඩාවට බාලිකාවන්ගේ සහභාගිත්වයෙන් තිබෙන පුළුල් සමාජමය වටිනාකම ද අවධානයට ලක් කළ ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා, ඔවුන්ට ඔවුන්ගේ පවුල්වලට හා අනාගත පරම්පරාවන් වෙත රැගෙන යා හැකි ධනාත්මක බලපෑම ද මෙහිදී පෙන්වා දුන්නා.

මේ කැපවීමේ කොටසක් වශයෙන්, වයස අවුරුදු 12න් පහළ සිට අවුරුදු 18න් පහළ දක්වා බාලිකා තරගාවලියන් ලබන වසරේදී හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

- වර්නන් ගුණසේකර   

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...