BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
ක්‍රීඩා

FIFA තරගමාලාවෙන් ශ්‍රී ලාංකේය පාපන්දුව ගෝලීය වේදිකාවට

T

The Leader Desk

September 11, 2026 • 11:38 AM

FIFA තරගමාලාවෙන් ශ්‍රී ලාංකේය පාපන්දුව ගෝලීය වේදිකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර සම්මේලන තුනක රටවල් එක්වූ ඓතිහාසික තරගාවලියෙන් මෙරට පාපන්දුවේ යටිතල පහසුකම් සහ ගෝලීය අවස්ථා පුළුල් වෙයි.
  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් හඳුන්වා දුන් FIFA Series තරගමාලාවට ස්තූතිවන්ත වන්නට ශ්‍රී ලංකා පාපන්දුව වැදගත් පියවරක් ඉදිරියට තබා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් පවසනවා.
  • ශ්‍රී ලංකාව 2024 වසරේ මාර්තුවේ කොළඹදී මංගල FIFA තරගමාලාවට සත්කාරකත්වය දැක්වූයේ වෙනස් පාපන්දු සම්මේලන තුනක රටවල් හතරක් එක් කරමින්.
  • මෙය ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට වඩා ඔබ්බට ගිය කාර්යයක් බව FFSL පෙන්වා දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


FIFA Forward සහයෝගයෙන් කොළඹදී පැවති මංගල තරගාවලිය, නැගී එන රටවලට ලෝක වේදිකාව විවර කර දුන් හැටි පාපන්දු සභාපති හෙළි කරයි.



ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් හඳුන්වා දුන් FIFA Series තරගමාලාවට ස්තූතිවන්ත වන්නට ශ්‍රී ලංකා පාපන්දුව වැදගත් පියවරක් ඉදිරියට තබා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් පවසනවා.

ශ්‍රී ලංකාව 2024 වසරේ මාර්තුවේ කොළඹදී මංගල FIFA තරගමාලාවට සත්කාරකත්වය දැක්වූයේ වෙනස් පාපන්දු සම්මේලන තුනක රටවල් හතරක් එක් කරමින්. මෙය ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට වඩා ඔබ්බට ගිය කාර්යයක් බව FFSL පෙන්වා දෙනවා.

 

f 3
තුරඟ තරග පිටියේ පැවැත්වූ එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම භූතානය, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව හා පැපුවා නිව් ගිණියාව යන කණ්ඩායම් කොළඹදී සාදරයෙන් පිළිගත්තා. එම ක්‍රීඩාංගණය රටේ පාපන්දු සංවර්ධනය සඳහා FIFA ලබා දෙමින් සිටින සහයෝගයේ එක් ඉතාමත්ම පැහැදිලි උදාහරණයක් වී තිබුණා.

ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහා එම ක්‍රීඩාංගණය අලුත්වැඩියා කර සූදානම් කර තිබුණේ FIFA Forward වැඩසටහනේ සහායෙන්. මෙය FIFA හි සාමාජික රටවල් හරහා සිදු කරමින් පවතින යටිතල පහසුකම් හා ක්‍රීඩාංගණ ධාරිතාව ගොඩනැගීම සඳහා වන ව්‍යාපෘතියක්.

 

f 1
“මංගල FIFA තරගමාලාවට 2024 මාර්තු මාසයේ කොළඹදී සත්කාරකත්වය දැක්වීමේ කාර්යයේදී ජාත්‍යන්තර තරගාවලියක් ඉදිරිපත් කිරීමට වඩා එහා ගිය වැදගත්කමක් එහි තියෙනවා. ශ්‍රී ලංකාව ට එය වැදගත් වන්නේ එය අපේ පාපන්දුව ගෝලීය වේදිකාවට අයිති බව හා තමන්ගේ පාපන්දු ක්‍රීඩාවේ ශක්තිය තවමත් ගොඩනගමින් සිටින රටවල් තරග කිරීමට, ඉගෙන ගැනීමට හා සිහින මැවීම සඳහා තේරුමක් ඇති අවස්ථාවන් ලැබීමට සුදුසු බවට කරන ලද ප්‍රබල ප්‍රකාශනයක් ද වීම නිසායි” FFSL සභාපති ජස්වර් උමාර් පෙන්වා දෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...