The Leader News
BREAKING
ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●රුසියානු පර්යේෂිකාවගේ අභිරහස් මරණය: ලෝකයම තැතිගත් රහස●ප්‍රංශයේ සිසු විරෝධතා මැදට පැන සිසුන් රැකගත් නගර පාලකයා●ගමේ කඩේ ස්මාර්ට් කරන 'ව්‍යාපාර බලගන්වයි' වැඩසටහන●ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට●සතොස බිලියන ගණනින් ගිලගත් කළමනාකරණ අර්බුදය●හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)●පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ●මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?●87 හැවිරිදි වියපත් කාන්තාවගේ මරණයෙන් ස්පාඤ්ඤය පුරා දැවැන්ත ජනතා අරගලයක්●
Top Ad
ක්‍රීඩා

ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !

Awara

Awara

October 9, 2026 • 3:35 PM

ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් වසංගතයට එරෙහි එන්නත ලබා ගත් බව පෙන්වන හොරට සකස් කළ සහතිකයක් ඉදිරිපත් කළ ස්විට්සලන්ත පාපන්දු නායක ග්‍රැනිච් ජැකා (Granit Xhaka) ට ස්විස් ෆ්‍රෑන්ක්ස් 150,000ක (ඩොලර් 180,159) අත්හිටවූ දඩයක් නියම කර තිබෙනවා.
  • මේ දඩය ෆ්‍රෑන්ක්ස් 3,000ක දිනපතා දඬුවම් 50කින් සමන්විත වන අතර දෙවසරක පරිවාස කාලය තුළ ජැකා නැවත වැරැද්දක් සිදු නොකළහොත් එම දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.
  • තමා දැනටමත් උසාවි ගාස්තු ගෙවා ඇතැයි එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් වෘත්තීය පාපන්දු සමාජයීය කණ්ඩායමට නායකත්වය දෙමින් ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කරන මේ 34 හැවිරිදි ක්‍රීඩකයා පවසනවා.
  • “බොරු සහතිකයක් ලබා ගැනීම පිළිබඳව මට දඬුවම් කරමින් වසර දෙකක පරිවාස කාලයක් සමග ස්විස් ෆ්‍රෑන්ක්ස් 3,000 බැගින් වන දිනපතා දඩ මුදල් 50ක අත්හිටවූ දඬුවමක් නියම කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
කොවිඩ් වසංගතයට එරෙහි එන්නත ලබා ගත් බව පෙන්වන හොරට සකස් කළ සහතිකයක් ඉදිරිපත් කළ ස්විට්සලන්ත පාපන්දු නායක ග්‍රැනිච් ජැකා (Granit Xhaka) ට ස්විස් ෆ්‍රෑන්ක්ස් 150,000ක (ඩොලර් 180,159) අත්හිටවූ දඩයක් නියම කර තිබෙනවා.

මේ දඩය ෆ්‍රෑන්ක්ස් 3,000ක දිනපතා දඬුවම් 50කින් සමන්විත වන අතර දෙවසරක පරිවාස කාලය තුළ ජැකා නැවත වැරැද්දක් සිදු නොකළහොත් එම දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. තමා දැනටමත් උසාවි ගාස්තු ගෙවා ඇතැයි එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් වෘත්තීය පාපන්දු සමාජයීය කණ්ඩායමට නායකත්වය දෙමින් ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කරන මේ 34 හැවිරිදි ක්‍රීඩකයා පවසනවා.

“සති කිහිපයකට පෙර මම පෞද්ගලකවම මෙහිදී කතා කරමින් මගේ තීරණය ගැන මම වගකීම බාර ගන්නවා කියලා කිවුවා. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා” යනුවෙන් ජැකා ජර්මන් භාෂාවෙන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා.

“බොරු සහතිකයක් ලබා ගැනීම පිළිබඳව මට දඬුවම් කරමින් වසර දෙකක පරිවාස කාලයක් සමග ස්විස් ෆ්‍රෑන්ක්ස් 3,000 බැගින් වන දිනපතා දඩ මුදල් 50ක අත්හිටවූ දඬුවමක් නියම කර තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ මේ කාලය තුළ මම තව වැරදි සිදු කළේ නැත්නම් ඒ දඬුවම ක්‍රියාත්මක නොවන බවයි. මම දැනටමත් උසාවි ගාස්තු ගෙවා තිබෙනවා.”


 මගේ ක්‍රියාවන්ගේ මම වගකීම බාර ගන්නවා


“මේ තීන්දුව පිළිගන්නා මම මගේ ක්‍රියාවන්ගේ වගකීම බාර ගන්නවා. පසුගිය සති කිහිපයේ මට සහයවෙමින් පණිවුඩ එවූ සියලු දෙනාට ස්තූතියි. ඒවා මට ගොඩක් වැදගත් වුණා.”

තමා ව්‍යාජ සහතිකය ලබා ගත්තේ කොවිඩ්-19 එන්නත පිළිබඳව දැඩි අවිශ්වාසයක් තිබූ කාලයක බව ජැකා පසුගිය මාසයේ කියා තිබුණා.

ඒ වකවානුවේ තමා එම එන්නත පිළිබඳව අඩමානයෙන් සිටි බවත් එහෙත් ඉන්පසුව පැමිණිල්ල මෙහෙයවන්නන් සමග සම්පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ බවත් ස්විට්සලන්ත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කළා. 2022 වසරේ ආසනල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි ජැකා පසුගිය සැප්තැම්බර් 21 වැනිදා සමාජ මාධ්‍යයේ තැබූ පෝස්ටුවක, තමාට එන්නත පිළිබඳව සැකයක් තිබූ බවත් තමාට කරදර හා අවිනිශ්චිතතාවෙන් බලපෑම් ඇතිකර තිබූ බවත් ලියා තිබුණා.  

වරද පිළිගැනීමෙන් පසුව ජැකා මෑතකදී පැවති ජාත්‍යන්තර තරගමාලාව වෙනුවෙන් වූ ස්විට්සලන්ත පාපන්දු සංචිතයෙන් ඉවත් කර තිබූ බව ස්විස් පාපන්දු සංගමය පැවසුවා. ඒ අනුව ස්විට්සලන්තය වෙනුවෙන් වාර්තාගත තරග 152කට ක්‍රීඩා කර ඇති ඔහුට උතුරු මැසඩෝනියාව සමග තරග දෙකක් ද, ස්කොට්ල්තය හා ස්ලොවේනියාව ට එරෙහිව තරගයක් බැගින් ද වශයෙන් නේෂන්ස් කුසලාන තරග හතරක් මඟහැරුණා.
වර්නන් ගුණසේකර

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා වාර්තාකරු ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews#sports
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...