එංගලන්තය සහ ටොට්නම් හොට්ස්පර් හා බායන් මියුනික් යන පාපන්දු සමාජ කණ්ඩායම් නියෝජනය කිරීමේදී තමාගේ පාමුල වාර්තා ඇද වැටෙනු දුටු මේ 33 හැවිරිදි ක්රීඩකයාට සඳුදා එංගලන්තයේ ලන්ඩන් පලේඩියම් රංගශාලාවේදී ලැබුණේ ඔහුට ඉතාමත් සුදුසු කීර්තියක්. ඒ සමග ඔහු 2001 වසරේ මයිකල් ඔවන්ගෙන් පසුව ‘බැලන් ඩෝ’ කිරුළ පැලඳූ පළමු එංගලන්ත ක්රීඩකයා බවට පත්වුණා.
මේ සම්මානය දිනා ගත් පස්වැනි ඉංග්රීසි ජාතිකයා වන්නේ කේන්. ස්ටැන්ලි මැතිව්ස් (1956), බොබී චාල්ටන් (1966) සහ කෙවින් කීගන් (1978 හා 1979) සෙසු ක්රීඩකයෝ යි.
ස්කොට්ලන්තයේ ඩෙනිස් ලෝ (1964) සහ උතුරු අයර්ලන්තයේ ජෝර්ජ් බෙස්ට් (1968) මේ සම්මානය දිනා ගත් එක්සත් රාජධානියේ ක්රීඩකයින් වනවා.
එංගලන්තයේ වැඩිම ගෝල්ලාභියා
ගෝල 91ක් ලබා ගෙන සිටින කේන් එංගලන්තයේ වැඩිම ගෝල්ලාභියා වනවා. ඔහු එංගලන්තය වෙනුවෙන් තරග 125කට ක්රීඩා කර තිබෙන්නේ සිය රට වෙනුවෙන් වැඩිම තරග සංඛ්යාවකට ක්රීඩා කළ පුරාවෘත්ත ගෝල් රකින්නා වන පීටර් ෂෙල්ඩන් හා සම වෙමින්.
හොට්ස්පර් නියෝජනය කරමින් තරග 435කින් ගෝල 280ක් ලබා ගෙන ඔවුන්ගේ වාර්තාගත ගෝල ලබා ගන්නා බවට පත්ව සිටින කේන් 2025-26 තරග වාරයේදී එංගලන්තය හා බායන් මියුනික් වෙනුවෙන් තරග 65කදී සිත්ගන්නා අයුරින් ගෝල 73ක් වාර්තා කර තිබෙනවා.
මෙයින් ගෝල 61ක් බායන් මියුනික් නියෝජනය කරමින් වන අතර අනෙක් ගෝල 12 එංගලන්තය වෙනුවෙනුයි. මෙය බායන් මියුනික් කණ්ඩායමේ ක්රීඩකයෙක් එක් තරග වාරයකදී ලබා ගත් වැඩිම ගෝල ප්රමාණය වනවා.
ආක්රමණශීලී ම්බප්පේ, යමාල් පැරදවූ හැරී කේන්
පාපන්දු ක්රීඩාවේ ලොකුම පෞද්ගලික කීර්තිය කරා යාමේදී ප්රංශ හා රේආල් මෙඩ්රිඩ් සමාජ ක්රීඩක කිලියන් ම්බප්පේ මෙන්ම ස්පඤ්ඤය හා බාසිලෝනා සමාජයීය නව යොවුන් ක්රීඩක ලැමින් යමාල් ද පරාජය කළ එංගලන්ත හා ‘බායන් මියුනික්’ ලෝක පූජිත ආක්රමණශීලී ක්රීඩක හැරී කේන්ගේ මෑත කාලයේ සුවිශේෂී පලදාවයි මේ.
1981 වසරේ කාල්-හයින්ස් රූමනිගගෙන් පසුව ‘බැලන් ඩෝ’ සම්මානය හිමි කරගත් පළමු බායන් මියුනික් ක්රීඩකයා බවට ද කේන් පත්වනවා.
බායන් මියුනික් කණ්ඩායම වෙනුවෙන් සියලු පාපන්දු තරගාවලියන් හි කේන් ගෝල 61ක් වාර්තා කර තිබෙන අතර මෙය යුරෝපයේ ඉහළම ලීග පහේදී වෙනත් ඔ්නෑම ක්රීඩකයෙකුට ලබා ගැනීමට හැකිවූ ගෝල සංඛ්යාවට වඩා 19කින් වැඩි වනවා. ඇත්ත වශයෙන්ම මෙය ක්රිස්ටිආනෝ රොනාල්ඩෝ ද මීට වසර 11කට පෙර ‘රේආල් මෙඩ්රිඩ්’ සමාජය වෙනුවෙන් ගෝල 61ක් වාර්තා කිරීමෙන් පසුව ක්රීඩකයෙක් වාර්තා කළ වැඩිම ගෝල ප්රමාණය යි.
‘බැලන් ඩෝ’ වසර 70ක ඉතිහාසයේ එම ප්රදානෝත්සවය ලන්ඩනයේ පැවැත්වූ ප්රථම අවස්ථාව මෙය වනවා.
- වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




