The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 03ක තියුණු ජයක්

T

The Leader Desk

February 11, 2023 • 3:36 AM

 ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 03ක තියුණු ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත.
  • එම ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 28කදී බිඳ වැටුණි.
  • ඉන් අනතුරුව පිටියට එක් වූ නායිකා චමරි අතපත්තු සහ නවක ක්‍රීඩිකා විශ්මි ගුණරත්න දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 86කි.
  • විශ්මි ගුණරත්න දැවී ගියේ ලකුණු 35ක් ලබා සිටියදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ, කේප් ටවුන්හීදී එම තරඟය පැවැත්විණ.

තරගයේ කාසි⁣යේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

එම ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 28කදී බිඳ වැටුණි.

ඉන් අනතුරුව පිටියට එක් වූ නායිකා චමරි අතපත්තු සහ නවක ක්‍රීඩිකා විශ්මි ගුණරත්න දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 86කි.

නායිකා චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කළ අතර, එම ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් ය.

විශ්මි ගුණරත්න දැවී ගියේ ලකුණු 35ක් ලබා සිටියදී ය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 129ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 72කදී ය.

නායිකා සුනේ ලීස් ලකුණූ 28ක් රැස් කළේ ය.

දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126කි.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී පළමු තරගයේදී ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් මෙන්ම සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුලු 2 බැඟින් දවා ගත්තා ය.

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වදින්නේ A කාණ්ඩයෙනි. එම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශයද ඇතුළත් වේ.

තරඟාවලිය පෙබරවාරි මස 26වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන්නේ කාන්තා ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ 8වන අදියරයයි.

329262583 580848410606348 3926444007348503374 n

329853490 6228110683900027 4752446329629259481 n

329969431 1163480280977467 7522518350566748816 n 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...