The Leader News
BREAKING
භූතානය 2-1කින් පරදා ඉන්දියාව සාෆ් අවසන් මහ තරගයට!●බඩු මල්ලේ බරින් පෙරළුණු මිසිසිපි සෙනෙට් සටනේ අලුත් පරිච්ඡේදය●නව ‘යෝල්ටා’ සමුළුවක පෙරනිමිතිද? ට්‍රම්ප්, පුටින් සහ ෂී චීනයේදී එකම මේසයකට●භාණ්ඩාගාරය පුරවලා නැහැ, දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ - නාමල්●ලාෆ් ගෑස් මිල සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අතර උණුසුම් ගැටුමක්●සටන් පාඨ අතහැර ආර්ථික දැක්මකට යන්නැයි දිලිත් ඉල්ලයි●පදක්කමට පසු අවදිවන මාධ්‍ය සහ පහසුකම් නොදෙන පරිපාලනය!●නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව●සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!●බහුපාර්ශ්විකවාදයෙන් ඔබ්බට ගෝලීය බලයේ නව නීති සහ ඉන්දියාවේ අභියෝග | මිලින්ද මොරගොඩ●
Top Ad
ක්‍රීඩා

භූතානය 2-1කින් පරදා ඉන්දියාව සාෆ් අවසන් මහ තරගයට!

ජයග්‍රහණ නිතර නොලබන රටක් වන භූතානය අද ඉන්දියාව ට එරෙහිව පැවති සාෆ් කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගය අතිරේක කාලය දක්වා ගෙන යාමේ අද්දර ට ම පැමිණිය ද අවසානයේදී ගෝල 2-1කින් පරාජය වීමට තරම් අවාසනාවන්ත වුණා.

Pasan

Pasan

November 14, 2026 • 10:00 PM

භූතානය 2-1කින් පරදා ඉන්දියාව සාෆ් අවසන් මහ තරගයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසාන තරගයට ඉන්දියාව පිවිසියේ භූතානයෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය වළක්වා ගනිමින්.
  • තරගයේ අවසන් තත්පරයේදී ද භූතානය ට ගෝලයක් ලබා ගෙන තරගයේ ගෝල 2-2ක සම තත්ත්වයට ඒමට අවස්ථාවක් උදා වූව ද, පන්දුව හිසෙන් දැල තුළට යොමු කිරීමට ඔවුන්ගේ ක්‍රීඩකයා අසමත් වුණා.
  • තරගයේ පළමු භාගය අවසන් වන විට ඉන්දියාව ගෝල 2-0කින් පෙරමුණ ගෙන සිටියා.
  • නව වැනි මිනිත්තුවේදී ඉන්දියාවේ පළමු ගෝලය වාර්තා වූ අතර දෙවැනි ගෝලය ලබා ගත්තේ 27 වැනි මිනිත්තුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසාන තරගයට ඉන්දියාව පිවිසියේ භූතානයෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය වළක්වා ගනිමින්.

තරගයේ අවසන් තත්පරයේදී ද භූතානය ට ගෝලයක් ලබා ගෙන තරගයේ ගෝල 2-2ක සම තත්ත්වයට ඒමට අවස්ථාවක් උදා වූව ද, පන්දුව හිසෙන් දැල තුළට යොමු කිරීමට ඔවුන්ගේ ක්‍රීඩකයා අසමත් වුණා.

තරගයේ පළමු භාගය අවසන් වන විට ඉන්දියාව ගෝල 2-0කින් පෙරමුණ ගෙන සිටියා. නව වැනි මිනිත්තුවේදී ඉන්දියාවේ පළමු ගෝලය වාර්තා වූ අතර දෙවැනි ගෝලය ලබා ගත්තේ 27 වැනි මිනිත්තුවේ.

සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියක ප්‍රථම වතාවට අද තරගයේ 48 වැනි මිනිත්තුවේදී VAR ක්‍රමවේදය යොදා ගැණුනා. ඒ, භූතාන ක්‍රීඩක‌යෙක් පන්දුව හිසෙන් දැල තුළට එල්ල කිරීමේදී ඔහු ‘ඔ්ෆ් සයිඩ්’ වී සිටියේදැයි පරීක්ෂා කිරීම සඳහායි. ඒ ක්‍රමවේදයේ වටිනාකම තහවුරු කරමින් භූතාන ගෝලයට VAR අනුමැතිය ලැබුණා.

මෙයින් නව ජීවයක් ලබා ගත් භූතාන කණ්ඩායමෙන් ඉක්බිති ප්‍රදර්ශනය වුණේ දඩි සටන්කාමී ක්‍රීඩාවක්. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට 53 වැනි මිනිත්තුවේදී ගෝලයක් මඟ හැරුණු අතර 61 වැනි මිනිත්තුවේදී ‘කහ කාඩ්පතක්’ ද නිකුත් කෙරුණා.

VAR නිසා ඉන්දියාවට පෙනල්ටියක් අහිමි වෙයි

65 වැනි මිනිත්තුවේදී පන්දුව භූතාන ක්‍රීඩකයෙකුගේ අතේ වැදුනු බවට විනිසුරු තීරණය කරමින් ඉන්දියාව ට පෙනල්ටියක් ලබා දුන්න ද ඉන්දියාව එම පෙනල්ටිය එල්ල කිරීමට සැරසෙමින් සිටියදී පන්දුව ක්‍රීඩකයාගේ අතේ නොවැදුනු බවට VAR විසින් පෙන්වා දෙනු ලැබුවා. පිටියේ රූපවාහිනී තිරයෙන් එම අවස්ථාව නැරඹූ තරග විනිසුරුවරයා ඉන්දියාව ට එම පෙනල්ටිය ලබා ගැනීම අහෝසි කළා.

දෙවැනි භාගය පුරා භූතානය වෙතින් එල්ල වූ ප්‍රබල තර්ජනය හමුවේ මහත් පරිශ්‍රමයක් දැරීමට ඉන්දියාව ට සිදුවුණුත් අවසානයේදී ඔවුන් ජයග්‍රාහකයින් වෙමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

-වර්නන් ගුණසේකර
ක්‍රීඩා සංස්කාරක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...