The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
ක්‍රීඩා

FIFA මුල් පුටුව නැවත ඉල්ලා ඉන්ෆන්ටීනෝ අද ජපානයේ

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති වශයෙන් නැවත තේරී පත්වීමේ ජියානි ඉන්ෆන්ටීනෝගේ ආසියානු මෙහෙයුම අද ජපානයේ ක්‍රියාත්මක වෙමින් ඔහු ශ්‍රී ලංකාව ද ඇතුළත් ආසියානු පාපන්දු සම්මේලනය සමග සාකච්ඡාවක් පැවැත්වුවා. මේ සඳහා මාධ්‍යයට දොර වැසී තිබීම විශේෂත්වයක්.

Pasan

Pasan

October 21, 2026 • 7:30 PM

FIFA මුල් පුටුව නැවත ඉල්ලා ඉන්ෆන්ටීනෝ අද ජපානයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සාකච්ඡාව සිදුවන්නේ ඉන්ෆන්ටීනෝ පසුගිය සතියේ සූරිච් නගරයේදී FIFA හි සාමාජිකයින් 37 දෙනෙකුගෙන් සමන්විත පාලක කවුන්සලය ඉදිරි‌යේ ප්‍රකාශයක් කරමින් ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමට සැලසුම් කිරීමේ “වැරදිවලට” සමාව ඉල්ලීමෙන් පසුවයි.
  • ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රහිම් අල් ඛලිෆා මීට කළින් ඉන්ෆන්ටීනෝ ට සහ ඔහුගේ ලෝක කුසලාන තරගාවලිය පෞද්ගලීකරණය කිරීමේ සැලසුමට විරුද්ධත්වය පළ කර තිබුණ ද ඔහු දැන් ඉන්ෆන්ටීනෝ ට සමීපව සිටීමට ඉඩ තිබෙන බව වාර්තා වනවා.
  • සිවු වැනි වරටත් මාර්තු මාසයේදී නැවත සභාපති ධූරයට පත්වීම සඳහා FIFA සාමාජික සම්මේලන 211න් අවශ්‍ය සරල බහුතරයේ කැමැත්ත ලබා ගැනීමේ ආසන්නයට ඉන්ෆන්ටීනෝ පැමිණ ඇතැයි පැවසෙනවා.
  • ආසියානු පාපන්දුවේ අසමගිය ලෝක කුසලාන තරගාවලිය විකිණීමේ යෝජනාව හමුවේ ආසියානු පාපන්දු සම්මේලනය ද ඉන්ෆන්ටීනෝ විවේචනය කිරීමේ ක්‍රියාවලියට එක් වූව ද, එහි සාමාජිකයින් අතර ඒ සම්බන්ධයෙන් එකමුතු වීමක් පෙනෙන්නට නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සාකච්ඡාව සිදුවන්නේ ඉන්ෆන්ටීනෝ පසුගිය සතියේ සූරිච් නගරයේදී FIFA හි සාමාජිකයින් 37 දෙනෙකුගෙන් සමන්විත පාලක කවුන්සලය ඉදිරි‌යේ ප්‍රකාශයක් කරමින් ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමට සැලසුම් කිරීමේ “වැරදිවලට” සමාව ඉල්ලීමෙන් පසුවයි.

ගෝලීයව පැතිරුණු නිලධාරීන්ගෙන් සමන්විත කවුන්සලය FIFA හි තීරණ ගැනීමේ ප්‍රධාන මණ්ඩලය යි.

ආසියානු පාපන්දු නායකයින් සමග රහස් කතාවක!

ආසියානු පාපන්දු නායකයින් සමග අද සැලසුම් කර තිබූ සාකච්ඡාව ටෝකියෝ නුවර තරු පහේ හෝටලයක මාධ්‍යවේදීන් නැතිව පැවැත්වීමට නියමිතව තිබුණා.

ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රහිම් අල් ඛලිෆා මීට කළින් ඉන්ෆන්ටීනෝ ට සහ ඔහුගේ ලෝක කුසලාන තරගාවලිය පෞද්ගලීකරණය කිරීමේ සැලසුමට විරුද්ධත්වය පළ කර තිබුණ ද ඔහු දැන් ඉන්ෆන්ටීනෝ ට සමීපව සිටීමට ඉඩ තිබෙන බව වාර්තා වනවා.

සිවු වැනි වරටත් මාර්තු මාසයේදී නැවත සභාපති ධූරයට පත්වීම සඳහා FIFA සාමාජික සම්මේලන 211න් අවශ්‍ය සරල බහුතරයේ කැමැත්ත ලබා ගැනීමේ ආසන්නයට ඉන්ෆන්ටීනෝ පැමිණ ඇතැයි පැවසෙනවා. ඒ උත්සාහයේදී සමහර තීරණාත්මක ඡන්ද ආසියාවෙන් ලැබීමට ඉඩ තිබෙනවා.


ආසියානු පාපන්දුවේ අසමගිය

ලෝක කුසලාන තරගාවලිය විකිණීමේ යෝජනාව හමුවේ ආසියානු පාපන්දු සම්මේලනය ද ඉන්ෆන්ටීනෝ විවේචනය කිරීමේ ක්‍රියාවලියට එක් වූව ද, එහි සාමාජිකයින් අතර ඒ සම්බන්ධයෙන් එකමුතු වීමක් පෙනෙන්නට නැහැ.

2022 ලෝක කුසලානයේ සත්කාරක රට වූ කටාර් දේශය ඔවුන්ගේ සහයෝගය ඉන්ෆන්ටීනෝ ට ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙන අතර ජෝර්දානය ඔවුන්ගේ විරුද්ධත්වය දක්වා තිබෙනවා.

FIFA කවුන්සලය ඊළඟට දෙසැම්බර් 16 වැනිදා කටාර් හි ඩෝහා නගරයේ රැස්වීමට නියමිතයි.


සම්මේලන 211න් 87ක් ඉන්ෆන්ටීනෝ ට

FIFA සාමාජික සම්මේලන 211න් 87ක් ඔවුන්ගේ තනි ප්‍රකාශයන් හෝ නිවේදන මගින් ඉන්ෆන්ටීනෝ ට සහාය දක්වා ඇතැයි AP විදෙස් මාධ්‍ය ජාලය කළ ගණනය කිරීමකදී හෙළි වී තිබෙනවා. ඔහුට වැඩිම විරෝධයක් එල්ල වන ඡන්ද ප්‍රමාණය තිබෙන්නේ යුරෝපයේ.

FIFA සභාපති තනතුර හොබවමින් සිටියදී නැවත තේරී පත්වීමේ මැතිවරණයකට ඉදිරිපත් වූ කිසිම කෙනෙක් 1974 වසරෙන් පසුව පරාජය වී නැහැ. ඉන්ෆන්ටීනෝ ට එරෙහිව අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමට තිබෙන අවසාන දිනය වන්නේ නොවැම්බර් 18.

සටහන: වර්නන් ගුණසේකර (ක්‍රීඩා සංස්කාරක)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...