The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

IPL තරග බිමට පිවිසෙන පළමු ආදිවාසී ඉන්දියානුවා - රොබින් මින්ස්

T

The Leader Desk

December 26, 2023 • 3:21 PM

IPL තරග බිමට පිවිසෙන පළමු ආදිවාසී ඉන්දියානුවා - රොබින් මින්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොබින් මින්ස් (Robin Minz) ඉන්දියා ප්‍රිමිය ලීගයේ -අයි.පී.එල්.- පළමු ඉන්දියානු ආදිවාසී ක්‍රිකට් ක්‍රීඩකයා
  • මගේ මවුපියන්ට කතා කරයින් පස්සෙ මම නැවත ඔබව අමතන්නම්” යනුවෙන්.
  • මෙසේ ඇසුනේ රොබින් 2024 IPL තරගාවලියේ කොටසක් බවට පත්වූ මුල් දවස්වල.
  • නමුත් ඒ සමග ම, තමා අදහාගත නොහැකි ලෙස පුදුමයටත් සතුටටත් පත්ව සිටින බව පවසන්න රොබින් අමතක කරන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට පත්ව සිටිනවා. ඔහු ජාකැන්ඩ් (Jharkhand) ප්‍රාන්තයේ ගුම්ලා (Gumla) දිස්ත්‍රික්කයේ චිමාල් (Shimal) ගම්මානයේ කොල්ලෙක්.

මීට කලකට පෙර රාන්චි ගුවන් තොටුපළේදී ඉන්දීය ආක්‍රමණශීලී පිතිකරු එම්.එස්.දෝනි ට ෆ්‍රැන්සිස් සේවිය මින්ස් මුණගැසුනු අවස්ථාවේ දෝනි ඔහුට මෙසේ කීවා. “කවුරුවත්ම එයාව තෝරා ගත්තේ නැත්නම් අපි තෝරා ගන්නවා.”

Robin Minnsddfd


ඔවුන් කතා කරමින් සිටියේ ෆ්‍රැන්සිස්ගේ පුතා රොබින් ගැන. දෝනි සංචාරයක යෙදී සිටි අතර විශ්‍රාමික යුද හමුදා සේවකයෙකු වන ෆ්‍රැන්සිස් සිටියේ රාන්චි ගුවන් තොටුපළේ ආරක්ෂක සේවක කණ්ඩායමේ රැකියාව කරමින්.


ඩුබායි හි පසුගිය 19 වැනිදා පැවති ‘අයි.පී.එල්.’ ක්‍රීඩක වෙන්දේසියේ රොබින්ගේ නම දැවැන්ත තිරයේ දිස්වෙමින් තිබියදී වෙන්දේසිකරු විසින් ඔහුගේ නම ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක මූලික ලංසුවකින් නිවේදනය කරනු ලැබූ සැණින් ‘චෙන්නායි සුපර් කිංග්ස්’ ඔවුන්ගේ පැඩලය එසවූවා. ‘මුම්බායි ඉන්ඩියන්ස්’ ද එසේ කිරීමෙන් පසුව නැවතත් ‘සුපර් කිංග්ස්’ ඔවුන්ගේ ක්‍රීඩකයා මිලදී ගෙන ඇති බවක් පෙනුනත් ‘ගුජරාට් ටයිටන්ස්’ ඉන්දියානු රුපියල් කෝටි 3.6කට රොබින්ව මිලදී ගැනීමත් සමග ඔහු ලොව ධනවත්ම හා ජනප්‍රියතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන IPL ට පිවිසෙන ප්‍රථම ආදිවාසී ඉන්දියානුවා ලෙසින් ඉතිහාසගත වුනා.


ඉන්පසුව සිදුවුනේ නන්නාඳුනන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ‘අයි.පී.එල්.’ වෙන්දේසියක විශාල මුදලක් ඉපයූ විට සිදුවන දෙය ම යි. මාධ්‍ය ආක්‍රමණයක්. එක ම ප්‍රශ්න...එක ම උත්තර.

හැඟීම්බර කටහඬකින් පැවසුනේ, “මට හරිම සන්තෝෂයි. මගේ මවුපියන්ට කතා කරයින් පස්සෙ මම නැවත ඔබව අමතන්නම්” යනුවෙන්.

මෙසේ ඇසුනේ රොබින් 2024 IPL තරගාවලියේ කොටසක් බවට පත්වූ මුල් දවස්වල. එතැන් සිට ඔහු දුරකථනයෙන් අහකට වී සිටිනවා. කලාතුරකින් රිසීවරය ඔසවන විට ඔහුගේ පිළිතුරු බොහොම සරලව ඔව් හෝ නැහැ යන වචනවලට පමණක් සීමා වී තිබෙනවා. නමුත් ඒ සමග ම, තමා අදහාගත නොහැකි ලෙස පුදුමයටත් සතුටටත් පත්ව සිටින බව පවසන්න රොබින් අමතක කරන්නේ නැහැ.

නිවසින් බැහැරව ජාකැන්ඩ් පුහුණු කඳවුරක සිටි රොබින් වෙන්දේසියෙන් පසුව ඔහුගේ මවුපියන්ට කතා කළ විට ඔවුන්ට කටහඬ අවදිකරන්න අපහසු වුනේ ඔවුන් හඬා වැටුනු නිසා.

cbhfdh
අතීතයේ දිනෙක හමුදා සේවක ෆ්‍රැන්සිස් නිවෙසට එද්දී දුටුවේ දෙහැවිරිදි වියේ සිටි රොබින් කෝටු කෑල්ලකින් ගල්කැටවලට පහර දෙන්න උත්සාහ කරන අයුරු. පසු දිනයෙක ෆ්‍රැන්සිස් ලී කොටයකින් පිත්තක් සාදා වෙළෙඳ පොළෙන් බෝලයක් ද මිලට ගෙන ආ අතර එයින් ඇරඹුනේ ක්‍රිකට් සිහිනයක්.

ඊට වැඩි කලක් යන්නට මත්තෙන්, ෆ්‍රැන්සිස්ගේ සේවය රාන්චි ප්‍රදේශයට මාරු කෙරුනු අතර පවුල නැම්කම් (Namkum) හි නගරයට කිලෝ මීටර 15ක් ඈතින් පදිංචියට පැමිණියා. එහිදී රොබින්ගේ ක්‍රිකට් ක්‍රියාකාරකම් වඩාත් බරපතල වුනා. රොබින්ට සොයුරියන් දෙදෙනෙක් සිටි අතර තම පුතාට මිල අධික ක්‍රිකට් උපකරණ මිලදී ගැනීම කෙසේ වෙතත් තමාගේ දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට හෝ වියදම් කිරීම ෆ්‍රැන්සිස්ට පහසු කාරණයක් වුනේ නැහැ. සමහර අවස්ථාවලදී මුදල් ණයට ගැනීමට ඔහුට සිදුවූ අතර තවත් සමහර අවස්ථාවන්හිදී පවුලට ඉතා වැදගත් යම් දෙයක් කැප කරන්නට සිදුවුනා. රොබින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තමන්ට කළ හැකි දේ ෆ්‍රැන්සිස් කළා.

gfgr
“මේ වගේ සාර්ථකත්වයක් අපේ පුතා ලබා ගනීවි කියලා අපි කොහෙත්ම හිතුවේ නැහැ. ඔහු අපිව ඉතාමත් සතුටු කර තියෙනවා” යනුවෙන් රොබින්ගේ මව එලිස් පවසනවා.  


“මීට ගොඩ දවසකට ඉස්සර රොබින් කුන්ටි (Khunti - ජාකැන්ඩ් හි දිස්ත්‍රික්කයක්) ගමේ ක්‍රීඩා කරන්න ගියා. එයා එහෙදි කොච්චර හොඳට සෙල්ලම් කර තිබුනාද කිවුවොත් වාර්තාකරුවන් මගේ ගෙදරට ඇවිත් මගේ පිංතූරයක් පසුදින පත්තරවල දැම්මා. එයින් මම කොච්චර සතුටු වුනාද, ආඩම්බර වුනාද කියන්න වචන නැහැ. මම එයාගෙ තාත්තටත් කතා කරලා විහිළුවෙන් කිවුවා මගේ පිංතූරෙ පත්තරවල තියෙනවා...නමුත් එයාගෙ නැහැ කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට රොබින් හොඳ තැනකට යාවි කියලා ඒ සිද්ධියෙන් අපට දැනුනා.”

“රොබින්ට බැට් එකකුයි අනිත් උපකරණයි ගන්න අපි ඉස්සෙල්ලාම ක්‍රීඩා සාප්පුවකට ගියාම, රුපියල් 2000කට ඔක්කොම බඩු ගන්න පුළුවන් වේවි කියා අපි හිතුවා. නමුත් බැට් එක විතරක් රුපියල් 5000ක්. අපි මොකක්ද කරන්න ඔ්න කියලා අපි දැන හිටියේ නැහැ. අපිට ගෙවන්න පුළුවන් වෙයිද කියලා කඩහිමියාත් අපි දිහා බලං හිටියේ සැකෙන්. නමුත් අපි කොහොම හරි ඒක කළා. අපිට වෙන අයගෙන් සල්ලි ඉල්ල ගන්න සිද්ධ වුනත් අපි ඒවා මිලදී ගත්තා.”


රොබින් වැඩිය කතා නොකරන කෙනෙක්. වතාවක් ඔහුගේ පාසල ඔහුගේ මවුපියන්ට දන්වා ඇත්තේ “ඔබේ පුතාට කතා කරන්න උගන්වන්න” කියා. ඔහු ඒ තරමට නිශ්ෂබ්ද යි. එය දැනුත් වෙනස් නොවී තිබුනත් ඔහුගේ පිත්ත කතා කරන්නේ මහ හයියෙන්. දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ රොබින් පිළිබඳව කතා කරන්නේ ‘ජාකැන්ඩ්වල ක්‍රිස් ගේල්’ ලෙසින් මිස ‘ජාකැන්ඩ්වල එම්.එස්.දෝනි’ කියා නෙවෙයි.


රොබින් ක්‍රීඩා කරන්නේ රන්චි හි සොනෙට් (Sonnet) ක්‍රිකට් සමාජයට. එහි ඔහුගේ පුහුණුකරුවන් වන්නේ කලක් දෝනිගේ පුහුණුකරු වූ චන්චල් බට්ටාචාර්ය (Chanchal Bhattacharya) සහ අසිෆ් හක් (Asif Haque) හා එස්.පී. ගෞතම් (SP Gautam). ඉඳහිට සොනෙට් ක්‍රිකට් සමාජයට පැමිණෙන මහේන්ද්‍ර සිං දෝනි, අතීතයේදී රොබින් සමග අන්‍යෝන්‍යව ක්‍රියා කර තිබෙන්නේ ඔහු සමග කාලය ගත කරමින්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියළු දේ සාකච්ඡා කරමින් හා ක්‍රීඩාවේ මානසික පැත්ත ගැන පහදා දෙමින්.

ඉෂාන් කිශාන් නමැති ජාකැන්ඩ් හා ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයා වරක් රොබින් ට කඩුලුරකින අත්ආවරණ කුට්ටමක් තෑගි කර තිබෙන අතර රොබින් අදටත් ඒවා පාවිච්චි කරනවා.

වසර ගණනාවකට ඉහතදී, රොබින්ගේ ක්‍රීඩාව බට්ටාචාර්යගේ සිතට කොතරම් කාවැදුනාද කියනවා නම්, ඔහු ෆ්‍රැන්සිස් හා එලිස් සොයා ඔවුන්ගේ නිවෙසට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ එලිස් නිවසේ සිටි අතර ඇය බට්ටාචාර්ය නමැති පුද්ගලයාව දැන සිටියේ නැහැ. ඔහු දෝනිගේ පුහුණුකරු ලෙස ඇයට හඳුන්වා දෙනු ලැබුවේ අසල්වාසීන් විසින්.

“චන්චල් සර් දවසක් ගෙදර ආවා” යනුවෙන් එලිස් මතකය අවදි කරනවා. “එයා කවුද කියලා මට තේරුමක් තිබුනේ නැහැ. අසල්වාසීන් තමයි මට එයා ගැන කිවුවේ. චන්චල් සර් මට කිවුවා, “රොබින් ගැන කලබල වෙන්න එපා, එයා ළඟදීම රූපවාහිනියේ ඉඳීවි” කියලා.

බට්ටාචාර්ය ට පෙනෙන පරිදි රොබින් තමයි ‘ඊළඟ දෝනි.’


“එයා අපිත් එක්ක දැනට අවුරුදු දෙකක් තිස්සේ සොනෙට් කණ්ඩායමේ සෙල්ලම් කරනවා” බට්ටාචාර්ය සඳහන් කරනවා. “ඔහු හැම වෙලාවෙම පන්දුවට වේගයෙන් පහර දෙන ස්වභාවයෙන් ම ආක්‍රමණශීලී පිතිකරුවෙක්. ඔහු තවමත් දෝනි නෙවෙයි. නමුත් දෝනි ඉස්සෙල්ලම මම ළඟට ආපු වෙලාවේ අපි දැක්කා එයා ලකුණු 10ක් විතරක් ගත්තත් ඒ ලකුණුවල හයේ පහරක් තියෙන බව. රොබිනුත් ඒ වගේමයි. ඒ අංශයෙන් දෙන්නම එකයි. රොබින් යනු අපේ වචනවලින් කියනවා නම් හයියෙන් ගහන කෙනෙක්.”

cvchfg
“රොබින් තවමත් දෝනි නොවුනත්, ඔහුට මීළඟ දෝනි වෙන්න පුළුවන් බව මට විශ්වාසයෙන් කියන්න පුළුවනි. අවුරුදු කිහිපයකට පෙර කලාපීය අවුරුදු 19න් පහළ තරගාවලියේ ඔහු ශතක තුනක් ගැහුවා. දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ‘මුම්බායි ඉන්ඩියන්ස්’ කණ්ඩායමේ පුද්ගලයින් ඔවුන්ගේ තෝරා ගැනීම් පරීක්ෂණවලට රොබින්ව කැඳෙව්වා.”

“ඇත්ත වශයෙන් ම ඔහු හොඳ ක්‍රීඩකයෙක්. නමුත් රොබින්ව අනෙක් අයගෙන් වෙනස් කරන්නේ ඔහුගේ ස්වභාවය. ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ස්වභාවය, එම ක්‍රීඩකයාගේ විලාශය මම අගය කරා නම්, දෝනි ට පස්සෙ ඒ රොබින්ව තමයි. ඔහු සන්සුන්, ඔහු ආචාරශීලීයි, ඔහු ඉගෙන ගන්න අතිශයෙන් උනන්දුයි. කෑම ගැන එයත් එක්ක කතා කළොත් එයා ගොඩාක් කතා කරනවා. එයාගේ ජීවිතය ක්‍රිකට් සහ ආහාර. එයාව කෑමකට එළියට අරගෙන ගියොත් රොබින් එකිනෙකට වෙනස් කුකුළු මස් ව්‍යංජන පහක් ඇනවුම් කරාවි.”

රොබින් මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඔහුගේ පුහුණුකරුවන් හා ජාකැන්ඩ් සගයින් ප්‍රාර්ථනා කරනු ඇත්තේ ඔහුට ‘ගුජරාට් ටයිටන්ස්’ කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් 11 දෙනාට ඇතුළු වීමට අවස්ථාව ලැබී ආන්දෝලනයක් ඇති කරවන යම් දෙයක් ඔහු කරාවි කියා. රොබින් එසේ කිරීමට සමත් වන දවස ඔහුගේ ප්‍රජාවට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇත්තේ ඔවුන් ප්‍රධාන ධාරා‌වේ කොටසක් නොවන නිසාවෙන්. ලෝකයේ ඉදිරියට ඒමේ අවස්ථාවන් සීමිත මේ ප්‍රජාව අර්ථවත් වන ඔ්නෑම ක්‍රමයකින් බලය තහවුරු කර ගන්නට අදටත් වෙහෙසෙනවා. නමුත් මේ ප්‍රජාව කෙරෙහි අවධානය දිනා ගැනීමට රොබින් ට හැකි වනු ඇතැයි බට්ටාචාර්ය ප්‍රකාශ කරනවා.  


“ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ට නමක් ඇති කර ගැනීමට සමත් වන රොබින්ගේ ප්‍රජාවේ පළමුවැන්නා ඔහු විය හැකියි. නමුත් තවත් බොහෝ දෙනෙකුත් පැත්තකින් ඉන්නවා. ඔවුනුත් නමක් දිනා ගන්නා අයුරු ළඟදීම දැකගන්න පුළුවන් වේවි. සහජ දක්ෂතා තිබෙන බොහෝ දෙනෙක් මෙහෙ ඉන්නවා. එය කාලයේ කරුණක් පමණ යි.”


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

IPL තරග බිමට පිවිසෙන පළමු ආදිවාසී ඉන්දියානුවා - රොබින් මින්ස් | The Leader