BREAKING
Top Ad
ක්‍රීඩා

මූල්‍ය චෝදනා 114කට මැන්චෙස්ටර් සිටි වරදකරු: ශූරතා 8ක් අහිමිවීමේ දැඩි අවදානමක!

T

The Leader

September 27, 2026 • 8:19 AM

මූල්‍ය චෝදනා 114කට මැන්චෙස්ටර් සිටි වරදකරු: ශූරතා 8ක් අහිමිවීමේ දැඩි අවදානමක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ස්වාධීන කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්; ප්‍රිමියර් ලීගයෙන් නෙරපා හැරීමේ සහ ලකුණු කපාහැරීමේ අවදානමක් සමග පාපන්දු ලොව කැළඹෙයි
  •   ස්වාධීන කොමිසමක් විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ වසර අටක් දක්වා දීර්ඝ වූ නීති ක්‍රියාවලියකින් පසුවයි.
  • පමුණුවන දඬුවම් මොනවා ද යන්න තවමත් තීරණය කර නැති අතර මේ තීන්දුවට එරෙහිව එම පාපන්දු සමාජය ඇපෑලක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  •   ප්‍රිමිය ලීග් නඩුවට අදාළ තමන්ගේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් තිබෙන බවට තරයේ කියා සිටින මැන්චෙස්ට සිටි සමාජය නඩුව සඳහා වන සැලකිය යුතු මූලික කරුණු තවමත් සම්පූර්ණ කර නැතැයි අවධාරණය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

* වසර ගණනාවක පරීක්ෂණ අවසන් කරමින් චෝදනා 115න් 114කටම වරදකරු වෙද්දී, සිටි පිලෙන් දැඩි විරෝධයක් සහ අභියාචනයක් සූදානම්

 

ප්‍රිමිය ලීගය විසින් මැන්චෙස්ට සිටි ක්‍රීඩා සමාජයට එරෙහිව ගෙන එනු ලැබූ මූල්‍ය නීති උල්ලංඝනය කිරීමේ චෝදනා 115න් 114ක ට ම එම සමාජය වරදකරුවන් බවට තීන්දු වීමෙන් පසුව එංගලන්ත පාපන්දු ක්ෂේත්‍රයේ මහත් කැළඹීමක් හටගෙන තිබෙනවා. මේ නඩු තීන්දුවෙන් පසුව මැන්චෙස්ට සිටි සමාජයට ඔවුන් දිනා ගත් ප්‍රිමිය ලීග් ශූරතා අහිමි වීම ඇතුළුව දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.

 

ස්වාධීන කොමිසමක් විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ වසර අටක් දක්වා දීර්ඝ වූ නීති ක්‍රියාවලියකින් පසුවයි. පමුණුවන දඬුවම් මොනවා ද යන්න තවමත් තීරණය කර නැති අතර මේ තීන්දුවට එරෙහිව එම පාපන්දු සමාජය ඇපෑලක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

ප්‍රිමිය ලීග් නඩුවට අදාළ තමන්ගේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් තිබෙන බවට තරයේ කියා සිටින මැන්චෙස්ට සිටි සමාජය නඩුව සඳහා වන සැලකිය යුතු මූලික කරුණු තවමත් සම්පූර්ණ කර නැතැයි අවධාරණය කරනවා.

 

වසර 2009 සිට 2018 දක්වා වකවානුව තුළ සිදුවූයේ යැයි කියන මූල්‍ය නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් වූ සිවු වසරක ප්‍රිමිය ලීග් පරීක්ෂණයකින් පසුව 2023 වසරේ පෙබරවාරියේදී එම ක්‍රීඩා සමාජයට නඩු පවරනු ලැබුවා. ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ගේ ගෙවීම් ඇතුළු නිවැරදි මූල්‍ය තොරතුරු ලබා දීමට අපොහොසත් වීම පිළිබඳව ඔවුන්ට චෝදනා නගා තිබුණා.

 

යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) මූල්‍ය සාධාරණ ක්‍රීඩා නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රිමිය ලීගයේ ලාබ ලැබීම හා සම්පත් ක්ෂය වීම වළක්වන නීති උල්ලංඝනය කිරීම ද මේ චෝදනාවලින් ආවරණය වී තිබුණා.

 

මැන්චෙස්ට සිටි පාපන්දු සමාජය මේ චෝදනා දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

ප්‍රිමිය ලීග් ශූරතා අවදානමේ

 

අවසානයේදී පමුණුවන සම්බාධක මත නිශ්චිත දඬුවම් රැඳී තිබුණ ද, එම චෝදනාවලට අදාළ වකවානුවේදී මැන්චෙස්ට සිටි කණ්ඩායම ලැබූ ජයග්‍රහණ වාර්තාවට මේ නඩු තීන්දුවෙන් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබෙනවා.

 

ප්‍රිමිය ලීග් නීතිවලින් පැනවිය හැකි දඬුවම් පරාසයක් තිබෙන අතර දඩ ගැසීම, ලකුණු අඩුකිරීම හා තරගාවලියෙන් නෙරපා හැරීම ඊට ඇතුළත් වනවා. අතීතයට බලපාන ලකුණු අඩු කිරීමකින් කලින් තරග වාරවලදී ලබා ගත් ස්ථාන වෙනස් වී පරීක්ෂණයට යටත්ව තිබෙන කාලවකවානුව තුළ දිනා ගත් ශූරතාවල වලංගුභාවයට බලපෑමක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

 

ෂෙයික් මන්සෝර්ගේ අබුඩාබි එක්සත් සමූහායතනය මැන්චෙස්ට සිටි සමාජය ඔවුන් වෙත පවරා ගැනීම 2008 වසරේදී සම්පූර්ණ කිරීමෙන් පසුව එම කණ්ඩායම ප්‍රමිය ලීග් ශූරතා අටක් දිනා ගෙන තිබෙනවා. මෙයින් ශූරතා හයක් ම වාර්තා වී තිබෙන්නේ ප්‍රිමිය ලීගයේ චෝදනාවලින් ආවරණය කර තිබෙන කාලසීමාව ආරම්භ වීමෙන් පසුවයි.

 

මැන්චෙස්ට සිටි ක්‍රීඩා සමාජය මන්සෝර්ගේ හිමිකාරිත්වය යටතේ එංගලන්ත පාපන්දුවේ ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස ස්ථාපිතව සිටින්නේ එෆ්.ඒ. කුසලාන හතරක්, ලීග් කුසලාන හතක් සහ චැම්පියන්ස් ලීගය ද දිනා ගනිමින්.

 

ප්‍රිමිය ලීග් නඩුවේ ආරම්භය

 

රහසේ පිටවූ මූල්‍ය ලියකියවිලි ජර්මනියේ Der Spiegel සඟරාව විසින් 2018 වසරේ නොවැම්බර් මාසයේ පළ කිරීමෙන් පසුවයි මේ ප්‍රිමිය ලීග් පරීක්ෂණය ආරම්භ වුණේ.

 

මැන්චෙස්ට සිටි සමාජයේ මුදල්මය එකඟවීම් පිළිබඳව සියුම්ව පිරික්සා බැලීමට මේ ලේඛනවලින් පෙලඹවීමක් ඇති කළ අතර එය වසර 2009 සිට 2018 දක්වා කාලය තුළ මේ සමාජයේ ගනුදෙනු කිරීම් ගැන දීර්ඝ පරීක්ෂණයකට මං විවර කළා.

 

සිය පරීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසුව ප්‍රිමිය ලීගය මැන්චෙස්ට සිටි ට එරෙහිව 2023 පෙබරවාරි මාසයේ චෝදනා ගොනු කරමින් එම නඩුව ස්වාධීන කොමිසමක් වෙත යොමු කළා.

 

UEFA සමග මීට පෙර සටන

 

මූල්‍ය සාධාරණ ක්‍රීඩාවේ නීති රීතිය සම්බන්ධයෙන් UEFA සමග තිබෙන කලින් මතභේදය සමග මේ ප්‍රිමිය ලීග් නඩුවට සම්බන්ධයක් නැහැ.

 

2020 පෙබරවාරියේදී UEFA විසින් Der Spiegel අනාවරණයන් පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් පසුව මැන්චෙස්ට සිටි පාපන්දු සමාජයට යුරෝපීය තරගාවලියන්ට සහභාගි වීමේ දෙවසරක තහනමක් හා යුරෝ මිලියන 30ක දඩයක් නියම කළා.

 

මීට එරෙහිව එම පාපන්දු සමාජය ක්‍රීඩා බේරුම්කාර අධිකරණයට (CAS) ඇපෑලක් ඉදිරිපත් කළ අතර එම උසාවිය මාස පහකට පසුව ඒ දෙවසරක තහනම අවලංගු කළා.

 

කෙසේ වෙතත්, සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ලබා නොදීම මගින් UEFA හි පරීක්ෂණවලට සහයෝගය දැක්වීම සඳහා අසමත් වී‌මේ චෝදනාවට මැන්චෙස්ට සිටි වරදකරුවන් බවට CAS තීරණය කළා.

 

ඔවුන්ට නියම කළ දඩය පසුව යුරෝ මිලියන 10.23ක් දක්වා අඩු කෙරුණා.

 

ප්‍රිමිය ලීග් නඩුව එම UEFA ක්‍රියාවලියෙන් වෙන්ව විභාග කෙරුණා. මැන්චෙස්ට සිටි පාපන්දු ක්‍රීඩා සමාජය චෝදනා 114කට වරදකරු වී සිටින මේ මොහොතේ පාපන්දු ප්‍රජාවගේ අවධානය කොමිසමේ සම්බාධක පැනවීම හා එම සමාජයේ අපේක්ෂිත අභියාචනය කෙරෙහි දැන් අවධානය යොමුව තිබෙනවා.

 

මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමග, අදාළ කාලසීමාව තුළ මැන්චෙස්ට සිටි වෙතින් පරාජය ලැබූ ප්‍රතිවාදී කණ්ඩායම් ඔවුන්ට අහිමි වූ ශූරතා ලබා ගැනීමේ පොරයක නිරතව සිටිනවා.

 

warnan Gunasekara (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 gunasekera33@gmail.com

 

 

 

 

වැඩිදුර කියවීම සඳහා අදාළ සබැඳි:

Premier League Official Rules & Financial Fair Play (FFP) Regulations

Court of Arbitration for Sport (CAS) – Previous Manchester City vs UEFA Ruling

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...