The Leader News
BREAKING
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●කාන්තා-ළමා සුරක්ෂිතතාවට මිලින්දගෙන් සාර්ක් යෝජනාවක්●සිදුකර ඇත්තේ අසම්පූර්ණ විමර්ශනයක් - බෙහෙත් නඩුවේ විත්තියේ නීතිඥවරුන්ගෙන් යෝජනා●නවි පිල්ලෙට පිල්ලියක්!●ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අලුත් බෙදීම●අලි–දුම්රිය ගැටුමට අධිකරණයෙන් ඓතිහාසික මැදිහත්වීමක්●
Top Ad
ක්‍රීඩා

නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට

වසර දහයකට පසු ටෙස්ට් වරම් ලැබූ නික් මැඩින්සන් ලකුණු නොලබා දැවී ගියද, ඔහු ජයගත්තේ පිළිකාවට එරෙහි බිහිසුණු සටනකි.

Pasan

Pasan

October 10, 2026 • 7:07 PM

නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස 30න් ඉහළ ඔසී පිල ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 30 ට අඩු කිසිම ක්‍රීඩකයෙක් නැති එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පිටියට යවා තිබෙනවා.
  • දින 579කට පසු දීර්ඝතම ආගමනය දකුණු අප්‍රිකාව ට එරෙහිව ඩර්බන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ඉදිරිපත් කර තිබෙන මේ වයසට යන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් ආරම්භක පිතිකරුවෙකු වන්නේ නික් මැඩින්සන්.
  • වසරේදී අවසන් වරට ටෙස්ට් තරගයක ක්‍රීඩා කළ මේ වමත් පිතිකරුවා 2025 මාර්තුවේ සිට පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර නැහැ.
  • ඔහු ඊයේ නැවත පැමිණියේ පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින 579ක් ඉවත්ව සිටීමෙන් පසුව වන අතර මෙය ටෙස්ට් තරගයකට සහභාගි වීමට පෙර ඔස්ට්‍රේලියානුවෙකුගෙන් වාර්තා වූ එවැනි වඩාත්ම දීර්ඝතම හිඩැස වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වයස 30න් ඉහළ ඔසී පිල

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 30 ට අඩු කිසිම ක්‍රීඩකයෙක් නැති එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පිටියට යවා තිබෙනවා. මීට හේතුව වී තිබෙන්නේ ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට තරුණ ක්‍රීඩකයින් අසමත් වීමයි.


දින 579කට පසු දීර්ඝතම ආගමනය

දකුණු අප්‍රිකාව ට එරෙහිව ඩර්බන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ඉදිරිපත් කර තිබෙන මේ වයසට යන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් ආරම්භක පිතිකරුවෙකු වන්නේ නික් මැඩින්සන්. ඔහු ඊයේ (සිකුරාදා) ටෙස්ට් කඩුල්ලට පිවිසියේ වසර දහයකින් පසුවයි. 

2016 වසරේදී අවසන් වරට ටෙස්ට් තරගයක ක්‍රීඩා කළ මේ වමත් පිතිකරුවා 2025 මාර්තුවේ සිට පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර නැහැ. ඔහු ඊයේ නැවත පැමිණියේ පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින 579ක් ඉවත්ව සිටීමෙන් පසුව වන අතර මෙය ටෙස්ට් තරගයකට සහභාගි වීමට පෙර ඔස්ට්‍රේලියානුවෙකුගෙන් වාර්තා වූ එවැනි වඩාත්ම දීර්ඝතම හිඩැස වනවා.


පන්දු 33ක බින්දුව

කෙසේ වෙතත්, දීර්ඝ කාලයකින් පසුව සිදුවූ මැඩින්සන්ගේ ආගමනය පන්දු 33ක බින්දුවකින් අවසන් වුණා. මෙය ටෙස්ට් ඉනිමක ලකුණු ලබා ගැනීම ආරම්භ නොකර ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාව වනවා. ඔහු අවසානයේදී දැවී ගියේ පන්දුව පිත්තේ අග වැදී කඩුල්ල සමග ගැටීමෙන්.


ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය සටන

ජාත්‍යන්තර වේදිකාවට මැඩින්සන්ගේ නැවත පැමිණීම සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැර සිදුවූ ඊට වඩා බොහෝ වැදගත් බිහිසුණු සටනකින් පසුවයි.

ඔහුට වෘෂණ පිළිකාව වැළඳී තිබෙන බවට විනිශ්චය කිරීමෙන් පසුව එය ඉවත් කිරීම පිණිස ඔහු සැත්කමකට බඳුන් වුණා. ඊට සති හතකට පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී පිළිකාව ඔහුගේ උදරයේ වසා තරලයට හා පෙනහැල්ලට පැතිර ගොස් ඇති බවට අනාවරණය වුණා.


පවුලේ කැපවීම සහ රසායනික චිකිත්සාව

ඔහු රසායනික චිකිත්සාව ආරම්භ කරන විට ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවැනි දරුවා සමග ගැබ්බරව සිටියා. මැඩින්සන් ප්‍රතිකාර ගනිද්දී ඔවුන්‌ගේ ළදරුවා රැක බලා ගැනීම පිණිස බිරිඳ ඇගේ දන්ත වෛද්‍ය රැකියාවෙන් අස්වුණා.

ඔහුගේ දවස් රෝහලට යාම, නිදාගැනීම හා රසායනික චිකිත්සාව අතරතුර චර්යා රටාවක් පවත්වා ගෙන යාමේ පරිශ්‍රමය වටා කේන්ද්‍රගතව තිබුණා. මැඩින්සන් ඔහුගේ ප්‍රතිකාර ජූලි 14 වැනිදා අවසන් කළ අතර සම්පූර්ණ පුහුණුවීමක යළි නිරත වීම සඳහා අවසර ලැබීමට පෙර තවත් මාස දෙකක් බලා සිටීමට ඔහුට සිදුවුණා.


ජීවිතය දිනූ පිතිකරුවා

ඔහුගේ දෙවැනි පුතුගේ උපතෙන් පසුව මැඩින්සන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ යළිත් නීරෝගී වීමට ලැබීම ගැන කෘතඥ වෙමින්. අසාමාන්‍ය යමක් දැණුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවසානයේදී ඊයේ ඔහු නැවත වතාවක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, ඔහු නැවත ආරම්භ කළ ගමනට ලකුණු පුවරුවෙන් තෘප්තිජනක ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ.

(සටහන | වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...