BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ මෙතෙක් නොඇසූ රහස් එළියට: සරත් ප්‍රේමතිලකගේ 'NOT OUT' සඳුදා ජනගත කෙරේ

T

The Leader

September 19, 2026 • 5:06 AM

ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ මෙතෙක් නොඇසූ රහස් එළියට: සරත් ප්‍රේමතිලකගේ 'NOT OUT' සඳුදා ජනගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *1975 සිට 2023 දක්වා නායකයන් 9 දෙනාගේ නොකියූ කතා සහ සැඟවුණු අර්බුද හෙළි කරන සරත් ප්‍රේමතිලකගේ නවතම කෘතිය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් එළිදකී.
  • මෙරට පුවත්පත් ක්ෂේත්‍රයේ ‘මහගෙදර’ ලෙසින් ගෞරවාදරයෙන් සැලකෙන ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කෙරුණු ‘ක්‍රීඩා’ පුවත්පතේ පුරෝගාමී කතුවරයා වන සරත් ප්‍රේමතිලක ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලකගේ සොහොයුරෙක්.
  • ක්‍රීඩා පත්‍රය පසුව සඟරාවක් ලෙසින් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලී පාඨකයින් වෙත ගෙන ආවේත් සරත් ප්‍රේමතිලක යි.
  • සඳුදා එළි දැක්වෙන මේ පොත අද්විතීය එකක් වන්නේ එහි මෙතෙක් ප්‍රකාශයට පත් නොවූ හා මෙතෙක් නොඇසූ සිද්ධීන් ඇතුළත්ව තිබෙන නිසා බව සරත් ප්‍රේමතිලක ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


*සුනිල් මාධවගේ උනන්දුවෙන් ඇරඹී වසර 4ක දැඩි පරිශ්‍රමයකින් නිමවූ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ රසමුසු අන්දර රැගත් ග්‍රන්ථය සඳුදා මහවැලි කේන්ද්‍රයේදී.

'NOT OUT ICC Cricket World Cup කී නොකී කතා' ක්‍රිකට් ඉතිහාසයේ මේ සැඟවුණු කතා ඉදිරිපත් කරන්නේ මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සරත් ප්‍රේමතිලක.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන් හි අප්‍රකට සිදුවීම්වලට එබී බැලෙන ‘NOT OUT ICC Cricket World Cup කී නොකී කතා’ ග්‍රන්ථය එළැඹෙන සඳුදා (සැප්තැම්බර් 21) පස්වරු 3.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරෙන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන්.

මෙරට පුවත්පත් ක්ෂේත්‍රයේ ‘මහගෙදර’ ලෙසින් ගෞරවාදරයෙන් සැලකෙන ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කෙරුණු ‘ක්‍රීඩා’ පුවත්පතේ පුරෝගාමී කතුවරයා වන සරත් ප්‍රේමතිලක ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලකගේ සොහොයුරෙක්. ක්‍රීඩා පත්‍රය පසුව සඟරාවක් ලෙසින් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලී පාඨකයින් වෙත ගෙන ආවේත් සරත් ප්‍රේමතිලක යි.

a 1

සඳුදා එළි දැක්වෙන මේ පොත අද්විතීය එකක් වන්නේ එහි මෙතෙක් ප්‍රකාශයට පත් නොවූ හා මෙතෙක් නොඇසූ සිද්ධීන් ඇතුළත්ව තිබෙන නිසා බව සරත් ප්‍රේමතිලක ප්‍රකාශ කරනවා. මේවා මෙරට මෙන්ම විදෙස් රටවලදී ද ඇතිවූ සිදුවීම් බව ඔහු සඳහන් කරනවා.

“මේ වගේ පොතක් නිකුත් කිරීමක් ගැන මට කවදාවත් අදහසක් තිබුණේ නැහැ. පොත මුද්‍රණය කරන්නැයි මාව උනන්දු කළේ මගේ සහෝදර සුනිල් මාධව යි. අපි හමුවූ හැම වෙලාවෙම එයාට ලෝක ක්‍රිකට් කුසලානයේ සිදුවීම් ගැන කීමේ පුරුද්දක් මට තිබුණා” සරත් ප්‍රේමතිලක කියනවා.

“රටේ ක්‍රිකට් ලෝලීන් කවදාවත් ඒ කතා අසා නැති නිසා ඒ ගැන පොතක් ලියන්නේ නැත්තේ ඇයි කියලා එයා මට අදහසක් දැමුවා. මුලදී මම ඒ ගැන එතරම් බැරෑරුම් විදියට හිතුවේ නැහැ. නමුත් මේ පොත ලියන්න පටන් ගන්නකම් මගේ සහෝදරයා මාව නිතර උනන්දු කළා.”

"සුනිල් මාධව දාපු අදහස පස්දින ටෙස්ට් තරගයක් වගේ ඇදුණා"

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බොහෝ පොත් ලියැවී තිබියදී ඔබ මේ පොත ඒවා සමග සසඳා බලන්නේ කොහොමද?

“ක්‍රිකට් ගැන සිංහල භාෂාවෙන් පොත් තියෙන්නේ ඉතා ස්වල්පයයි. නමුත් මගේ උත්සාහය වුණේ පාඨකයින්ට වෙනස් දෙයක් ඉදිරිපත් කරන්නයි. සම්ප්‍රදායික ලකුණු සටහන් හා දිනෙන් දින ක්‍රිකට් තරගවල සංඛ්‍යානමය කරුණු ඉදිරිපත් කරනවා වෙනුවට වෙනස් දෙයක් පාඨකයින් හමුවේ තැබීමටයි මට අවශ්‍ය වුණේ. ඇත්තෙන්ම, මම මේ පොතට ඇතුළත් කර තිබෙන්නේ 1996 ලෝක කුසලානයේ ඉන්දියාව ට එරෙහි අවසන් පූර්ව තරගය හා ඔස්ට්‍රේලියාව ට එරෙහි අවසාන තරගයේ ලකුණු සටහන් දෙක පමණයි.”

 

a 3සරත් ප්‍රේමතිලක
පාඨකයින් අතර නිතර සංසරණය නොවූ විවිධ කණ්ඩායම් හා ක්‍රීඩකයින්ගේ විස්තර සොයා යාමේදී කණ්ඩායම් තේරීමේ අර්බුද, කණ්ඩායම් නායකයින් සම්බන්ධ නොයෙකුත් ගැටලු, කණ්ඩායම්වල පරාජයන්ට හේතුවූ කාරණා, විශේෂ වාර්තා, ක්‍රීඩකයින් තෝරා ගැනීම්වලදී හටගත් අභ්‍යන්තර ප්‍රශ්න සහ ක්‍රීඩකයින් අතර ඇතිවූ ගැටුම් වැනි තොරතුරු කතාබහට ලක්ව තිබෙන්නේ ඉතාම කලාතුරකින් බවට වැටහුණු බව ප්‍රේමතිලක පවසනවා.

තොරතුරු හා දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම මේ පොත ලිවීමේදී තමාට මුහුණ දීමට සිදුවූ එක් අසීරුතම කාරියක් බවට පත්වුණේ අන්තර්ජාලයේදී සමහර විට පරස්පර ප්‍රකාශයන් නිසා කෙනෙක් නොමඟට යොමු කිරීමට ඉඩ තිබෙන නිසා බව සරත් ප්‍රේමතිලක පෙන්වා දෙනවා.

සීමිත ඕවර 50 ක්‍රිකට් තරගයක් මෙන් මේ ග්‍රන්ථය ලියා අවසන් කළ හැකි බවට තමා සිතුවත් ඒ වෙනුවට එය පස්-දින ටෙස්ට් තරගයක් මෙන් ඇදී ගිය බව ඔහු ප්‍රකාශ කරනවා.

“පොත සම්පූර්ණ කරන්න මට අවුරුදු හතරක් ගතවුණා. පොත මුද්‍රණයට යාමට පෙර එහි ඇතුළත් දත්ත සහ විස්තර සියයට සියයක්ම සත්‍ය බවට තහවුරු කරගන්න මම පස් වතාවක් එය පරීක්ෂා කළා” යනුවෙන් සරත් ප්‍රේමතිලක කියා සිටිනවා.

ලෝක කුසලාන නායකයන් 9 දෙනාගෙන්ම ගත් අප්‍රකට තොරතුරු

165a1bd0 610c 11ee ab71 b9227e76905d.jpg

ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක් ගෙන පොත ආරම්භ කිරීමට තමා කල්පනා කළ බවත් ඒ සඳහා හොඳම පුද්ගලයා අනුර තෙන්නකෝන් බවට තමා තීරණය කළ බවත් ඔහු සඳහන් කරනවා. “ඔහු එංගලන්තයේදී 1975 වසරේ පළමු වරට පැවති ලෝක කුසලාන තරගාවලියේ තරග බිමේ හා ඉන් පිටත සිදුවූ ලස්සන කතා මට ලබා දෙමින් මාව ප්‍රබෝධමත් කළා.”


1975 සිට 2023 දක්වා සිටි ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් නායකයින් නව දෙනා ම සමග කතා කිරීමේ වරප්‍රසාදය තමාට ලැබුණු බවත් තමා‌ගේ ප්‍රධාන අරමුණ වුණේ කිසිම වේදිකාවකින් කොහෙත්ම අසන්නට නොලැබුණු අතිවිශිෂ්ට දෙයක් පාඨකයින්ට පිළිගැන්වීම බවත් ප්‍රේමතිලක සඳහන් කරනවා.

මේ පොත මුද්‍රණය කිරීමේ සම්පූර්ණ වියදම තමා දැරුවත් ඒ වෙනුවෙන් තමාව උනන්දු කරමින් විශාල සහායක් ලබා දුන් බිරිඳ, දියණිය හා පුතා ට තමා බෙහෙවින් ස්තුතිවන්ත වන බව සරත් ප්‍රේමතිලක වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...