The Leader News
BREAKING
ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●ශ්‍රී ලාංකේය පාපන්දුවේ නැගිටීම ආසියානු ලොක්කාගේ ප්‍රසංසාවට!●50 වැනි ස්වර්ණ ජයන්ති ජාතික ක්‍රීඩා උළෙලත් මර උගුලක් වෙයිද?●ආගමික මිත්‍යාව: ඇකඩමියානු නිහඬතාව සහ අබලන් වූ සමාජයක අනාගතය●මොකක්ද මේ සැවොම කතාවෙන බෝනික්කන්ට කටු ගැසීම●බෙහෙත් වට්ටෝරු රීති නොතැකූ මේගන් ෂුට්ට තරග තහනමක්●ලොවම මවිත කළ නේපාල දැරියගේ අත්අකුරු ආශ්චර්යය●
Top Ad
ක්‍රීඩා

කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!

Pasan

Pasan

October 24, 2026 • 8:20 PM

කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙන්යානු මලල ක්‍රීඩාවට තවත් මරු පහරක් වැදී තිබෙනවා.
  • තහනමට ලක් වූ කෙන්යානුවන් ගණන 140 ඉක්වයි මේ තහනමත් සමග ජෙප්ෂියකියා AIU විසින් 2017 වසරේ සිට තරග තහනමට ලක් කර ඇති කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙකුට වැඩි පිරිසට එක්වන අතර වර්තමාන කාන්තා මැරතන් ලෝක වාර්තාව උසුලන Ruth Chepngetich ද මේ අතර සිටිනවා.
  • ජෙප්ෂියකියාගේ තරගවලින්-පිට සාම්පලය කෙන්යාවේදී ලබා ගෙන තිබෙන්නේ ඇය මෑතදී ලැබූ සිඩ්නි මැරතන් ජයග්‍රහණයට පෙර බව AIU ප්‍රකාශ කරනවා.
  • ජෙප්ෂියකියාගේ ප්‍රශංසනීය ක්‍රීඩා දිවිය තුළ ඇය අර්ධ-මැරතන් ඉසව්වේ හිටපු ලෝක වාර්තාලාභිනියව සිටි අතර සිඩ්නි මැරතන් (2026), ලන්ඩන් මැරතන් (2024), බොස්ටන් මැරතන් (2022) හා නිව්යෝක් මැරතන් (2021) යන ශූරතා සමග සිවු වතාවක ලෝක මැරතන් ශූරිය ලෙස ද කිරුළු පැලඳ සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙන්යානු මලල ක්‍රීඩාවට තවත් මරු පහරක් වැදී තිබෙනවා.

තහනම් ශරීර උත්තේජන භාවිතා කිරීම හේතුවෙන් ලෝක මැරතන් ශූරී පෙරෙස් ජෙප්ෂියකියා (Peres Jepchirchir) ට තරග තහනමක් පනවා තිබෙන්නේ 2029 ලෝක ශූරතාවලිය නයිරෝබි නගරයට ලබා දීමේ ලෝක මලල ක්‍රීඩා ආයතනයේ තීරණය අභියෝගයට ලක්වෙමින් හා එම අප්‍රිකානු දේශයේ මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිපත්ති පිළිබඳ පරීක්ෂාව වැඩිවෙමින්.

වසර 2021 ටෝකියෝ ඔලිම්පික් රන් පදක්කම දිනා ගෙන ඉතාමත් ඉහළ ගෞරවයක් හිමි කරගෙන සිටින මේ 33 හැවිරිදි කෙන්යානු දුර දිවීමේ ක්‍රීඩිකාවගේ තරගවලින් පිට කාලයේ කෙරුණු පරීක්ෂණයකදී EPO නමැති තහනම් රුධිර වර්ධකය භාවිතා කර ඇති බවට ඔප්පු වීමෙන් පසුව ඇයට තරගවලට සහභාගි වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

තහනම් මත්ද්‍රව්‍ය භාවිතයේ පරීක්ෂණයක් පැවැත්වෙද්දී මලල ක්‍රීඩා අවංකත්වයේ ඒකකය (AIU) නියම කරන්නේ තාවකාලික තරග තහනමක්.

World marathon champion Jepchirchir provisionally banned by AIU over EPO  finding | Reuters

තහනමට ලක් වූ කෙන්යානුවන් ගණන 140 ඉක්වයි

මේ තහනමත් සමග ජෙප්ෂියකියා AIU විසින් 2017 වසරේ සිට තරග තහනමට ලක් කර ඇති කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙකුට වැඩි පිරිසට එක්වන අතර වර්තමාන කාන්තා මැරතන් ලෝක වාර්තාව උසුලන Ruth Chepngetich ද මේ අතර සිටිනවා.

ජෙප්ෂියකියාගේ තරගවලින්-පිට සාම්පලය කෙන්යාවේදී ලබා ගෙන තිබෙන්නේ ඇය මෑතදී ලැබූ සිඩ්නි මැරතන් ජයග්‍රහණයට පෙර බව AIU ප්‍රකාශ කරනවා.

ජෙප්ෂියකියාගේ ප්‍රශංසනීය ක්‍රීඩා දිවිය තුළ ඇය අර්ධ-මැරතන් ඉසව්වේ හිටපු ලෝක වාර්තාලාභිනියව සිටි අතර සිඩ්නි මැරතන් (2026), ලන්ඩන් මැරතන් (2024), බොස්ටන් මැරතන් (2022) හා නිව්යෝක් මැරතන් (2021) යන ශූරතා සමග සිවු වතාවක ලෝක මැරතන් ශූරිය ලෙස ද කිරුළු පැලඳ සිටියා.

කෙන්යානු ක්‍රීඩා ක්ෂේත්‍රය කම්පනයට

මෙවැනි වැදගත්කමක් තිබෙන ක්‍රීඩිකාවක් තහනම් ශරීර උත්තේජන භාවිතා කර ඇති බවට තහවුරු වීමෙන් පසුව මුළු කෙන්යානු ක්‍රීඩා ක්ෂේත්‍රය ම කම්පනයට පත්ව සිටිනවා.

2029 වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ප්‍රදානය කළ සැණින් මෙවැනි සිදුවීමක් වාර්තා වීමෙන් කෙන්යාවේ ජාතික ඔලිම්පික් කමිටුව මහත් කලකිරීමට පත්ව සිටිනවා.

“කෙන්යාව මහත් ආඩම්බරයෙන් ලෝකයට කියනවා අපේ රට තමයි ශූරයින්ගේ නිවහන කියලා. නමුත් ඒ නිවස ගෞරවනීය හා විශ්වාසනීය ලෙස පැවතීමට නම් එය පිරිසිදු ස්ථානයක් ද විය යුතුයි”

යනුවෙන් මේ මස මුල කෙන්යාවේ තෙදින සංචාරයකට පැමිණි ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ (WADA) ප්‍රධානී විටෝල්ඩ් බන්කා, කෙන්යාව ට කියා සිටියේ එරටට ශක්තිමත් පිරිසිදු ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍යව තිබෙන බව අවධාරණය කරමින්.


වර්නන් ගුණසේකර
(ක්‍රීඩා සංස්කාරක) 

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...