The Leader News
BREAKING
පොලිසියේ 'බිලී කොක්ක' සහ පුරවැසියාගේ මූලික අයිතිය●රාජ්‍ය ආයතන 34ක් වැසීමට මුදල් අමාත්‍යාංශයෙන් පියවර●ඥානසාර හිමිට යළි සිවුර ඇන්දවීමට අධිකරණය මැදිහත් නොවෙයි●මීගමුව බන්ධනාගාර මරණ පිටුපස අපරාධයක්: පුළුල් CID විමර්ශනයක් ඇරඹේ●IMF පසු එකඟතාවක් නැතිව ශ්‍රී ලංකාවට යා හැකිද? - රවී ප්‍රශ්න කරයි●රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට අලුත් නීති: යටිතල පහසුකම්වලට පෞද්ගලික ප්‍රාග්ධනය කැඳවයි●විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් බිලියන 19ක පාඩුවක්●කෘත්‍රිම බුද්ධියෙන් හෙළිවන මෘදුකාංග දෝෂ: සයිබර් අවකාශයට අලුත් අර්බුදයක්?●බර අඩුකරන ඖෂධ රැල්ලෙන් මතු වූ ප්‍රෝටීන් උන්මාදය සහ මාර්කටින් උගුල●මැතිවරණ අභියස ඩීසල් අර්බුදය හමුවේ ට්‍රම්ප්ගෙන් දැවැන්ත ආර්ථික ඔට්ටුවක්●
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන ටෙනිස් සභාපතිත් ආසියානු ක්‍රීඩා උළෙලේ තරග බිමට බසී!

T

The Leader Desk

September 23, 2026 • 2:05 PM

පාකිස්තාන ටෙනිස් සභාපතිත් ආසියානු ක්‍රීඩා උළෙලේ තරග බිමට බසී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ ක්‍රීඩකයන්ට පන්නරයක් දෙමින් සභාපති ධුරයේ රාජකාරි සහ ක්‍රීඩා පිටියේ අභියෝගය එකවර බාරගනී.
  • හිටපු අමෙරිකානු විවෘත යුගල අවසාන තරගකරුවෙකු වන (ඉන්දියාවේ Rohan Bopanna සමග) 46 හැවිරිදි අයිසාම් උල් හක් කුරේෂි (Aisam ul Haq Qureshi) ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් යුගල ඉසව්වේ තරග කරන බව පවසන්නේ, “ඔව් මම තමයි පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ සභාපති.
  • ඒ එක්කම, මම සම්පූර්ණයෙන් ‘ෆිට්’ එකේ ඉන්න නිසාත් තවමත් ස්ථිරව ටෙනිස් ක්‍රීඩා කරන නිසාත් යුගල ඉසව්වේ තරග කරන්න තීරණය කළා” යනුවෙන් සඳහන් කරමින්.
  • පාකිස්තානය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි හා කාන්තා ටෙනිස් තරගාවලියන් දෙක ට ම සහභාගි වන අතර ඔවුන් සතුව පළපුරුද්ද හා යෞවනයේ හොඳ සංයෝජනයක් තිබෙන බව අයිසාම් ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

* තරුණ ක්‍රීඩකයන්ට පන්නරයක් දෙමින් සභාපති ධුරයේ රාජකාරි සහ ක්‍රීඩා පිටියේ අභියෝගය එකවර බාරගනී.

පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ සභාපතිවරයා ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කිරීමට තීරණය කර තිබෙනවා.

 

හිටපු අමෙරිකානු විවෘත යුගල අවසාන තරගකරුවෙකු වන (ඉන්දියාවේ Rohan Bopanna සමග) 46 හැවිරිදි අයිසාම් උල් හක් කුරේෂි (Aisam ul Haq Qureshi) ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් යුගල ඉසව්වේ තරග කරන බව පවසන්නේ, “ඔව් මම තමයි පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ සභාපති. මම සභාපති විදියට මගේ රාජකාරිය ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉටු කරනවා. ඒ එක්කම, මම සම්පූර්ණයෙන් ‘ෆිට්’ එකේ ඉන්න නිසාත් තවමත් ස්ථිරව ටෙනිස් ක්‍රීඩා කරන නිසාත් යුගල ඉසව්වේ තරග කරන්න තීරණය කළා” යනුවෙන් සඳහන් කරමින්.

 

පාකිස්තානය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි හා කාන්තා ටෙනිස් තරගාවලියන් දෙක ට ම සහභාගි වන අතර ඔවුන් සතුව පළපුරුද්ද හා යෞවනයේ හොඳ සංයෝජනයක් තිබෙන බව අයිසාම් ප්‍රකාශ කරනවා. තමා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමග පුහුණු වී තිබෙන බවත් සංචිතයේ සිටින තරුණ ක්‍රීඩකයන්ට උපකාර කිරීම සඳහා තමා තමාගේ උපරිමයෙන් ක්‍රියා කර ඇති බවත් පාකිස්තාන ටෙනිස් සභාපතිවරයා කියා සිටිනවා.

 

සීමා කිරීම් තිබියදීත් පාකිස්තාන ටෙනිස් ක්‍රීඩාව ඉදිරියට ගමන් කරමින් සිටින අතර තම රට ඔක්තෝබර් මාසයේදී ‘බිලී ජීන්’ කාන්තා ඉසව්වට සත්කාරකත්වය දක්වන බව අයිසාම් කියනවා. රටවල් 10ක ටෙනිස් ක්‍රීඩිකාවන් මීට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

 

පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ද මේ තරගාවලිය යොදා ගැනෙනු ඇතැයි ඔහු පවසනවා.

 

පාකිස්තානයේ ඉහළම හා වඩාත්ම වටිනා ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් අයිසාම් ජාත්‍යන්තර ටෙනිස් ක්ෂේත්‍රයේ වසර ගණනාවක්ම රැඳී සිටියේ ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ඉසව්වල තරග කරමින්. අනතුරුව පාකිස්තාන ටෙනිස් සම්මේලනයේ මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු 2024 වසරේදී එහි සභාපති ලෙස තෝරා පත්කර ගැණුනා.


warnan Gunasekara

 (සටහන : වර්නන් ගුණසේකර)

 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

 gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...