ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිටින්නේ 184 වැනි ස්ථානයේ. භූතානය පසුවන්නේ 192 වැනි ස්ථානයේ.
දෙපිලේ මෑතකාලීන වාර්තා සහ ශ්‍රී ලංකාවේ වාසිය
මේ කණ්ඩායම් දෙක මීට පෙර කිහිප වතාවක්ම මුණගැසී තිබෙන අතර මෑතකදී පැවති තරගවල ජයග්‍රහණ අත්කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකාව. දෙපිල අතර මීට පෙර ආසන්නතම තරගය පැවැත්වුණේ පසුගිය ජූනි 8 වැනිදා. බැංකොක් නගරයේ පැවති ඒ මිත්‍ර තරගයේදී ශ්‍රී ලංකාව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ඩබ්ලිව්. ඩෙකර්, භාරට් සුරේෂ්, වසීම් රාසික් හා රාහුල් සුරේෂ් මාර්ගයෙන් ගෝල ලබා ගනිමින්. භූතානය වෙනුවෙන් ගෝලය ලබා ගත්තේ රෙන්සින් ඩෝජි.
2024 මාර්තු 25 වැනිදා පැවති ජාත්‍යන්තර මිත්‍ර තරගය ගෝල 2-0කින් ජය ගත්තේ ද ශ්‍රී ලංකාවයි.
2015 මාර්තු මාසයේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවල පළමු අදියර භූතානය 1-0කින් ජයග්‍රහණය කළ ද, දෙවැනි අදියර 2-1කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුව සහ බංග්ලාදේශ අභියෝගය
භූතානය මේ තරගාවලියේ ආරම්භක දිනයේ පැවති තරගයේදී බංග්ලාදේශය හමුවේ 1-0ක පරාජයක් ලැබුවා. එම තරගයේදී ජයග්‍රාහී ගෝලය 69 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ මොහොමඩ් ඊබ්‍රාහිම්.
ශ්‍රී ලංකාවේ ඊළඟ ගැටුම තිබෙන්නේ බංග්ලාදේශය සමගයි. එය නොවැම්බර් 11 වැනිදා පැවැත්වෙනවා. භූතානය සමග හෙට (8) තරගය ජය ගෙන බංග්ලාදේශ තරගය ජය පැරදුමෙන් තොරව කෙළවර කර ගතහොත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

බංග්ලාදේශ පාපන්දු සම්මේලනයේ සභාපති ටබිත් අවාල්, දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAAF) මහ ලේකම් පුරුෂොට්ටම් කටෙල් සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් 2026 සාෆ් කුසලානය සමග...
වර්ණවත් සමාරම්භය සහ කුසලානය නිරාවරණය කිරීම
ගිනිකෙළි හා ලේසර් කිරණ සංදර්ශනයකින් සහ DJ සංගීතයෙන් රසවත් වෙමින් පැයකට ආසන්න කාලයක් තිස්සේ බ්‍රහස්පතින්දා පැවති 2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ සමාරම්භක උත්සවයෙන් බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික ක්‍රීඩාංගණය ප්‍රාණවත් වුණා.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උළෙලේ ද කැපී පෙනෙන කාර්යයක් ඉටු කළ බංග්ලාදේශ ජාතික DJ සන්ජෝයි දේව් නරඹන්නන්ගේ සිත් ඇද ගැනීමට සමත් වුණා.
තරගාවලියේ සත්කාරක රට වන බංග්ලාදේශය සහ භූතානය අතර පෙරේදා පැවති තරගයට මිනිත්තු 15කට පෙර සාෆ් කුසලානය (SAFF trophy) නිරාවරණය කෙරුණා. තරගාවලියක් ආරම්භ කිරීමට පෙර කුසලානය නිරාවරණය කිරීම චාරිත්‍රානුකූල වුවත් මෙවර එම උත්සවය පැවැත්වුණේ ආරම්භක දිනයේ දෙවැනි තරගයට පෙරයි. ඒ වන විට ඉන්දියාව පළමු තරගයෙන් පාකිස්තානය ගෝල 3-2කින් පරාජය කර තිබුණා.
2003 වසරේ සාෆ් ශූරතාවලිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායමේ සිටි ගෝල් රකින්නා වූ, හිටපු බංග්ලාදේශ පාපන්දු නායක සහ වර්තමානයේ බංග්ලාදේශ තරුණ කටයුතු හා ක්‍රීඩා රාජ්‍ය ඇමති අමිනුල් හක් විසින් කුසලානය නිරාවරණය කරනු ලැබුවා.
(සටහන - වර්නන් ගුණසේකර)



