පාපන්දුවේ වඩාත්ම කීර්තිමත් ක්රීඩකයෙකු වන ලියොනල් මෙසීගේ උරුමයට උද්භිද විද්යාත්මක ගෞරවයක් එක් කරමින් විද්යාඥයින් අලුතින් හඳුන්වා දෙන ශාක විශේෂයකට ආජන්ටිනා පාපන්දු ලෙජන්ඩ්ගේ නම යොදා තිබෙනවා.
පාපන්දු ක්රීඩාවේ ප්රධානතම නම්බු නාමයන් සියල්ලම පාහේ දිනා ගෙන සිටින මෙසී ට මේ අලුත්ම උපහාරය පැමිණෙන්නේ ලෝකයේ අනපේක්ෂිත හුදෙකලා තැනකින්.
Salvia messii
Salvia messii ලෙස නම් කර තිබෙන මේ පැළෑටිය පෙරූ රටේ මධ්යම හා දකුණු ප්රදේශයේ ඇන්ඩීස් කඳුවැටියට ආවේණික ශාකයක්. එම පැළෑටියෙන් හටගන්නා මල්වල තිබෙන සුදු හා ළා නිල් පැහැය ආජන්ටිනාවේ ජාතික කණ්ඩායමේ ජර්සි වර්ණය සමග සමාන වීම නිසා එයට මෙසීගේ නම තැබීමට පර්යේෂකයන් අදහස් කර තිබෙනවා.
මෙහි පැතිරීම සීමා වී ඇති බැවින් එම ශාක විශේෂය වඳ වීමේ තර්ජනයට ලක්වූවක් ලෙස පර්යේෂකයන් විසින් වර්ග කර තිබෙන්නේ එය වැවෙන ස්වාභාවික පරිසරයට තිබෙන සීමිත භූගෝලීය පරාසය පිළිබඳව සැලකිලිමත් වෙමින්.

Salvia messii යන නාමය අනුගමනය කරන්නේ උද්භිද විද්යාත්මක නාමාවලිය යි. ඒ යටතේ ජනතාවට ගෞරව කිරීම පිණිස ශාක විශේෂයන් නම් කිරීමේ හැකියාව තිබෙනවා. Salvia යනු ශාක වර්ගයේ නම වන අතර messii යන නාමයෙන් ආජන්ටිනා පාපන්දු තරුවට උපහාරය පිදෙනවා.
අසාමාන්ය උපහාරයක්
ගෝල, කුසලාන හා තනි වාර්තාවලින් නිර්වචනය වී තිබෙන මෙසීගේ කීර්තිමත් ක්රීඩා දිවියට මේ ගෞරවය මගින් වෙනස් ආකාරයේ හැඳින්වීමක් ලැබෙනවා. එය පාපන්දු ක්රීඩකයකු ලැබූ අසාමාන්ය උපහාරක් ලෙස සැලකෙනවා.
ඔහුගේ නම දැන් ජීව විද්යාත්මක වාර්තාවල සටහන් වනු ඇත්තේ ආජන්ටිනාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ වර්ණ විසින් මේ ක්රීඩකයා සහ අලුතින් නම් කළ ශාක විශේෂය අතර සම්බන්ධය ලබාදෙමින්.




