තහවුරු කරගත් තරඟ පාවාදීම
29 හැවිරිදි ස්ටෙෆාන් මිලිසවිච් (Stefan Milicevic) ඔහු ක්රීඩා කළ තරග පහක් ඇතුළුව තරග හයක් පාවා දී තිබෙන්නේ වසර 2022 හා 2024 අතර කාලයේ තවත් තරග හයක් ද පාවා දීමට උත්සාහ කරමින් බවට ජාත්යන්තර ටෙනිස් අවංකත්වයේ ඒජන්සිය (ITIA) ප්රකාශ කරනවා.
මීට අමතරව, මේ වකවානුවේදී ම දූෂිත ජාලයක කොටසක් වශයෙන් වෘත්තීය ක්රීඩකයින් කිහිප දෙනෙකුම අලුතින් බඳවා ගැනීම හෝ බඳවා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද මිලිසවිච් ට චෝදනා කර තිබූ බවත් එම බඳවා ගැනීම්වල ප්රතිඵලයක් ලෙස තවත් ක්රීඩකයින් ගණනාවක් තරග පාවා දුන් බවත් ITIA නිවේදනයක් මගින් කියා තිබෙනවා.
2050 දක්වා තරග තහනමක් සමග ඩොලර් 70000ක දඩයක්!
මිලිසවිච් ට වෘත්තීය ටෙනිස් ක්රීඩකයන්ගේ සංගමයේ (ATP) ඉහළම ශ්රේණිය ලෙස තිබුණේ 1,338 වැනි පහත් තත්ත්වයක්. ඔහු පිළිබඳව කෙරුණු පරීක්ෂණයට ඔහුගේ සහභාගිත්වයක් හෝ සහයෝගයක් නොලැබුණු අතර ඔහුට ඩොලර් 70,000ක දඩයක් ද නියම කර ඇතැයි වාර්තා වනවා.
තහනමට ලක්ව සිටින කාලයේදී මිලිසවිච් ට ටෙනිස් ක්රීඩා කිරීම, පුහුණු කිරීම හෝ ලෝක ටෙනිස් ආයතනය, ලෝක ටෙනිස් සංගමය, ATP, ග්රෑන්ඩ් ස්ලෑම්ස් හෝ වෙනත් ජාතික සංගම් විසින් සංවිධානය කරන කිසිම තරගාවලියකට සහභාගි වීමට ඉඩ නොදෙන බව ITIA පවසනවා.
ඔහුගේ තහනම නිල වශයෙන් අවසන් වන්නේ 2050 වසරේ ඔක්තෝබර් 8 වැනි දිනයේයි.
- වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




