The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු පිලට සීෂෙල්ස් හමුවේ 3-0ක ඓතිහාසික ජයක්!

T

The Leader Desk

September 28, 2026 • 3:26 PM

ශ්‍රී ලංකා පාපන්දු පිලට සීෂෙල්ස් හමුවේ 3-0ක ඓතිහාසික ජයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 12කට පසුව ශ්‍රී ලාංකික සිංහ ඝෝරනාදය සීෂෙල්ස් ට එරෙහි පාපන්දු තරග බිමේ ඊ‌යේ යළි දෝංකාර වුණා.
  • ශ්‍රී ලංකාව මීට පෙර 2014 වසරේ වික්ටෝරියා හිදී සීෂෙල්ස් ගෝල් 2-1කින් පරාජය කළා.
  • දොළොස් වසරකට පසුව යළි එම තරග බිමට ඊයේ පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර වාර්තා කළේ තමන් තුළ විශ්වාසය ඇති කරවන 3-0ක ජයක්.
  • පෙනල්ටියක් මගින් ලබා ගත් මේ වටිනා ගෝලය හේතුවෙන් විරාමය එළඹෙන විට 1-0කින් පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වසර 12කට පසුව ශ්‍රී ලාංකික සිංහ ඝෝරනාදය සීෂෙල්ස් ට එරෙහි පාපන්දු තරග බිමේ ඊ‌යේ යළි දෝංකාර වුණා.

 

සීෂෙල්ස් අගනුවර වන වික්ටෝරියා හි ලීනීටේ (Linite) ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවති ජාත්‍යන්තර මිත්‍ර පාපන්දු තරගයේ වැඩි වේලාවක් සිය අණසක පැතිරවීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය මනාව පාලනය කරගෙන ගෝල් 3-0කින් ජයග්‍රහණය තහවුරු කර ගත් අතර තරගයට නැවත අවතීර්ණ වීමේ ක්‍රමයක් සොයා ගැනීමට සීෂෙල්ස් කණ්ඩායමට හැකිවුනේ නැහැ.

 

ශ්‍රී ලංකාව මීට පෙර 2014 වසරේ වික්ටෝරියා හිදී සීෂෙල්ස් ගෝල් 2-1කින් පරාජය කළා. දොළොස් වසරකට පසුව යළි එම තරග බිමට ඊයේ පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර වාර්තා කළේ තමන් තුළ විශ්වාසය ඇති කරවන 3-0ක ජයක්. මේ අමතක නොවන ප්‍රතිඵලය ශ්‍රී ලංකා - සීෂෙල්ස් පාපන්දු ඉතිහාස පොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ පරිච්ඡේදයක් සනිටුහන් කරනවා.

 

Seychelles3 20260928

 

රාජමෝහන් සහ ඩිලන්ගෙන් විශිෂ්ට ගෝල් ප්‍රහාරයක්

 

අධවන් රාජමෝහන් ගෝල් දෙකක් ද, ඩිලන් ද සිල්වා එක් ගෝලයක් ද වාර්තා කළේ සීෂෙල්ස් කණ්ඩායමට අන්ත පරාජයක් ලබා දෙමින්.

 

රාජමෝහන් තරගයේ පළමු භාගයේ අතිරේක කාලයේ අවසන් තත්පරවලදී දීප්තිමත්ව බැබලෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල් ලබා ගැනීම ආරම්භ කළා. පෙනල්ටියක් මගින් ලබා ගත් මේ වටිනා ගෝලය හේතුවෙන් විරාමය එළඹෙන විට 1-0කින් පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

 

දෙවැනි භාගය මුලදී නිසි වේලාවේ විශිෂ්ට ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළ පළපුරුදු මැදපෙළ ක්‍රීඩක රාජමෝහන් තරගයේ 52 වැනි මිනිත්තුවේදී ඔහුගේ දෙවැනි ගෝලය ලබා ගනිමින් ශ්‍රී ලංකාව තරගයේ 2-0කින් තවත් ඉදිරියට ගෙන ගියා.

 

ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළේ 76 වැනි මිනිත්තුවේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලීනීටේ පිටියේ ඔවුන්ගේ ආධිපත්‍යය ගෝල් 3-0ක ජයග්‍රහණයකින් ශක්තිමත්ව තහවුරු කර ගත්තා.

 

Seychelles2 20260928

 

සාෆ් ශූරතාවට පෙර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

 

නව පරිවර්තනයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ වෙනස් නොවන දියුණුව, විශ්වාසය හා සටන්කාමී ජීවය ප්‍රදර්ශනය කරමින් තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වාම පවත්වා ගෙන ගිය මනා පාලනය නොවැම්බර් මාසයේ සාෆ් ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන සූදානමේ තවත් වැදගත් පියවරක් වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා.

 

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල 187 වැනි ස්ථානයේ සිට 186 දක්වා එක ශ්‍රේණියකින් ඉහළට පිවිසියා.

 

 

 (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 gunasekera33@gmail.com

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...