The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාත්‍යන්තර T20 ඉනිමක කඩුලු 9ක්: බ්‍රසීල පන්දු යවන්නියගෙන් නව ලෝක වාර්තාවක්

T

The Leader Desk

April 10, 2026 • 9:31 AM

ජාත්‍යන්තර T20 ඉනිමක කඩුලු 9ක්: බ්‍රසීල පන්දු යවන්නියගෙන් නව ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රසීලයේ 21 හැවිරිදි ලෝරා කඩෝසෝ (Laura Cardoso) අපූර්ව පන්දු යැවීමක නිරත වෙමින් එක ඉනිමකදී කඩුලු නවයක් ලබා ගත් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිමි හෝ කාන්තා පළමුවැන්නා බවට පත්ව සිටිනවා.
  • කඩෝසෝගේ මේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර T20 ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති වාර්තා බිඳ වැටුනා.
  • පිරිමි ජාත්‍යන්තර විස්සයි20 තරගයක කඩුලු අටක් ලබා ගෙන සිටි භූතානයේ සොනාම් යේෂී පසුකර ගිය ඇය කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ ඉන්දුනීසියාවේ රෝමලියා රෝමලියා‌ගේ කඩුලු හතක වාර්තාව ද අභිභවා ගියා.
  • ඊළඟ ඕවරයේදී කඩුලු හතරක් ඩැහැගත් ඇය ඒ රිද්මය හා පාලනය තවදුරටත් පවත්වා ගෙන යමින් ඇයගේ අවසාන ඕවරයේදී තවත් කඩුලු දෙකක් එකතු කරගෙන කඩුලු නවයක් සම්පූර්ණ කළේ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් දක්නට නොලැබුනු පන්දු යැවීමක් වාර්තා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෙසූටූ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ඇය ඕවර තුනක් ඇතුළත ලකුණු 4ක් පමණක් ලබා දී කඩුලු 9ක විස්මිත පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළේ ප්‍රතිවාදීන්ගේ ඉනිම සම්පූර්ණයෙන් කඩා දමමින් හා නව ලෝක වාර්තාවක් පිහිටුවමින්.

කඩෝසෝගේ මේ ජයග්‍රාහී ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර T20 ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති වාර්තා බිඳ වැටුනා. පිරිමි ජාත්‍යන්තර විස්සයි20 තරගයක කඩුලු අටක් ලබා ගෙන සිටි භූතානයේ සොනාම් යේෂී පසුකර ගිය ඇය කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ ඉන්දුනීසියාවේ රෝමලියා රෝමලියා‌ගේ කඩුලු හතක වාර්තාව ද අභිභවා ගියා.

CRICKET BRAZIL

ඇගේ මේ සුවිශේෂී පන්දු යැවීම ඇරඹුනේ ඉනිම මුලදී ම පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්-ට්‍රික්) ලබා ගනිමින්. ඊළඟ ඕවරයේදී කඩුලු හතරක් ඩැහැගත් ඇය ඒ රිද්මය හා පාලනය තවදුරටත් පවත්වා ගෙන යමින් ඇයගේ අවසාන ඕවරයේදී තවත් කඩුලු දෙකක් එකතු කරගෙන කඩුලු නවයක් සම්පූර්ණ කළේ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් දක්නට නොලැබුනු පන්දු යැවීමක් වාර්තා කරමින්.

Laura Cardoso

කඩෝසෝගේ වික්‍රමයන්ට පෙර බ්‍රසීලය මුළු ලකුණු 202ක් රැස් කරගෙන තිබුණා. කඩෝසෝ‌ගේ පන්දු ප්‍රහාරය හමුවේ ලෙසූටූ කණ්ඩායම ඕවර 6.2ක් ඇතුළත ලකුණු 13කට දැවී ගියේ බ්‍රසීලය ට ලකුණු 189ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දෙමින්.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...