BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවේ මන්දානා ඉතිහාසය අලුතින් ලියයි: කාන්තා T20 වැඩිම ලකුණුලාභිනිය වෙයි !

T

The Leader

September 20, 2026 • 8:12 AM

ඉන්දියාවේ මන්දානා ඉතිහාසය අලුතින් ලියයි: කාන්තා T20 වැඩිම ලකුණුලාභිනිය වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුසී බේට්ස්ගේ වාර්තාව බිඳ දමමින් සුපිරි පිතිකාරිනිය පෙරමුණට; T20 හයේ පහර 100 සමාජයටත් එක්වෙයි.
  •   ඇය අද බංග්ලාදේශය ට එරෙහිව පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන්-පූර්ව තරගයේදී නවසිලන්තයේ සුසී බේට්ස්ගේ වාර්තාව මකා දමමින් කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ වැඩිම ලකුණුලාභිනිය බවට පත්වුණා .
  •   බේට්ස් අභිබවා යාම පිණිස මන්දානා ට අවශ්‍යව තිබුණේ ලකුණු හතක් පමණයි.
  • ඇය ඒ ඉලක්කය තෙවැනි ඕවරයේදී සපුරා ගත්තේ හතරේ පහරක් එල්ල කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසියානු ක්‍රීඩා උළෙලේදී නව වාර්තාවක් පිහිටවූ ඉන්දීය උපනායිකාවගෙන් තවත් සුවිශේෂී කඩඉමක්.

 

ඉන්දියා ආරම්භක පිතිකාරිනී මර්තී මන්දානා දැන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු ලබා ගැනීමේ ලැයිස්තුවේ මුදුනට පිවිස සිටිනවා.

 

ඇය අද බංග්ලාදේශය ට එරෙහිව පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන්-පූර්ව තරගයේදී නවසිලන්තයේ සුසී බේට්ස්ගේ වාර්තාව මකා දමමින් කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ වැඩිම ලකුණුලාභිනිය බවට පත්වුණා.

mandhana2 20260920

 

බේට්ස් අභිබවා යාම පිණිස මන්දානා ට අවශ්‍යව තිබුණේ ලකුණු හතක් පමණයි. ඇය ඒ ඉලක්කය තෙවැනි ඕවරයේදී සපුරා ගත්තේ හතරේ පහරක් එල්ල කරමින්.

 

ඉන්දියා උපනායිකාව ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට පැමිණියේ සාර්ථක ආසියානු කුසලාන මෙහෙයුමකින් පසුවයි. එම තරගාවලිය ඇය අවසන් කළේ එහි දෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ලෙසින්.

 

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභිනිය ලෙස කිරුළු පැළඳීම දක්වා ආ ගමනේදී මන්දානා ලකුණු 213ක් රැස් කර ගත්තේ හොංකොං චීනය ට එරෙහිව ශතකයක් ද වාර්තා කරමින්.

 

mandhana3 20260920 

 කාන්තා ජාත්‍යන්තර T20 වැඩිම ලකුණුලාභිනියෝ

 

4761 - මර්තී මන්දානා (ඉන්දියාව)

4758 - සුසී බේට්ස් (නවසීලන්තය)

4287 - හාමන්ප්‍රීත් කවුර් (ඉන්දියාව)

 

බංග්ලාදේශය ට එරෙහිව අද පැවති තරගයේ පන්දු 19කින් ලකුණු 37ක් මන්දානා ලබා ගත්තේ හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් එල්ල කරමින්. මේ හයේ පහර යුගලය ඇයට ජාත්‍යන්තර කාන්තා විස්සයි20 හයේ පහර 100 ලැයිස්තුවේ සොෆී ඩිවයින්, ඩිඇන්ඩ්‍රා ඩොටින් හා චමරි අතපත්තු සමග එක්වීමට අවස්ථාව ලබා දුන්නා.

 

කාන්තා ජාත්‍යන්තර T20 වැඩිම හයේ පහර

 

134 - සොෆී ඩිවයින් (නවසිලන්තය)

134 - ඩිඇන්ඩ්‍රා ඩොටින් (බටහිර ඉන්දීය කොදෙව්)

120 - චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

100 - මර්තී මන්දානා (ඉන්දියාව)

 

 warnan Gunasekara

  (සටහන : වර්නන් ගුණසේකර)

  'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

  gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...