The Leader News
BREAKING
මානව හිමිකම් කොමිසමට විශ්‍රාමික විනිසුරු මලල්ගොඩ ප්‍රධානත්වයෙන් නව නායකත්වයක්●තරුණ වියේදීම පිළිකා වැඩිවන්නේ ඇයි? ලක්ෂයක පරීක්ෂණයක්●මිලේනියල් සහ Gen Z සමඟ එජාපයට නව මුහුණුවරක්●සයිබර් වංචාවලදී නිදහසට කරුණු නොකියා බැංකු වන්දි ගෙවිය යුතුයි●රාජිතගේ 'අපේ ගෙදර ගිනිතියයිද' වර්ෂ පූර්ණ දැක්ම ඔක්තෝම්බර් 31●ඉන්දීය රුපියල රැකීමේ සටනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙසක්●පාකිස්තානය: මානව හිමිකම් නීතිඥ ඉමාන් මසාරිට දස වසරක සිරදඬුවමක්●ඕස්ට්‍රේලියාවේ පස් යට වැළලෙන ඩොලර් මිලියන 200ක රබර් නිධානය●‘ෆීනික්ස්’ රාජාලියා විශ්‍රාම යවන්නැයි ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට බලකරයි!●ශරීර අවයව රක්ෂණය කළ ලොව සුපිරි ක්‍රීඩකයෝ...●
Top Ad
ක්‍රීඩා

ශරීර අවයව රක්ෂණය කළ ලොව සුපිරි ක්‍රීඩකයෝ...

ලොව සුපිරි ක්‍රීඩකයින් රක්ෂණය කර තිබෙන්නේ ඔවුන්ගේ නිවාස හා මෝටර් රථ පමණක් නෙවෙයි. ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඔවුන්ගේ වඩාත්ම වටිනා වස්තුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයේ අන්තයට ම ගොස් සිටින්නේ ශිශ්නය හා කකුල් ද ඇතුළුව ශරීර අවයව රක්ෂණය කරමින්.

Pasan

Pasan

October 30, 2026 • 8:00 PM

ශරීර අවයව රක්ෂණය කළ ලොව සුපිරි ක්‍රීඩකයෝ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිස කෙස් රක්ෂණය කළ වේන් රූනි‌ මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ පුරාවෘත්තයක් වන වේන් රූනි‌ගෙන් (Wayne Rooney).
  • අමෙරිකානු පාපන්දු තරුවක් වන ට්‍රෝයි පලමාලු (Troy Polamalu) ඔහුගේ සුවිශේෂ ලක්ෂණය වූ කැරලි කළ කොණ්ඩය 2010 වසරේදී ඩොලර් මිලියනයකට (පවුම් 650,000ක් පමණ) රක්ෂණය කර තිබුණා.
  • ඩේවිඩ් බෙකම් - කකුල්, පය, පා ඇඟිලි, මුහුණ හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රේආල් මෙඩ්රිඩ් තරුවක් වන ඩේවිඩ් බෙකම් පන්දුවට පා පහර එල්ල කිරීමට තිබූ හැකියාව නිසා ප්‍රසිද්ධියට පත්වුණා පමණක් නොව ඔහු ලිංගික ආකර්ෂණයේ සංකේතයක්, නිරූපණයක් හා කීර්තිමත් ව්‍යාපාරිකයෙකු ලෙසින් ද ජනප්‍රිය වුණා.
  • ඔහු ඔහුගේ මුළු ශරීරය ම රක්ෂණය කිරීමට තීරණය කළේ ඒ නිසා වන්නට ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

හිස කෙස් රක්ෂණය කළ වේන් රූනි‌

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ පුරාවෘත්තයක් වන වේන් රූනි‌ගෙන් (Wayne Rooney). මීට දස වසරකට පෙර දෙවතාවක් හිසකෙස් රෝපණය කළ ඔහු දැන් ඔහුගේ කෙස් වැටිය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. ‍

තමන්ගේ හිසකෙස් රක්ෂණය කළ පළමු ක්‍රීඩකයා රූනි නෙවෙයි. අමෙරිකානු පාපන්දු තරුවක් වන ට්‍රෝයි පලමාලු (Troy Polamalu) ඔහුගේ සුවිශේෂ ලක්ෂණය වූ කැරලි කළ කොණ්ඩය 2010 වසරේදී ඩොලර් මිලියනයකට (පවුම් 650,000ක් පමණ) රක්ෂණය කර තිබුණා.


ශරීර කොටස් රක්ෂණය කළ ක්‍රීඩකයෝ

පසුගිය වසර කිහිපයේදී තමන්ගේ ශරීරයේ විවිධ කොටස් රක්ෂණය කිරීමට තීරණය කළ ක්‍රීඩකයින් අතළොස්සකි මේ...


1. ඩේවිඩ් බෙකම් - කකුල්, පය, පා ඇඟිලි, මුහුණ

https%3A%2F%2Fmedia.zenfs.com%2Fen%2Flovemoney_uk_264%2Fc3ea88403faf1d90ba0e588f87a442df

හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රේආල් මෙඩ්රිඩ් තරුවක් වන ඩේවිඩ් බෙකම් පන්දුවට පා පහර එල්ල කිරීමට තිබූ හැකියාව නිසා ප්‍රසිද්ධියට පත්වුණා පමණක් නොව ඔහු ලිංගික ආකර්ෂණයේ සංකේතයක්, නිරූපණයක් හා කීර්තිමත් ව්‍යාපාරිකයෙකු ලෙසින් ද ජනප්‍රිය වුණා.

සරලව කිවතොත් බෙකම් ට කළ නොහැකි දෙයක් තිබුණේ නැහැ. ඔහු ඔහුගේ මුළු ශරීරය ම රක්ෂණය කිරීමට තීරණය කළේ ඒ නිසා වන්නට ඇති.

2006 වසරේදී ඔහු පවුම් මිලියන 100ක රක්ෂණ ගනුදෙනුවකට පිවිසියේ ඔහුගේ කකුල්, පාද, පා ඇඟිලි හා මුහුණේ පෙනුම ද ආවරණය වන ලෙසින්. ඒ කාලයේ එය ක්‍රීඩා ඉතිහාසයේ ලොකුම පෞද්ගලික රක්ෂණ සහතිකය වශයෙන් සලකනු ලැබුවා.


2. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ලියොනල් මෙසී - කකුල්

Messi vs. Ronaldo: Who Is the GOAT? - The Game Magazine

එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මේ පාපන්දු තරු යුගලය ඔවුන්ට කීර්තිය අත්කර දුන් කකුල් රක්ෂණය කිරීම පුදුමයට කරුණක් නෙවෙයි.

මෙසීගේ රක්ෂණය පවුම් මිලියන 682ක් බවට වාර්තා වුණේ බෙකම්ගේ රක්ෂණය සම්පූර්ණයෙන් අතුගා දමමින්.

රොනාල්ඩෝගේ රක්ෂණ ගිවිසුම ද බෙකම් ට වඩා වැඩි වූ අතර එහි වටිනාකම පවුම් මිලියන 109ක්.


3. ඊකර් කැසිලාස් හා මැනුවෙල් නොයා - අත්

Manuel Neuer + Iker Casillas = Bromance

නිදහස් පහර එල්ල කිරීමට හපන් ක්‍රීඩකයින් ඔවුන්ගේ පාද හා පා ඇඟිලි රක්ෂණය කරනවා. පුරාවෘත්ත ඉදිරි පෙළ ක්‍රීඩකයින් ඔවුන්ගේ කකුල් ආරක්ෂා කර ගන්නවා. ගෝල් රකින්නන් ඔවුන්ගේ දෑත් ආරක්ෂා කර ගන්නවා.

මේ ප්‍රතිමාමය ගෝල් නවත්වන්නන් දෙදෙනා ම ඔවුන්ගේ ගෝල් බේරාගන්නා අත් ආරක්ෂා වන බවට සහතික කිරීම පිණිස විවිධ ගනුදෙනුවලට අත්සන් කළා.

රේආල් මෙඩ්රිඩ් තරුව වන ඊකර් කැසිලාස් (Iker Casillas) එසේ කළ පළමුවැන්නා බවට 2007 වසරේදී පත්වුණේ පවුම් මිලියන හයක ගිවිසුමකට එළඹෙමින්.

2014 වසරේදී, බායින් මියුනික් කණ්ඩායමේ තරුව මැනුවෙල් නොයා (Manuel Neuer) ජර්මනිය සමග ඔහුගේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව පවුම් මිලියන 2.5කට ඔහුගේ අත් රක්ෂණය කළා. මෙයින් ආවරණය වුණේ ගෝල් රකින්නෙකු ලෙස වෘත්තිමය වශයෙන් ඔහුගේ ක්‍රීඩාව නතර කරන තරමට ඔහුගේ අත්වලට සිදුවන තුවාල පමණයි. සුළු ආබාධ මේ ගිවිසුමෙන් ආවරණය වුනේ නැහැ.


4. ෆනැන්ඩෝ අලොන්සෝ - මහපට ඇඟිලි

Fernando Alonso engineer savages Mercedes after Lewis Hamilton struggles at  Brazilian GP | F1 | Sport | Express.co.uk

මේ Formula One සුපිරි මෝටර් රථ ධාවකයා කැසිආස් හා නොයා මෙන් ඒ පැකේජයට ම ගියේ නැහැ. ඔහු විශේෂයෙන් අවධානය යොමු කළේ ඔහුගේ මහපට ඇඟිලිවලට යි.

2012 වසරේදී ඔහු පවුම් මිලියන 8.5ක පමණ රක්ෂණ ගිවිසුමක් ඇතිකර ගත්තේ ෆෙරාරි වෙනුවෙන් රිය පදවමින් සිටි වකවානුවේ.

කෙසේ වෙතත්, ඔහු මේ රක්ෂණ පැකේජයට මුදල් ගෙවුවේ නැහැ. එය ඔහු‌ට ත්‍යාග කළේ ෆෙරාරිගේ අනුග්‍රාහකයින් වන සැන්ටැන්ඩර්.


5. කීරන් ලී  - ශිශ්නය

Adult star with $1million private parts turns heads at football match -  Daily Star

මේ ලැයිස්තුවේ තිබෙන වඩාත්ම අරුම පුදුම රක්ෂණය මෙය බවට සැකයක් නැහැ.

වැඩිහිටි චිත්‍රපට නළුවෙකු ද වන Sunday League පාපන්දු ක්‍රීඩක කීරන් ලී (Keiran Lee) ඔහුගේ පිරිමිකම පවුම් මිලියන 800කට රක්ෂණය කළා.

මේ අමුතු රක්ෂණ සහතිකය ලබා ගත් ලෝකයේ එකම ක්‍රීඩා තරුව මොහු බවට විශ්වාස කෙරෙනවා.


6. මර්ව් හියුස් - උඩු රැවුල

More than a moustache: Marvellous Merv Hughes | cricket.com.au

ඔස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන්නෙකු වන මර්ව් හියුස්ගේ (Merv Hughes) උඩු රැවුල කොතරම් සංකේතාත්මක වූයේ ද කිවතොත් ඔහු එය රක්ෂණය කිරීමට තීරණය කළා.

වසර 1980 හා 1990 ගණන් වකවානුවේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම්වල ජනප්‍රිය ක්‍රීඩකයෙකුව සිටි හියුස් ටෙස්ට් තරග 53ක් හා ජාත්‍යන්තර එක්දින තරග 33කට ක්‍රීඩා කළ ද ඔහු කැපී පෙනුනේ ඔහුගේ උඩු රැවුලෙන්.

ඔහු‌ මේ ජනප්‍රිය උඩු රැවුල පවුම් 200,000කට ආසන්න මුදලකට රක්ෂණය කර තිබූ බව පැවසෙනවා.

- වර්නන් ගුණසේකර (ක්‍රීඩා සංස්කාරක)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...