The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පළමුවරට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිල අවසන් තරගයට

T

The Leader Desk

February 25, 2023 • 9:20 AM

 පළමුවරට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිල අවසන් තරගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (24) සමත් විය.
  • ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකාරිනියන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් ගොඩනැගුවේය.
  • ලෝරා වොල්වාර්ඩ් ලකුණු 53ක් සහ ටස්බිම් බ්‍රිට්ස් ලකුණු 68ක් රැස් කළේය.
  • ඒ අනුව දකුණු අප්‍රිකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 164කි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කාන්තා පිල ලකුණු 06කින් පරාජය කරමිනි.

අයි සී සී ලෝක කුසලාන තරගාවලියක දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය විය.

කේප්ටවුන් හිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා පිල දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකාරිනියන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් ගොඩනැගුවේය.

ලෝරා වොල්වාර්ඩ් ලකුණු 53ක් සහ ටස්බිම් බ්‍රිට්ස් ලකුණු 68ක් රැස් කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 164කි.


 123866171 gettyimages 1387386656
ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරු යුගළ සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩනැගුවේය.

කෙසේ වෙතත් යළි තරගයට අවතීරණ වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලේ පන්දු යවන්නන් ලකුණු 137ක් තුළ එංගලන්ත කාන්තා ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා එංගලන්ත කාන්තා පිලට ලකුණු 13ක් අවශ්‍යව තිබූ අතර එහිදි ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 6ක් පමණි.

ඒ අනුව ලකුණු 6ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකා කාන්තා පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය ලබන 26වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...