BREAKING
Top Ad
පුවත්

'රාජ්‍ය සේවය බදු ආදායමෙන් සියයට 84ක් ගිලිනවා' - හිටපු මුදල් ඇමති රවී

T

The Leader

September 15, 2022 • 4:42 AM

'රාජ්‍ය සේවය බදු ආදායමෙන් සියයට 84ක් ගිලිනවා' - හිටපු මුදල් ඇමති රවී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ බදු ආදායමෙන් 84%ක් ගිලින්නේ රාජ්‍ය සේවය විසින් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක
  • ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා පමණක් සුරක්ෂිත කරනවා ද නැතිනම්  මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද කියා තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද කරුණානායක  කීය.
  • රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ කිරීමෙන් නොව නිවැරදි දේ කිරීමෙන් බව පැවසූ රවී කරුණානායක,  යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.
  • රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍යවරයා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවසීය.

බදු ආදායමෙන් රාජ්‍ය සේවය නඩත්තු කිරීම හැරුණු කළ අනෙකුත් සියලුම කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇත්තේ 16% බව ද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා පමණක් සුරක්ෂිත කරනවා ද නැතිනම්  මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද කියා තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද කරුණානායක  කීය.

රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ කිරීමෙන් නොව නිවැරදි දේ කිරීමෙන් බව පැවසූ රවී කරුණානායක,  යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.

රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍යවරයා කීය.

 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහ තුන් දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින අතර එම තත්ත්වය අනෙකුත් රටවලට වඩා හතර ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙන රවී කරුණානායක, රට-ජනතාව සහ නූපන් අනාගත පරපුර එක්ක අවස්ථාවාදී දේශපාලන නොකළ යුතු බව ද අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, Chatham Street Tv youtube චැනලය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...