BREAKING
Top Ad
පුවත්

'20 පිළිගත නොහැකි කරුණු තියනවා' -'පොහොට්ටු' මන්ත්‍රී ගෙවිඳු කියයි

T

The Leader

September 6, 2020 • 3:08 AM

'20 පිළිගත නොහැකි කරුණු තියනවා'  -'පොහොට්ටු' මන්ත්‍රී ගෙවිඳු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
  • ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුසු නොවන යෝජනාවක් බව ඔහු කියා සිටියි.
  • පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත තවත් කරුණු කිහිපයක් විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු බව ද ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පවසයි.
  • "පසුගිය අවුරුදු 05 පුරා ගෙනාපු රටට හානිකර විවිධ අණ පනත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ අණ පනත්වල තියෙන ව්‍යවස්ථානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට ලැබී තිබූ අවකාශය අපිට විශාල ශක්තියක් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුසු නොවන යෝජනාවක් බව ඔහු කියා සිටියි.

පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත තවත් කරුණු කිහිපයක් විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු බව ද ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පවසයි.

"පසුගිය අවුරුදු 05 පුරා ගෙනාපු රටට හානිකර විවිධ අණ පනත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ අණ පනත්වල තියෙන ව්‍යවස්ථානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට ලැබී තිබූ අවකාශය අපිට විශාල ශක්තියක් වුණා. එතකොට අපිට ආධාර උපකාර වෙච්ච ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කරන්න අවශ්‍යයි." යනුවෙන්  ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

'ගෙවිඳු ගේ කතාව බැසිලිකාවේ රෙදි අපුල්ලන්ගේ දෝමනස්සයට'  -රත්තනදෙණියේ මේධානන්ද හිමි

මේ කරන ව්‍යවස්ථා සංශෝධනවල දී ද්විත්ත පුරවැසිබාවය දරමින් මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි ලෙස 19 වන සංශෝධනයෙන් ගෙන ආ නීතිය මුළුමනින් අහෝසි නොකොට අනෙකුත් ඉහළ පෙළ දේශපාලන තනතුරු සදහා ද තවත් ප්‍රසාරණය කරගත යුතුබවට ගෙවිදු කුමාරතුංග දැක්වූ අදහස බැසිලිකාවේ රෙදි අපුල්ලන්ගේ දෝමනස්සයට හේතු වී ඇතැයි රත්තනදෙණියේ මේධානන්ද හිමියන් පවසති.

'ද්විත්ව පුරවැසි බාධකය ව්‍යවස්ථාවේ තිබිය යුත්තේ ඇයි ?' යන කාරණය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ විසින් මෙහෙයවන  Lanka Lead News වෙත විශේෂ ලිපියක් යොමුකරමින් උන්වහන්සේ එබව සඳහන් කර තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''ගෙවිදුත් ඉන්නේ බැසිලිකාවට අනුසෝතඝාමී වුවද ස්වාමියාගේ ඕනෑම අභිලාෂයක් වෙනුවෙන් පතිරණ පන්නයේ තාලම්පොට ගසන්නෙකු නොවී රටට තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන් සිය හෘද සාක්ෂයට එකගව අදහස් පළ කිරීම අගය කළ යුතුය.

ගෙවිඳු පළකළ අදහසේ කිසි වැරද්දක් නැතත් බැසිලිකාවට එය දරන්න අමාරු වී ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දුන්නේ බැසිල්ගේ ඕනෑම පදයකට නටමින් තාලම්පොට ගහන එහෙයියෙකු වීමට මිසක් එවැනි ස්වාධීන මත දැරීමක් ඔවුන්ගේ අපේක්ෂාව නොවෙන නිසාය. එහෙත් ගෙවිඳු පතිරණ ගානට නොවැටී සිටීම ගැන මේ මොහොතට අදාලව ප්‍රසංසා කට යුතුය.''

රත්තනදෙණියේ මේධානන්ද හිමියන්ගේ සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...