BREAKING
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●
Top Ad
පුවත්

225 ටම එන්නත විදින්න යයි: 'කොමිස් ගන්නේ නැහැ' - ලෝකල් ඒජන්ට් කියයි

T

The Leader Desk

February 16, 2021 • 4:05 AM

225 ටම එන්නත විදින්න යයි: 'කොමිස් ගන්නේ නැහැ' - ලෝකල් ඒජන්ට් කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද (16) සිට ආරම්භ කෙරේ.
  •   දින 4ක් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
  • ඒ අනුව 16, 17, 18 සහ 19 යන දිනවලදී මෙම එන්නත පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇත.
  •   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට මෙන්ම කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, නාරාහේන්පිටි පිහිටි යුද හමුදා රෝහලේදී එන්නත් ලබා දීම සිදු කෙරෙන බවයි.
 
දින 4ක් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව 16, 17, 18 සහ 19 යන දිනවලදී මෙම එන්නත පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇත.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට මෙන්ම කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු විය.
 
කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද දිනයේ එන්නත් කිරීමක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසිය.
 
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායකට පසුගිය දිනෙක ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සිදුවිය.
 
 
සාමාන්‍ය ජනතාවට ලබාදීම ඇරඹේ :
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMR) ‍කොරෝනා වසංගතය සඳහා ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දී ඇත. 
 
ඒ අනුව, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිඩ් මර්දන එන්නත මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීම ඊයේ ආරම්භ විය. ඒ, කොළඹ මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවයේ නියුතු 552 දෙනෙකු එන්නත් කිරීම ආරම්භ කරමිනි.
 
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 'නෙත් නිවුස්' වෙත පැවසුවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතා සහය අත්‍යාවශ්‍ය බවයි.
  

 
කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කළ පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව සති 12 කදී එන්නත් කිරීමට මේවනවිට සැලසුම් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් පැවසුවාය. 
 

 
 
 
එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපති අනුමැතිය:
 
මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සිරම් ආයතනය අතර කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීම සඳහා එකඟවී ඇති ගිවිසුම වෙනස්කම්වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ.
 
ශ්‍රී ලංකාව, එම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන "ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්" එන්නත් මාත්‍රා මිලියන 18ක් මිලදී ගැනීමට නියමිත බව මෙරට බලධාරීන් පසුගියදා පැවසීය.
 
 
 
ලෝකල් ඒජන්ට කොමිස් නැ !
 
 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙසේ ඉන්දියාවෙන් ගෙන්වා නොමිලේ බෙදාදීමට නියමිත මෙම කොරෝනා එන්නත් වෙනුවෙන් මෙම එන්නත නිෂ්පාදනය කරන Serum Institute ඖෂධ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම ඒ සඳහා කිසිඳු කොමිස් මුදලක් අය නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
මේවනවිටත් ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වර්ගවලින් බහුතරයක් නිෂ්පාදනය කරන්නේ ඉන්දීය Serum Institute  ආයතනයයි.
 
Serum Intitude 
 
 
 
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොළ එළියක්
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොරෝනා වෛරසයට එරෙහි හදිසි භාවිත ලැයිස්තුවට එක් කර ඇත.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේසස් සඳහන් කළේ සියලු රටවලට මෙම එන්නත ලබාදීමට නම් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි.
 
මේ අතර ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් කැනඩාවට ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.
 
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ ඉල්ලීමක් අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා එකඟතාව පළකර ඇති බව වාර්තාවේ.
 
ඒ අනුව පළමු එන්නත් මාත්‍රා තොගය මෙම මාසය තුළ නැව්ගත කිරීමට සැළසුම් කර ඇති බව සීරම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත.
 
එමෙන්ම, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ අසල්වැසි රටවල හමුදා බලඇණි වලට කොරෝනා එන්නත ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනටමත් පියවර ගෙන ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

 

 

 


 

 

 

 

ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...