BREAKING
Top Ad
පුවත්

"කොරෝනා රුපියල් 5000 දෙන්න එපා කියලා අපි කිවුවේ නෑ" - මහින්ද දේශප්‍රිය

T

The Leader

May 22, 2020 • 2:52 AM

"කොරෝනා රුපියල් 5000 දෙන්න එපා කියලා අපි කිවුවේ නෑ" - මහින්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාවට ජුනි මාසය සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදෙන මෙන්
  • එහිදී ඔහු සඳහන් කළේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය නම් දේශපාලන මැදිහත් වීමකින් තොරව අදාළ කටයුතු සිදු කරන්නැයි අදාළ ලිපියෙන් පෙන්වාදුන් බවය.
  •   'දේශපාලනඥයන් එපා' "එදිනෙදා ආදායම් අහිමි වෙච්ච අයට නේ 5000 දුන්නේ.
  • දැන් රට සාමාන්‍ය තත්වයට පත්වෙලා නම්, සමහර අයට රැකියා කරන්න පුළුවන් තත්වයට පත් වෙලානම් ඒක දෙන්න ඕනද නැද්ද කියන එක සළකා බලන්න අපි කියලා තියෙන්නේ," මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයට දැනුම් දීමක් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය. ඒ, බීබීසී සිංහල සේවය කළ  විමසීමක දිය.

එහිදී ඔහු සඳහන් කළේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය නම් දේශපාලන මැදිහත් වීමකින් තොරව අදාළ කටයුතු සිදු කරන්නැයි අදාළ ලිපියෙන් පෙන්වාදුන් බවය.

ජුනි මාසය සඳහා ද රුපියල් පන්දාහ බෙදීමේ යෝජනාවට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී පිරිසකට පසුගියදා ලිපියක් යොමුකර තිබුණි.

 

'දේශපාලනඥයන් එපා'

"එදිනෙදා ආදායම් අහිමි වෙච්ච අයට නේ 5000 දුන්නේ. දැන් රට සාමාන්‍ය තත්වයට පත්වෙලා නම්, සමහර අයට රැකියා කරන්න පුළුවන් තත්වයට පත් වෙලානම් ඒක දෙන්න ඕනද නැද්ද කියන එක සළකා බලන්න අපි කියලා තියෙන්නේ," මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

"දෙන්න කියලා අපෙන් ඇහුවෙත් නෑ. අපි දෙන්න එපා කියලත් නෑ. අපිට පැමිණිළි ලැබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන්. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ වල ලේකම්වරුත් ඒ රැස්වීමේ හිටියා. ඔවුන්ටත් ඕන නම් ඒ වෙලාවේ උත්තර දෙන්න තිබුණා. අපි වැදගත්ම කරුණක් කියලා තියෙනවා මේ වැඩසටහනට ප්‍රාදේශීය හෝ ග්‍රාමීය දේශපාලනඥයන් සහභාගි කර ගැනීමෙන් වළකින්න කියලා.''

 

'බොර දියේ මාළු බානවා'

Bandula maubimaමේ පිළිබඳව මැයි 21 වැනිදා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ද අදහස් පළ කළේය.

ඔහු සඳහන් කළේ ආණ්ඩුවට විරුද්ධව බොරදියේ මාළු බාන පිරිස් මහජනයා දුකට පත්ව ඇති මෙවන් මොහොතක මෙලෙස පැමිණිළි ඉදිරිපත් කරන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවය.

"ජාති, කුල, ආගම භේදයෙන් තොරව ජනතාවට සද්භාවයෙන් මේ මුදල් දෙන්නේ. කාටහරි අසාධාරණයක් වෙලා නම් අභියාචනා ඉදිරිපත් කරන්න කියල යම් ගැටලුවක් තිබුණානම් අපි ඒවත් නිවරදි කළා. ඊයේ කැබිනට් එකේදී කතා කළේ අපි මොනතරම් සත්භාවයෙන් ක්‍රියා කළත් මේ දේශපාලන ව්‍යාපාරයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝග වලට අපි ගරු කරමින් ජුනි මාසේ 5000 දෙන්න බැරි තත්වයක් උද්ගත වෙලා'' යනුවෙන් බන්දුල ගුණවර්ධන පවසන ලදී.

COVID-19 රෝගී තත්වය නිසා ආදායම් අහිමිවූවන්ට, සමෘද්ධිලාභීන්ට, ආබාධ සහිතවූවන්ට සහ රෝගී තත්වවලින් පෙළෙන අයට රුපියල් 5000 බැගින් අප්‍රියල් මාසයේදී ලබා දීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 2500-3000ත් අතර මුදලක් වැය කළ බව රජය පවසයි.

මැයි මාසයේ එම දීමනාව 51,44046 දෙනෙකුට හිමිවන බවත්, ඒ සඳහා රුපියල් කෝටි 2572ක් වැයවන බවටත් රජය තක්සේරු  කර තිබේ.

 

'ග්‍රාමසේවක හරහා බෙදන්න'

5000 women

මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයන් මැදිහත් වන බවට පසුගිය කාලයේ චෝදනා එල්ලවූ අතර ඒ ගැන මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණිළි ලැබී තිබුණි.

මේ පිළිබඳව මැයි 20 වැනිදා විකාශය වූ රුපවාහිනී සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති පළ කළේ මෙවැනි අදහසකි.

"දැන් මතයක් හදන්න යන්නේ JVP එක, විපක්ෂය කෑ ගහලා ජුනි මාසේ පන්දාහ දෙන්න එපා කිවුවා කියලානේ. මැතිවරණ කොමසාරිස්තුමා කියන්නේ මේක බෙදන්න එපා කියලා නෙමෙයි," සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

"මැතිවරණ කාලේ දේශපාලනය නොකර රාජ්‍ය යාන්ත්‍රණය භාවිත කරලා බෙදන්න. ග්‍රාමසේවක හරහා ඕක බෙදන්න පුළුවන්නේ. මේක නොබෙද ඉන්න තර්කයක් හදාගන්නවනම් මැතිවරණ කොමසාරිස්තුමාගේ ලිපිය පාවිචිචි කරන්න පුළුවන්. හැබැයි බෙදන්න ඕන නම් එතුමා කියන දේම යොදාගන්න පුළුවන්."

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...