BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
පුවත්

69 ලක්ෂයේ ජයග්‍රහණය භුක්ති විඳින සීනි, පොල්තෙල් බදු වංචාකාරයින් ?

T

The Leader Desk

January 18, 2021 • 4:29 AM

69 ලක්ෂයේ ජයග්‍රහණය භුක්ති විඳින සීනි, පොල්තෙල් බදු වංචාකාරයින් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ඡන්දය දුන් ජනතාවගේම බඩට ගසමින්
  • එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා, මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්තෝ නම් භුක්ති විඳිනවා.    ''මේ වර්තමාන රජය ස්ථාවර, අඩු මිලකට සීනි ලබාදෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කළා.
  • ඒ සීනි බදු වංචාවේ ප්‍රතිඵලය රුපියල් මිලියන 10,000ක්.
අකුරු ප්‍රමාණය (Font Size):
රජයට සම්බන්ධ ජාවාරම්කාර ධනකුවේරයින් පිරිසක් අද වනවිට රුපියල් බිලියන ගණනින් මුදල් උපයමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
 
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පැවති "විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන අමතමිනි. 
 
එහිදී ඔහු මෙසේද පැවසිය. 
 
 
"විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනතාව ජනාධිපතිවරණයෙනුත් මහමැතිවරණයෙනුත් මේ අයට සුවිශාල ජයග්‍රහණ අරගෙන දුන්නේ. නමුත් ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල අද මේ රටේ පොදු ජනතාවට ලැබිලා තියෙනවාද ? එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා, මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්තෝ නම් භුක්ති විඳිනවා. 
 
''මේ වර්තමාන රජය ස්ථාවර, අඩු මිලකට සීනි ලබාදෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කළා. සීනි බදු වංචාව ! ඒ සීනි බදු වංචාවේ ප්‍රතිඵලය රුපියල් මිලියන 10,000ක්. බිලියන 10ක්. හරියට ගණන් හදලා බැලුවොත් අපේ රටට කොරෝනා එන්නත් ලබාගන්නට යන ගාණ. ඒ ගාණම රජයට සම්බන්ධ තැරැව්කාරයින් ගහලා තියෙනවා. එසේ මෙසේ ගාණක් නෙවෙයි.''
 
ඒ විතරක් නෙවෙයි පොල්තෙල් වලිනුත් ගහලා තියෙනවා. එතකොට මේ ගහන්නෙ කාටද ? ගහන්නෙ පොදු ජනතාවගේ බඩට.
 
 පොදු ජනතාවගේ බඩට ගහන ගැහිල්ලේ ප්‍රතිඵලය අර ධනකුවේරයින් භුක්ති විඳිනවා. 
 
අද වෙනකල් කොරෝනා මර්දනයට අවශ්‍ය එන්නත ගෙන්වන්න රජය අපොහොසත් වෙලා තියෙනවා. 
 
ඒ නිසා අපේ රටට අවශ්‍ය මනුස්සකම රජයන මනුස්සකම හඳුන්න රටේ ජනතාව ගැන හදවතේ සංවේදීත්වයක් තියෙන හිතක් පපුවක් තියෙන රජයක්. 
 
ජනතාවගේ දුකෙන් කම්පාවට පත්වෙන, ජනතාවගේ දුක නිවාළන රජයක්. 
 
එවැනි වෙනසක් උදෙසා මේ රටේ ජනතාව හැමෝම එකතු වෙන්නට ඕනෙ" 
 
 
 

 


 

 

  
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු  අඟවලා

බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...