BREAKING
Top Ad
පුවත්

වෛද්‍ය සාෆි හමුවීමේ රතන හිමි තැතට CIDය එරෙහිවේ

T

The Leader Desk

June 16, 2019 • 4:01 AM

වෛද්‍ය සාෆි හමුවීමේ රතන හිමි තැතට CIDය එරෙහිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වඳ සැත්කම් කරා යැයි චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින වෛද්‍ය ෂියාබ්දී සාෆිගෙන්, තමන් එම චෝදනාවලට අදාළ වරද කළ බවට පාපොච්චාරණයක් කරවාගැනීම සඳහා ඔහු හමුවීමට ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අතුරලියේ රතන හිමි දරන ලද උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
  • ඒ හිමියන් එම අදහස පසුගිය දිනක තම විහාරස්ථානය වන දහම් සෙවන අසපුවේදී සමීපතමයන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත.
  •   එම වෛද්‍යවරයා මුනගැසීමට අවස්ථාවක් සලසා දෙන ලෙස අතුරලියේ රතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අමතා එම හමුවට අවස්ථාව සලසන්නයැයි ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම වෛද්‍යවරයා මුනගැසීමට අවස්ථාවක් සලසා දෙන ලෙස අතුරලියේ රතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අමතා එම හමුවට අවස්ථාව සලසන්නයැයි ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

පැලෝපීය නාල අවහිර කිරීම පිළිබඳ මෙම චෝදනාව සමාජගත කළ 'දිවයින' මාධ්‍යවේදී හේමන්ත රන්දුණු, කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වීර බණ්ඩාර ආදීන් මෙම චෝදනා නිවැරදි යැයි ඔප්පු කරන්නට නොහැකිව අසරන වී ඇතැයි ද එම නිසා ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක විය හැකි යැයි ද, ඒ නිසා කෙසේ හෝ අදාළ වෛද්‍යවරයා බිය ගන්වා තමන් පැලෝපීය නාළ අවහිර කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළා යැයි පාපොච්චාරණයක් ලබා ගැනීම මේ අවස්ථාවේ කළ යුතුමයැ යිද, අතුරලියේ රතන හිමියන්ගේ අදහස වී ඇත.

ඒ හිමියන් එම අදහස පසුගිය දිනක තම විහාරස්ථානය වන දහම් සෙවන අසපුවේදී සමීපතමයන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ විමසීම සඳහා අතුරලියේ රතන හිමියන්ට සහ ඒ හිමියන්ගේ සහායක හිමිවරුන් දෙදෙනෙකුට දුකතනයෙන් ඇමතූ නමුත් රතන හිමියන් සම්බන්ධ කර ගන්නට නොහැකි විය.

(අනිද්දා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...