BREAKING
Top Ad
පුවත්

ජනපති, CID ලොක්කා මාරු කර වරද නිවැරදි කරයි! : 'මේක බයිකොප් එකක් වගේ' -සජිත්

T

The Leader

October 5, 2020 • 12:29 AM

ජනපති, CID ලොක්කා මාරු කර වරද නිවැරදි කරයි! : 'මේක බයිකොප් එකක් වගේ' -සජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී නුවන් වෙදසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි
  • පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නිවැරදි ලෙස සිදුවන බවත්, යහපාලන යුගයේ මෙන් දේශපාලකයන්ට උවමනා ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ නිදහස් කිරීමට තමා ඉඩ නොතබන බවත් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇත.
  •  අදාළ පරීක්ෂණ පිළිබඳ යම් නිලධාරියෙකු අතින් අඩුපාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කරන බව ද හෙතෙම එමගින් අවධාරණය කර තිබිණි.
  • එදා මේ අයට එරෙහිව බරපතල චෝදනා එල්ල කළ බවත් අද ඒ චෝදනා බොරු බව ආණ්ඩුව විසින්ම පවසන බවත් කී විපක්ෂ නායකයා, ආණ්ඩුව මේ සිදුකරන්නේ "පාස්කු ප්‍රොඩාව" යැයිද කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බස්නාහිර උතුරු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට මාරු කර යවා තිබේ.

එසේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රධානී ධුරයට වහාම ක්‍රියාත්මක වන පරිදි එස්.පී. රණසිංහ පත්කර ඇත.

මාස 05කට පමණ පෙර අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කිරීමත් සමග මෙම මාරුව සිදුවීම විශේෂත්වයක් බව ආණ්ඩුවට පක්ෂපාති emanisalk වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රිෆ්කාන් ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත් වූ බවට සනාථ කළ හැකි සාධක ඇතැයි පවසමින් අත්අඩංගුවට ගත් රිෆ්කාන් අනතුරුව සාක්ෂි නැතැයි නිදහස් වීම සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්ව ඇති බවත්, එය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගේ ද දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටියි.

SP RANASINGHE

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නිවැරදි ලෙස සිදුවන බවත්, යහපාලන යුගයේ මෙන් දේශපාලකයන්ට උවමනා ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ නිදහස් කිරීමට තමා ඉඩ නොතබන බවත් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇත.

 අදාළ පරීක්ෂණ පිළිබඳ යම් නිලධාරියෙකු අතින් අඩුපාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කරන බව ද හෙතෙම එමගින් අවධාරණය කර තිබිණි.

 

''මේක ප්‍රෝඩාකාරී ආණ්ඩුවක්'' - විපක්ෂ නායක

සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වත්මන් රාජපක්ෂ ආණ්ඩුව හා ආණ්ඩුවේ මාධ්‍ය කටයුතු කරන ආකාරය ගැන අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ''ආණ්ඩුවම පිටපත් ලියලා චිත්‍රපටි හදලා, ඒ අයම රගපානවා.'' කියාය.

''මේක ප්‍රෝඩාකාරී ආණ්ඩුවක්.'' බව අවධාරණය කරමින් ඔහු එබව කියා සිටියේ, පෙරේදා (03) පුත්තලම දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව ආසනයේ, දංකොටුව කැරන්වත්ත ශ්‍රී අශෝකාරාම විහාරයට ගොස් එහි විහාරාධිපති පූජ්‍යපාද පේරියවිලංකුලමේ ධම්මික හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.  

''පාස්කු ප්‍රහාරයේ ප්‍රෝඩාව ගැනත් කොමිසමක් දාන එක වටිනවා''

ඒ අතර කුරුණෑගල ,කුලියාපිටිය අස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, 'පාස්කු ප්‍රහාරයේ ප්‍රෝඩාව ගැනත් කොමිසමක් දාන එක වටිනවා'' බවයි,

විවිධාකාර කොමිෂන් ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, ආණ්ඩුව කඩිනමින්ම මැතිවරණයට පෙර බොරු කියමින් පාස්කු ප්‍රහාරයෙන් වාසි ගත් අයුරු සොයන්නට කොමිෂමක් පත්කළයුතු බවත් විපක්ෂ නායකයා එහිදී කීවේය.

එදා මේ අයට එරෙහිව බරපතල චෝදනා එල්ල කළ බවත් අද ඒ චෝදනා බොරු බව ආණ්ඩුව විසින්ම පවසන බවත් කී විපක්ෂ නායකයා, ආණ්ඩුව මේ සිදුකරන්නේ "පාස්කු ප්‍රොඩාව" යැයිද කීවේය.

ඔවුන් මැතිවරණයට පෙර ජනතාවට බොරුව, වංචාව සහ ප්‍රෝඩාකාරී රැවටිල්ල සිදු කළ බවද හෙතෙම කීය.

RIZAD CHAMAL 2020'රාජ්‍ය උත්සවයකට රිෂාඩ් අමාත්‍යවරයා සම්බන්ධ වීම අරුමයක් නොවේ.'' -සජිත්

රාජ්‍ය උත්සවයකට රිෂාඩ් අමාත්‍යවරයා සම්බන්ධ වීම අරුමයක් නොවන බව කී විපක්ෂ නායකයා වැඩිදුරටත් කීවේ අදාල ගොඩනැගිල්ලෙහි විවෘත කිරීමේ උත්සවයට බදූර්දීන්ට මන්ත්‍රීවරයාට ද ආරාධනාවක් තිබෙන්නට ඇත කියාය.

තම තමන්ගේ දෙමාපියන් හෝ තමන්ගේ ආත්මය පාවාදෙන කිසිවෙක් සමගි ජනබලවේගයේ ඇතැයි තමා විශ්වාස නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...