BREAKING
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●
Top Ad
පුවත්

GLගෙන් සබ්රිගෙන් හමුදාවට බාර දුන් දෙමළ දරුවන් ඉල්ලයි

T

The Leader Desk

January 31, 2022 • 4:00 PM

GLගෙන් සබ්රිගෙන් හමුදාවට බාර දුන් දෙමළ දරුවන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජිනීවා සමුළුව ලං ලං වෙද්දී 'යුක්තියට ප්‍රවේශයක්' නමින් අධිකරණ අමාත්‍යංශය යාපනයේ පැවැත්වූ ජංගම සේවයට පොලිස් තර්ජන හා බාධා කිරීම මැද අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධය දක්වා තිබේ.
  •   එසැනින්ම ඇරයුම ප්‍රතික්ෂේප කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ප්‍රකාශ කළේ පෙර සිටී ආණ්ඩුකාරවරු ද මේ අයුරින්ම කතා කොට තමන්ව රැවටු බවයි.
  • මේ අතර ''යුක්තියට ප්‍රවේශයක්'' ජංගම සේවය ගැන මාධ්‍ය දැන්වත් කිරීම සඳහා යාපනේ පැවති හමුවේදී අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කළේ දීර්ඝ කාලයක් නොවිසදුනු ප්‍රශ්න රැසක් උතුරේ ඇති බැවින් මෙවැනි සේවාවක් ආරම්භ කළ බවයි.
  • පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනවාරි අවසන් සති අන්තයේ පැවැත්වූ අධිකරණ අමාත්‍යංශ ජංගම සේවය යාපනය මාධ්‍ය විද්‍යාලයේ පැවතියේ අධිකරණ ඇමැති අලි සබ්රි ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට විදේශ ඇමැති ජි.එල්.පීරිස් ද සහභාගී වී තිබේ.

''අපිට වන්දිත් එපා, මරණ සහතිකත් එපා, අපි හිඟා කාලා හරි ජිවත් වෙන්නම් අපිට අපිම හමුදාවට බාර දීපු  අපේ  දරුවෝ දෙන්න'' යැයි කියමින් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් යාපනය මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය පැමිණ එය නැවතීමට ගත් වෑයම නිසා පොලිසිය හා මව්වරුන් අතර නොසන්සුන් තත්වයක් හට ගත් බව එහි ගිය මාධ්‍යවේදියෝ පවසති.

''නීතියක් නොමැති රටේ අධිකරණ අමාත්‍යංශ, අධිකරණ ඇමැතිලා, කොමිෂන් වලින් වැඩක් තියෙනවා ද'' , ''අපිට OMP එපා ''` සටන් පාඨ කියමින් විරෝධය දැක්වූ මවුවරුන් හමුවට පැමිණි උතුරු පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා කියා සිටියේ තමන් සමඟ ගැටළු සාකච්ජා කිරීමට සිය කාර්යාලයට ඇරයුම් කළේය.

  එසැනින්ම ඇරයුම ප්‍රතික්ෂේප කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ප්‍රකාශ කළේ පෙර සිටී ආණ්ඩුකාරවරු ද මේ අයුරින්ම කතා කොට තමන්ව රැවටු බවයි.




මේ අතර ''යුක්තියට ප්‍රවේශයක්'' ජංගම සේවය ගැන මාධ්‍ය දැන්වත් කිරීම සඳහා යාපනේ පැවති හමුවේදී අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කළේ දීර්ඝ කාලයක් නොවිසදුනු ප්‍රශ්න රැසක් උතුරේ ඇති බැවින් මෙවැනි සේවාවක් ආරම්භ කළ බවයි.

 


''අපි යන යන තැන උද්ඝෝෂණය කරනවා. එහෙම කරලා විසදුමක් ලැබෙන්නේ නැහැ.මේ කරන්නේ දේශපාලනයක්. පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි. ඒත් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමට කවුද හිතන්නේ, දැන් මේ ප්‍රශ්නය අවුරුදු 13 ක් තිස්සේ ඇදෙමින් තියෙනවා.'' යයි අධිකරණ ඇමැති සඳහන් කරයි.

 ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 'ලබා දෙන්න බැරි දේවල් ලබා ගැනීමට' සටන් කරන්නේ දේශපාලන අවශ්‍යතා මත බවයි.

 

Leader Whats app




සර් ගිලපු අලිසබ්‍රිගේ අලි ලනුව ! | අද ගොසිප් එක



තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...