BREAKING
තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි GSP + සහන නැවැත්වීම සලකා බැලීමේ යෝජනාවක්

T

The Leader Desk

June 11, 2021 • 4:42 AM

ශ්‍රී ලංකාවට එරෙහි GSP +  සහන නැවැත්වීම සලකා බැලීමේ යෝජනාවක්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි ජීඑස්පී නැවැත්වීම සලකා බැලීමේ යෝජනාව ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ලංකා ආර්ථිකයේ අවසන් හුස්ම පොද සිර කරනු ඇතැයි
  • පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.
  •  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත.
  •         එසේ තිබිය දී යුරෝපා සංගමය පහත සිය අවධානය යොමු කර ඇති කරුණු වන්නේ,         1.
අකුරු ප්‍රමාණය (Font Size):
හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
 
ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත.  ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත.
 
මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය ඉවත් කිරීම සලකා බැලීමේ යෝජනාව පත්විය. 
 
එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම නිර්දේශ කරන්නේ නම් ශ්‍රී ලංකා ආර්ථිකයට එය මරු පහරක් වනු ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.kirthi 2021.06.11
 
 
 
ශ්‍රී ලංකාවේ සිවිල් නිදහස සීමාවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ රට තුල ක්‍රියාත්මක සිවිල් හා බලපෑම් කණ්ඩායම් මේ වන විටත් දක්වමින් ඇත්තේ අඩු උනන්දුවක් බවත්, සුළු ජාතික කණ්ඩායම් වෙත මෙන්ම තමන්හා කටයුතු කළ දේශපාලනඥයින්, වෘත්තිකයින්ට, ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳ ද පාර්ලිමේන්තු විපක්ෂය හඬක් නගවන්නේ නැති බවත් තෙන්නකෝන් සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
 
 
 GSP plus
 
එසේ තිබිය දී යුරෝපා සංගමය පහත සිය අවධානය යොමු කර ඇති කරුණු වන්නේ,  
 
 
 
1. මානව හිමිකම් සම්බන්ධයේ ලංකා රජය පොරොන්දු ඉටු නොකිරීම.
 
 
2. ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහීම.
 
 
3. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු අණ පනත් දේශපාලන/සිවිල් ක්‍රියාකාරීන්ට විරුද්ධව පාවිච්චි කිරීම  යන කරුණු ය.
 
 
 
යුරෝපා සංගමයේ ජීඑස්පී සහනයෙන් වැඩිම වාසියක් ලබන රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව වේ.  2020 වසරේ ලංකාවේ අපනයනයන්ගෙන් 22.4% සිදු කර ඇත්තේ යුරෝපා සංගමයට ය.  (පසුගිය වර ලංකාවට ජීඑස්පී සහනය අහිමි කිරීමට පෙර එය 35% ක් විය) 
 
චීනයට පසු ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා යුරෝපා සංගමය වන නමුත් යුරෝපා සංගමයේ 69 වන වෙළෙඳ සහකරුවා ලංකාවයි.  
 
යුරෝපය ලංකාවේන් භාණ්ඩ 27 ක් ආනයනය කරන අතර ඇඟළුම් ඒ අතර ප්‍රධානය.  යුරෝ මිලියන 2083 ක් යුරෝපා වෙළදාමෙන් පසුගිය වසරේ ලැබුණි.
 
 
 
 
යුරෝපය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය අප රටට වාසිදායක ලෙස පවතින අතර, දැන් ක්‍රියාත්මක ආනයන සීමා කිරීම් පිළිබඳ යුරෝපා සංගමයේ නියෝජිතයින් අවස්ථා ගණනාවක දී රජයට අනතුරු හඟවා තිබුණි. 
 
යුරෝපය වෙත ලංකා අපනයන අඛණ්ඩව වැඩිවන අතර නමුත් 2008 දී යුරෝපය ජීඑස්පී සහනය නවතා දැමීමත් සමඟම ලංකාවට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු විය. 
 
ලංකාවට යුරෝපයේ වූ ඇඟළුම් වෙළෙඳපොල බංගලිදේශය විසින් ආක්‍රමණය කළ අතර හයිඩ්‍රාමනි ඇතුළු ලංකාවේ සමාගම් බංගලිදේශය වෙත සිය කර්මාන්ත රැගෙන ගියේය. එය බංගලිදේශයේ ඇඟළුම් ආදායම ඉහළ නැංවීමට හේතු වූ අතර, ලංකාවට එරටින් ණය ආධාර ලබාගැනීමට සිදුව තිබේ.  
 
ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික පසුබෑම සිදු වෙමින් පවත්නා මොහොතක ‘‘යුරෝපා කොමිසම විසින් ජීඑස්පී ප්ලස් සහන ලංකාවට ලබාදීම පිළිබඳ ඇගයීමක්‘‘ සිදු කරනු ඇත.  එහි දී ලංකාවේ මානව හිමිකම්, කම්කරු නීති ආරක්ෂා කිරීම, කම්කරුවන් සදහා ලබාදෙන පහසුකම් පිළිබඳ දැඩි විමර්ශනයක් සිදු කරනු ඇත.
 
මෙයට පෙර ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා සහ ජීඑස්පී සහන ඇතුළු බලපෑම් එල්ලවන විට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂයට එවකට පැවති රජයන් දැඩි චෝදනා එල්ල කිරීම විශේෂත්වයකි.  
 
සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ බලපෑම් කණ්ඩායම් වෙත වෛර සහගත චෝදනා එල්ල විය. 
 
 
විපක්ෂයේ නිහැඬියාව !
 
 
එසේ නමුත්, වත්මන් විපක්ෂය මානව හිමිකම් සම්බන්ධයෙන් ද, සමාජ ක්‍රියාකාරීන් මර්ධනය සම්බන්ධයෙන් ද දැඩි නිහඬතාවයක් අනුගමනය කරමින් සිටී. 
 
ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිඳව විපක්ෂයට වඩා උනන්දුවක් දක්වන බව මෙම යෝජනාව අනුව පැහැදිලි ය. 
 
ජීඑස්පී සහන ඉවත් නොකිරීම සඳහා ‘යුරෝපා කොමිසම‘ එකඟ කරවා ගැනීමට ශ්‍රී ලංකා රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. 
 
හුදු දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා දේශීය ආදායම් අහිමිකර ගැනීම, විදේශ ණය හා පොලී ගෙවීම, පොහොර ආනයනය නතර කිරීම වැනි ජයප්‍රිය සටන්පාඨවලට මුවා වී දේශීය කෘෂි නිෂ්පාදන අහිමිකර ගැනීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇති ලංකා ආර්ථිකයට ජීඑස්පී අහිමිවීම මාරාන්තික ප්‍රහාරයක් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සිය නිවේදනය මගින් කයා සිටියි.
 
 
 
 
 
 
 
THE LEADER TV
 
"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !
 
 
 
බැසිල් සුළඟ කරළියට... 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවට එරෙහි GSP + සහන නැවැත්වීම සලකා බැලීමේ යෝජනාවක් | The Leader