BREAKING
Top Ad
පුවත්

IMF ණය ගැනීම: පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අඟවයි

T

The Leader

December 13, 2021 • 8:55 AM

IMF ණය ගැනීම: පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව විසින් IMF ණය ගැනීමට ගන්නා උත්සාහය විපක්ෂයේ නායකයන්ද අනුමත කරන තත්වය තුළ ණය කන්ද ඉහළ යාමෙන්
  • සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව පැවසුවේ අද(13) නුගේගොඩ, පෙ.ස.ප.
  • ආණ්ඩුව විසින් ලබා ගත් ණය සඳහා පොලී සහ වාරික මෙන්ම ස්වෛරී බැඳුම්කරවලට ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණවත් නොමැතිකම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගැනීමට තීරණය කර ඇති බව පෙන්වා දෙමින් ඔහු දැක්වූ අදහස් මෙසේය.
  • “ආණ්ඩුවට IMF වෙතින් ණය ගැනීමට දැන් විපක්ෂයේ සියලු කණ්ඩායම් විවෘත ලෙස බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හා ආර්ථික පීඩාව වැඩිවීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වීමට නියමාත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අඟවයි.

සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව පැවසුවේ අද(13) නුගේගොඩ, පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව විසින් ලබා ගත් ණය සඳහා පොලී සහ වාරික මෙන්ම ස්වෛරී බැඳුම්කරවලට ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණවත් නොමැතිකම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගැනීමට තීරණය කර ඇති බව පෙන්වා දෙමින් ඔහු දැක්වූ අදහස් මෙසේය.


ණය කන්ද ජනතාව මත පැටවීම...

“ආණ්ඩුවට IMF වෙතින් ණය ගැනීමට දැන් විපක්ෂයේ සියලු කණ්ඩායම් විවෘත ලෙස බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයක් ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති මාර්ගයේම යමින් ණය කන්ද ජනතාව මත පැටවීම මිස ආර්ථික වැඩපිළිවෙළක් හරහා අර්බුදය විසඳන තත්වයක් පාලකයන්ට නෑ.



dias jrෆිලික්ස් ඩයස් බන්ඩාරණායක - ජේ ආර්. ජයවර්ධන


1975 ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක විසින් ගෙන ආ යෝජනාවක් වුවත් 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළ වෙළඳපොළ ආර්ථිකය නැතහොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ රරටේ ආර්ථිකය අද මුහුණ දෙන අර්බුදයට ඇද වැටී තිබෙනවා.

මේ දක්වා රට පාලනය කළ පාලක කණ්ඩායම් මේ වන විට ආර්ථිකය ඇද වැටී ඇති අර්බුදයට මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රතිඵලවලට වග කිව යුතුයි වගේම දැන් මේ ණය ගන්න වෙත යන්න උපදෙස් දෙන නායකයන්, ඉදිරියේදී ඒ නිසා ඇතිවන ජනතා පීඩාවටත් වගකිව යුතු බව අපි කල්තියාම කියනවා.

මේ වනවිට මුල්‍ය අරමුදලට යන්න කියලා විපක්ෂ කණ්ඩායම් පවසා තිබෙනවා. නමුත් මුල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට කොන්දේසි පැමිණවීමක් සිදුවන බවත් එහිදී සිදුවන සුබසාධන කප්පාදුව, රාජ්‍ය සේවය හැකිලවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා ‌ෞද්ගලිකකරණය වැනි ප්‍රතිඵල නිසා නැවත වරක් ජනතාව බැට කනුනට නියමිතයි.

ඒ නිසා මේ සැරේ ආණ්ඩුව මුල්‍ය අරමුදලට යන්නෙ විපක්ෂයේ ආශිර්වාදය ඇතිව. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයත් කියන්නෙ දැන් නම් මුල්‍ය අරමුදලට නොගිහින් බෑ කියලා. මුල්‍ය අරමුදලට නොගිහින් ඉන්න තරම් අමුතු දේශප්‍රේමයක් නෑ. බොරු දේශප්‍රේමය පෙන්නුවට මේ අය අවශ්‍ය වුණාම ජනතා අයිතිවාසිකම් කප්පාදු කරමින් මුල්‍ය අරමුදලට අවශ්‍ය කොන්දේසි ඉටු කරනවා.


නමුත් මේ වෙලාවෙ ආණ්ඩුව ඒක කරද්දි විපක්ෂයෙත් ආශිර්වාද අරගෙන කරන්නෙ. ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස විපක්ෂය විසින් වැඩපිළිවෙලක් යෝජනා කරන්නෙ නෑ. ඔවුන් ගෙන එන උත්තරය මුල්‍ය අරමුදලින් ණය ගන්න එකයි.

ඒ අය සියලු දෙනාම එකම වැඩපිළිවෙළක් ලෙස සමාන අදහස් දරණ බව පිළිගන්න පුළුවන්. සමාගි ජන බලවේගයේ සජිත්, එ.ජා.ප.යේ රනිල්, ශ්‍රීල.නි.ප. මේ සියලු දෙනා නව ලිබරල් ආර්ථික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පක්ෂ අය.

නමුත් ජාතික ජන බලවේගයේ යෝජනාවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගන්න එක නමුත්, ඒ අයගෙ වැඩපිළිවෙළයි අනෙක් විපක්ෂ වැලපිළිවෙළ අතර වෙනස මොකක්ද? අපි අහන්නෙ මේ විසඳුම් දෙන්නෙ ජනතාවගේ ආර්ථික ගැටලු වලටද නැත්නම් මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවන පාලකයන්ගෙ අර්බුදයටද?

දැන් මේ අය පෙළියට ඉඳගෙන IMF යන්න කියලා ගායනා කරලා ඒකෙ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන කොට, මහජන සුබසාධන කප්පාදු කරනකොට, අධයාපනයට සෞඛ්‍යට කප්පාදුව ගේනකොට ඒකට විරුද්ධව බොරුවට නාහෙන් අඬන්න එපා. ඒ සඳහා විරෝධය දක්වද්දි බොරුවට IMF විරෝධී බෝඩ් අල්ලන්න එන්න එපා. ඒක තමයි දේශපාලනයෙ තියෙන නරකම තක්කඩිකම.


තමන් කරනකොට හොඳයි, අනුන් කරගොට හොඳ නෑ කියලා මේ අය බොරු උද්ඝෝෂන කැඳවන්නෙ. ජනතාව මේ කප්පාදු කිරීම්වලට විරෝධය පළකරනකොට ඒ විරෝධය ගසා කමින් මැතිවරණ වලදි බලය ගන්න විතරයි මේ බොරු විපක්ෂය සටන් කරන්නෙ. බලය අරගත්තම ආපහු මේ පිළිවෙතමයි ක්‍රියාත්මක කරන්නෙ.

අපි ජනතාවට කියන්නෙ මේ ව්‍යාජ විරෝධතා දේශපාලනයට රැවටෙන්න එපා. මේ අය ජනතාව වෙනුවෙන් කියලා ගෙන යන ව්‍යාජ දේශපාලන රැවටිලිවලට හසු නොවී ඇත්ත ජනතා බලයක් වෙනුවෙන් සංවිධානය වෙමු, IMF ණය ගැනීමට ආණ්ඩුව තීරණය කළාම නැවත වරක් ජනතාවගේ විශේෂයෙන් වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම් ඉදිරියට පැමිණීමට නියමිතයි.

දැනටමත් විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධ සංවාදයක් පැමිණ තිබෙනවා. ඒ ආකාරයෙන් ජනතා අයිතිවාසිකම් අහිමි කිරීම් ඉදිරියේත් පැමිණෙන විට මේ පාලක කණ්ඩායම් වගේම ව්‍යාජ විරෝධතා පරාජය කරලා සැබෑ ජනතා බලයක් වෙනුවෙන් කටයුතු කරමු, මේ ජනතා විරෝධී ආර්ථික පිළිවෙත වගේම ජනතා විරෝධී දේශපාලන සෙල්ලම නවත්වන සැබෑ ජනතා බලයක් වෙනුවෙන් ඒකරාශි වෙමු කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා.

ජනතාව අද මුහුණ දෙන ජීවන දුෂ්කරතා මේ පාලක කල්ලි විසින් ගෙන ගිය ආර්ථික පිළිවෙත්වල ප්‍රතිඵලයක් නිසා නැවත ඔවුන්ගෙන් විසඳුම් සොයනවාට වඩා ජනතා බලයක් ගොඩනඟමින් ආර්ථික වැඩපිළිවෙළක් තුළින් විසඳුම් සෙවීම පිණිස ක්‍රියාකාරී විය යුතු ජනතාවයි. ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇත්තේ ඔවුන් මේ රටේ ආර්ථිකයේ තීරකයන්, මෙහෙයවන්නන් බවට පත්වන ආර්ථික-දේශපාලන ක්‍රියාකාරිත්වයකින් පමණයි.”

 

 

 

 

Leader Whats app

 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



 
අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...