BREAKING
Top Ad
පුවත්

ඡන්දය වර්ජනයක් නැහැ -TNA තීරණය ලබන සතියේ !

T

The Leader

November 1, 2019 • 9:18 AM

ඡන්දය වර්ජනයක් නැහැ -TNA තීරණය ලබන සතියේ ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගෙන් තම සන්ධානය සහයෝගය ලබා දෙන්නේ කවුරුන්ටදැයි තවමත්
  • ඊයේ  (ඔක්තෝබර් 31)  ප්‍රකාශයට පත් කරන ලද සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමන්ට කියවීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු කීය.
  • දමිළ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරනු ඇති අතර ඔවුන් ඡන්දය වර්ජනය කිරීමක් සිදු නොකරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කර නොමැති බවත්, එය ලබන සතියේදී අනාවරණය කළ හැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසිය.

ඊයේ  (ඔක්තෝබර් 31)  ප්‍රකාශයට පත් කරන ලද සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමන්ට කියවීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු කීය.

මේ අතර දෙමළ මහජන සන්ධාන නායක උතුරේ හිටපු මහඇමති සී.වී.විග්නේශ්වරන් පැවසුවේ, දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් 13 ක් පසුගියදා ජනාධිපති අපේක්ෂකයන්ගේ අවධානයට යොමුකිරීමේදී ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවකින් තොරව කඩිනමින් ප්‍රතිචාර දක්වමින් එය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර අනෙක් අයගෙන්ද ඊට ප්‍රතිචාර නොලැබීම හේතුකොටගෙන සුළු ජාතිකයන් සම්බන්ධයෙන් සංවේදී නොවන සිංහල අපේක්ෂකයන්ට ඡන්දය ලබාදීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

දමිළ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරනු ඇති අතර ඔවුන් ඡන්දය වර්ජනය කිරීමක් සිදු නොකරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

(රාවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...