ශ්‍රී ලංකාවේ නිරෝධායන බිස්නස් මගඩියකට ලක්ව ඇති බව වාර්තාවේ.
වෛද්‍ය තුෂාරා වික්‍රමනායක යනු ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයකු වන රත්නසිරි වික්‍රමනායකගේ දියණිය වේ. එසේම ඇය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ නැගෙනියයි.
තමන්ට සිදුව ඇති අසාධාරණය ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව සහභාගී වෙමින් අනාවරණය කර සිටියේ මෙසේය.
'
වෛද්‍ය තුෂර වික්‍රමනායකට එරෙහි හිංසනය හෙලාදකිමු!' -උවිඳු
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'වෛද්‍ය තුෂර වික්‍රමනායකට එරෙහි හිංසනය හෙලාදකිමු!' යන සිරස්තලයෙන් යුතුව සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.
''වෛද්‍ය තුෂර වික්‍රමනායක Tushara Wickramanayaka - අර විදුරගෙ නංගි - හිටපු අගමැතිගෙ දුව, ලංකාවට ගියා. එයා කොරොන්ටයින් උනේ මීගමුවෙ ජෙට්වින් බ්ලූ එකේ 175,000ක් දීල. ඒ ඇරුනම ශ්‍රීලංකන් එයාලයින් එකෙන් 25,000ක් අරන් තියෙනව PCR දෙකකට කියල.
දැන් ප්‍රශ්ණෙ මේකයි.
එයාව අද හවස 4ට ගෙදර අරින්න ඕනෙ, මොකද එයාගෙ නිරෝධායන කාලෙ ඉවරයි.
ඒත් යවන්නෙ නැතිව කියනව ලු 26 ද ගත්ත දෙවනි සාම්පලේ හරියට අරගෙන නැහැ - insufficient sample - කියල, පුද්ගලිකව තව PCR එකක් කර ගන්න කියල.
ඒත් එයා හොයාගෙන ගියාම එයාගෙ නම ඉස්සරහ තියෙන්නෙ "නෝ සාම්පල්" - no sample - කියලලු.
ඒ කියන්නෙ මේ ගොල්ලගෙන් සාම්පල් ගත්තට ඒව ටෙස්ට් කරන්න යවල නැහැ කියල එක.
තව දවස් හතරක් ඉන්න කියනවලු.
කවුද ඒවට ගෙවන්නෙ.
ගෙදර යන්න ගියොත් අත්අඩංගුවට ගන්නවලු.
හෝටලේ විතරක් නෙමෙයි ඒ මුලුපැත්තම පාලනය කරන්නෙ හමුදාව, කිසිම දොස්තර කෙනෙක් නැහැ.
එයා අහන්නෙ දැන් කවුද මේවට ගෙවන්නෙ?
දැන් අලුත් එකක් අරන් එයා පොසිටිව් කියල බොරු එකක් දෙන්නත් පුලුවන්.
මේක මාර කෙලියක්.
මේක නිරෝධායන බිස්නස් එකක් කියන්න තවත් හේතු මොනවටද?
පසු සටහන:
''එයාට එයාපෝට් එකේදී දීපු චීන බසෙනුයි, ඉංග්‍රීසි බසෙනුයි තියෙන පෝරමයක් එයා සිංහලෙන් පුරවල ඒක මට කිව්වම මම ඒක ගෙන්න ගෙන ෆේස්බුක් දැම්ම. දැන් ඒක වැරදියි කියල ආණ්ඩුවෙම රාජ්‍ය භාෂා කොමිසම පිලිඅරගෙන ඒක වෙනස් කරනව කියනව. ඒත් මේ ඒකට කරන හැරස්මන්ට් එකක්ද? වෙන එකක් ද? මුලු ලෝකෙම මේක බලාගෙන ඉන්නෙ. අපි දේශ සීමා රහිත වෛද්‍ය සංගමය ඇතුලු හැමෝම දැනුවත් කරනව මේ ගැන.'' -උවිඳු
සබැඳි වීඩියෝ
මිලිටරිකර්ණයෙන් රෝග මර්දනය නොව සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් රෝග පාලනයට....



