BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

හමුදාව PCR කිරීම ''බල්ලාගේ වැඩේ බූරුවාට බාර දීමක්''

T

The Leader Desk

November 6, 2020 • 2:33 PM

හමුදාව PCR කිරීම ''බල්ලාගේ වැඩේ බූරුවාට බාර දීමක්''

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීමේ
  • එම පරීක්ෂණ සිදු කිරීමට පුහුණුව ලත් වෘත්තියවේදීන් ප්‍රමාණවත් ලෙස සිටියදී හමුදාව වෙත එම රාජකාරිය පවරා  ප්‍රශ්නය වඩා සංකිර්ණ කර නොගත යුතු බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ විද්වත් ආයතනය පවසන්නේ.
  • යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නොවැම්බර් 5 බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත පවසා තිබුනේ ඉදිරියේදී තවත් යන්ත්‍රයක් ගෙන්වා යුද හමුදාව මැදිහත්වී PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.
  • ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ සිදු කරනු ලබන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් බව පවසන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ ඒ සදහා වෛද්‍ය සභාවේ නීත්‍යානුකුල අවසරය පවතින්නේ එම වෘත්තිකයන්ට පමණක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවස්ථාව ඒ පිලිබඳ විශේෂඥ ඥානය ඇති වෘත්තිකයන් වෙනුවට යුද හමුදාවට ලබා දීම පය බරවායට පිටිකර බෙහෙත් බැදීමක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙලා දැකීමට ලක්ව තිබේ.

Ravi Kumudeshඑම පරීක්ෂණ සිදු කිරීමට පුහුණුව ලත් වෘත්තියවේදීන් ප්‍රමාණවත් ලෙස සිටියදී හමුදාව වෙත එම රාජකාරිය පවරා  ප්‍රශ්නය වඩා සංකිර්ණ කර නොගත යුතු බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ විද්වත් ආයතනය පවසන්නේ.

"පය බරවාවට පිටිකර බෙහෙත් බදින්න හරි, බල්ලගේ වැඩේ බුරුවා කරන්න හරි ගිහිල්ලා මේ වැඩේ ඕනවට වඩා සංකීර්ණ කර ගන්න අවශ්‍ය නැහැ. PCR කිරීමට අදාල පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් මෙතෙක් මතුවෙලා නැති නිසා."

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් ඒ බව පවසා ඇත්තේ PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබෙන බවට යුද හමුදාපති සිදු කර ඇති දැනුම්දී සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නොවැම්බර් 5 බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත පවසා තිබුනේ ඉදිරියේදී තවත් යන්ත්‍රයක් ගෙන්වා යුද හමුදාව මැදිහත්වී PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ShavendraDSයුද හමුදාව මැදිහත්වී PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරනවා'' -  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදාවට PCR යන්ත්‍රයක් ලබා දුන් අතර ඒ අනුව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඉහළ දැමීමට කටයුතු කරන බව හමුදාපතිවරයා පැවසුවේයැයි මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබුනි.

ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ සිදු කරනු ලබන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් බව පවසන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ ඒ සදහා වෛද්‍ය සභාවේ නීත්‍යානුකුල අවසරය පවතින්නේ එම වෘත්තිකයන්ට පමණක් බවයි.

එම පරීක්ෂණ සිදු කිරීම සදහා මෙරට තුළ එම වෘත්තිකයන්ගේ කිසිදු අඩුපාඩුවක්, හිගයක් හෝ ප්‍රශ්නයක් මතුව නොමැති බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ එම වෘත්තිකයන් ස්වෙච්ඡාවෙන් ඕනෑම තැනක ඕනම වෙලාවක දීමනා, වරප්‍රසාද වලින් තොරව එම රාජකාරිය ඉටු  කර තිබෙන බවයි.   "අපිට තහවුරු කරලා තියන්න පුළුවන් කිසිම තැනක මේ පරීක්ෂණ කිරීමේ මිනිස්සුන්ගේ, වෘත්තිකයන්ගේ ප්‍රශ්නයක් මතු වෙන්න දීලත් නෑ.  අපි දෙන්නෙත් නෑ."

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මතුව ඇත්තේ PCR යන්ත්‍ර සහ පහසුකම් පිළිබද ප්‍රශ්නයක් පමනක් බවයි.

''වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මතුව ඇත්තේ PCR යන්ත්‍ර සහ පහසුකම් පිළිබද ප්‍රශ්නයක් පමනක් බවයි.''

 ශ්‍රී ලංකා ජාතික රෝහල, කුරුණෑගල , කලුතර , කෑගල්ල  මෙන්ම හෝමාගම යනාදී රෝහල් තුළ මේ දක්වා එම පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය රසායනාගාර  සකස් කිරීමට අමාත්‍යංශය අසමත්ව ඇති බව පවසන වෘත්තිය වේදියා එයට හේතු ලෙස පෙන්වා දෙන්නේ එයට අවශ්‍ය  යන්ත්‍ර සහ උපකරණ නොමැති වීමයි.

 

හමුදාවට ඕනෑ නම්:

රජයේ රෝහල් වල හිඟයක් පවතින PCR යන්ත්‍ර ඇතුළු උපකරණ ලබා දෙනු වෙනුවට යුද හමුදාවට රෝග පරීක්ෂාව භාර දීම වෘත්තීය සමිති නායකයාගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය.

"හමුදාවට දෙන්න උපකරණ තියනවා නම්, හමුදාවට මේක දීලා‌ කරන අයයි කරන සිස්ටම් එකයි ඒ ඔක්කොම හොය හොයා ඉන්නවාට වඩා ඉතා පහසුවෙන් මේ ධාරිතාව සෞඛ්‍ය අමාත්‍යාශය ඇතුලේ ඕනෑ තරම් මුලික රෝහල් දක්වා තියන ඕනම රසායනාගාරක අපි ලැස්තියි PCR පරීක්ෂණ කරන්න. ඒ නිසා අපිට තියන ප්‍රශ්නෙත් PCR යන්ත්‍ර සහ උපකරණ දෙන්නේ නැති එක තමයි."

රට තුළ PCR කිරීමේ හිගයක් පවතින  බව අගවමින් එය හමුදාවටත් පැවරීම "වෙනම කතාවක්"  බව පවසන වෘත්තිය වේදියා අවධාරණය කරන්නේ උත්තර ලබා දී ඇත්තේ  ප්‍රශ්නයට නොවන බවයි.

''රට තුළ PCR කිරීමේ හිගයක් පවතින  බව අගවමින් එය හමුදාවටත් පැවරීම "වෙනම කතාවක්"  බව පවසන වෘත්තිය වේදියා අවධාරණය කරන්නේ උත්තර ලබා දී ඇත්තේ  ප්‍රශ්නයට නොවන බවයි.''

 හමුදාව තුළ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පුහුණුව සහ උපාධිධාරීන් සිටින බව පවසන රවී කුමුදේශ් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ එම පිරිස් ලවා PCR පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් නොමැති බවයි.

කොරෝනා ව්‍යාප්තියට මුහුණ දීමේදී රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් වෙනුවට යුද හමුදාවට බලතල පැවරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමසිල්ල යොමුවී තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...