BREAKING
Top Ad
පුවත්

සජිත්-කරු පාර්ශව එක මතයක: අභ්‍යන්තර ඡන්දයකට 'රෙඩි'!

T

The Leader

September 18, 2019 • 12:56 AM

සජිත්-කරු පාර්ශව එක මතයක: අභ්‍යන්තර ඡන්දයකට 'රෙඩි'!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම වහාම කැඳවා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කර ගැනීම සඳහා රහස් ඡන්දයක්
  • එහිදී ඡන්දයෙන් පැවැත්වීමට සිදුවුවහොත් කතානායකවරයා අනිවාර්යයෙන් දිනන බව ද ඇමතිවරයා අවධාරණය කර තිබේ.
  • එජාප නායකයාගේ ආශිර්වාදය මත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ සුදානමින් සිටින කතානායක කරු ජයසුරිය මේවනවිට පවසන්නේ, බහුතරයේ එකඟතාවය මත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමා සුදානම් බවයි.
  • එහෙත් මිට ඉහත දී ඔහු දිගින් දිගටම පවසා සිටියේ, පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාවය හිමිවන්නේ නම් පමණක් තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වන්නැයි සජිත් පාර්ශවය මිට ඉහත දී එම පක්ෂයේ නායක අගමැති, රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබු අතර කරු පාර්ශවය ද අද (18) එවැනි ඉල්ලීමක් කිරීමේ sep 18 Text 7සුදානමකින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම කැඳවා රහස් ඡන්දයක් පවත්වන්නැයි සජිත් පාර්ශවය ඉල්ලා සිටිය ද අගමැතිවරයාගේ උපදෙස් අනුව යමින්, කරු ජයසුරිය පාර්ශවය පවසන්නේ අපේක්ෂකයා තේරීමේ බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බැවින් මේ සඳහා මන්ත්‍රී කණ්ඩායම කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. රවී කරුණානායක හා රාජිත සේනාරත්න යන කරු පාර්ශවයේ ප්‍රධානින් දෙදෙනා එම ස්ථාවරයේ දැඩිව ලෙස සිටින බවද පැවසේ. 

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන් එජාප ජනාධිපති අපේක්ෂක අර්බුදය සම්බන්ධයෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අද හෙටම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා අපේක්ෂකයා තෝරා ගන්නා බවයි. එහිදී ඡන්දයෙන් පැවැත්වීමට සිදුවුවහොත් කතානායකවරයා අනිවාර්යයෙන් දිනන බව ද ඇමතිවරයා අවධාරණය කර තිබේ.

එජාප නායකයාගේ ආශිර්වාදය මත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ සුදානමින් සිටින කතානායක කරු ජයසුරිය මේවනවිට පවසන්නේ, බහුතරයේ එකඟතාවය මත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමා සුදානම් බවයි. එහෙත් මිට ඉහත දී ඔහු දිගින් දිගටම පවසා සිටියේ, පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාවය හිමිවන්නේ නම් පමණක් තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බවයි.

 

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය ?

sep 18 Text 8එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය 90කට වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු වුවද මේවනවිට ඊට පත්ව ඇත්තේ 63දෙනෙකු පමණි.  ඉන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙවවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට ප්‍රසිද්ධියේම සහය පළකර තිබේ.

එම තත්වය තුල පක්ෂ නායකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට එම පක්ෂයේ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල යටතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වහාම තමන්ට හිතවත් 30 දෙනෙකු නම් කිරීමට කටයුතු කරමින් සිටින බවට theleader.lk වෙත වාර්තාවේ.

 

චම්පික කියපු කතාව !

මේ අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 106 දෙනාගේ වැඩි ඡන්දයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරාගැනීම වහාම සිදුකළ යුතු බවයි.

අමාත්‍යවරයා මේ පිළිබඳ අවධාරණය කර සිටියේ පෙරේදා (16) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැඳි පුවත් :
ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන - එජාපෙ අපේක්ෂකයා ඡන්දයකින්! (Video)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...