BREAKING
Top Ad
පුවත්

20ට පක්ෂවන මන්ත්‍රීවරුන් නෙරපීමට සජිත්ගේ පක්ෂය තීරණය කරයි

T

The Leader

October 21, 2020 • 11:34 PM

20ට පක්ෂවන මන්ත්‍රීවරුන් නෙරපීමට සජිත්ගේ පක්ෂය තීරණය කරයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසිවන සංශෝධනයට පක්ෂව තම පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයකු ඡන්දය දුන්නොත් වහාම එවැනි මන්ත්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරීමට සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
  • එම රැස්වීමට විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහභාගී වී නොමැත.
  • කිංස්ලි නෙල්සන් යන්නේ නැති ලු !
  • කෙසේවුවද විස්සට සහය දීමට නියමිතව ඇතැයි සමාජ මාධ්‍ය වලින් අනාවරණය කර තිබු සමගි ජන බලවේගය පොළොන්නරුව මන්ත්‍රී කිංස්ලි නෙල්සන් මෙහිදී අදහස් දක්වමින්, තමා ආණ්ඩුවට එක්වීමට යන බවට පලවී ඇති වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම තීරණය ගෙන ඇත්තේ අද (22) උදැසන පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.

එම රැස්වීමට විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහභාගී වී නොමැත.

කිංස්ලි නෙල්සන් යන්නේ නැති ලු !

කෙසේවුවද විස්සට සහය දීමට නියමිතව ඇතැයි සමාජ මාධ්‍ය වලින් අනාවරණය කර තිබු සමගි ජන බලවේගය පොළොන්නරුව මන්ත්‍රී කිංස්ලි නෙල්සන් මෙහිදී අදහස් දක්වමින්, තමා ආණ්ඩුවට එක්වීමට යන බවට පලවී ඇති වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.

විස්සට එරෙහිව පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමට තමාට අවස්ථාවක් දෙන ලෙස ද ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක් කර ඇත. 

රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ, අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන්ද තමන් ආණ්ඩුවට එක්වීමට නියමිත බවට පලවී ඇති වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

සමගි ජන බලවේගයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ දෙදෙනෙකු හා රවුෆ් හකීම් ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු විස්සට සහය දෙමින් අද පස්වරුවේ ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...