BREAKING
Top Ad
පුවත්

එහෙට මෙහෙට පනින හිමි රතන ආණ්ඩුවට ? - (The Leader TV )

T

The Leader

January 11, 2021 • 4:27 AM

 එහෙට මෙහෙට පනින හිමි රතන ආණ්ඩුවට ? - (The Leader TV )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 05 වෙනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙදී 'අපේ ජන බල පක්ෂය'ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිකර ගත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ළඟදීම ආණ්ඩු පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි
  •   ඊට අදාළ ලිපිලේඛන  මේවනවිට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදී ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
  •   අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඒ සඳහා උදව් උපකාර කර ඇත්තේ, මෙරට ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
  • ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඊට අදාළ ලිපිලේඛන  මේවනවිට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදී ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
'අපේ ජන බල පක්ෂය'ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන් අතර මාස ගණනාවක් පුරා පැවති ගැටුම නිරාකරණය කරමින් රතන හිමියන්ට අවස්ථාව ලබාදුන්නේ 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර තිබුනද අපගේ ආරංචිමාර්ග පවසන්නේ, රතන හිමියන් යලි පාර්ලිමේන්තු ගෙන ඒමට බැසිල් රාජපක්ෂ එතරම් උනන්දුවක් දක්වා නොමැති බවයි.
 
අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඒ සඳහා උදව් උපකාර කර ඇත්තේ, මෙරට ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.
 
කෙසේවුවද යළි පාර්ලිමේන්තුවට පැමිණි රතන හිමියන් ආණ්ඩු පක්ෂයට එක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයින් එතරම් කැමැත්තක් පළකර නොමැත. ඔවුන්ගේ අදහසවී ඇත්තේ රතන හිමි විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහය පළකිරීම ආණ්ඩුවට වඩාත් වාසිදායක විය හැකි බවයි.
 
 
පුජ්‍ය රතන හිමියන්ගේ පිල් මාරුකිරීම් සම්බන්ධයෙන් The Leader TV පුවත් විශේෂාංගය මෙන්න 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...