BREAKING
Top Ad
පුවත්

'මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ? The Leader TV විශේෂාංගය

T

The Leader

January 12, 2021 • 5:54 AM

'මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ? The Leader TV විශේෂාංගය     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2015 ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ ලද පරාජයෙන් 'රාජපක්ෂවරුන්' දේශපාලනික වශයෙන් නන්නත්තාරව ගිය අවස්ථාවේදී, යලිත් රාජපක්ෂවරුන් දේශපාලන කරලියට රැගෙන ඒමට 'මහින්ද සුළඟ' නමින්
  •   මේ ඒ සමබන්ධයෙන් The Leader TV පුවත් විශේෂාංගය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දේශපාලන මෙහෙයුමක් ආරම්භ කරමින් වසර කිහිපයක් තුල දී දේශපාලන බලය අත්පත්කර ගැනීමට දායක වූ විමල් විරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස් ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු විසින් නව දේශපාලන මෙහෙයුමක් ආරම්භකර ඇත. 
 
 ආණ්ඩුවේ විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට,  මේ අලුත් මෙහෙයුමේ අපේක්ෂාව, ආණ්ඩුවෙන්  දිනෙන් දින දුරස්වෙමින් යන 'ජාතිකවාදී' බලවේගය තවදුරටත් තම කඳවුර තුල රඳවා ගැනීමයි.
 
එම වැඩසටහනේ ආරම්භයක් ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය 06දා  මාධ්‍ය හමුවක් කැඳවූ එම පක්ෂයේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, '69 ලක්‍ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ' යයි ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට සිහිපත් කර සිටියේය.
 
'69 ලක්‍ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ' යයි ජාතික නිදහස් පෙරමුණේ නායකයා මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා වෙත සිහිපත් කර සිටියේ, 'මහින්ද සුළඟ' හරහා රාජපක්ෂවරුන් යළි දේශපාලන කරලියට ගෙන ඒමට තමා ඇතුළු පිරිසක් දැක්වූ දායකත්වය සිහිපත් කරවන ආකාරයෙනි.
 
බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමග 'මහින්ද සුළඟ' කණ්ඩායම මෙන්ම ජාතිකවාදී බලවේග කොන්වී ඇති තත්වය හමුවේ විමල්ලාගේ අභ්‍යන්තර දේශපාලන මෙහෙයුම බොහෝවිට බැසිල් විරෝධී ස්වරුපයක් ගනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
 
මේ ඒ සමබන්ධයෙන් The Leader TV පුවත් විශේෂාංගය යි.
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...