BREAKING
Top Ad
පුවත්

සැබෑ දේශප්‍රේමියෝ : මංගල, රැඩිකල් මැද මාවතකින් යළි සටනට

T

The Leader

August 5, 2020 • 3:31 AM

සැබෑ දේශප්‍රේමියෝ : මංගල, රැඩිකල් මැද මාවතකින් යළි සටනට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ දේශපාලනයෙන් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර, රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් හෙට (අගෝස්තු 06) යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වීමට නියමිතය.
  • සමස්ත දේශපාලනය ම ව්‍යාජ දේශපාලන රැල්ලකට ගොදුරුව සිටින මොහොතක ඔහු ඊට එරෙහිව, 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් සිය දේශපාලන ව්‍යාපෘතිය නම් කර ඇත.
  • ‘සෑම තක්කඩියෙකුගේම අන්තිම සරණ දේශප්‍රේමය’ යැයි සැමුවෙල් ජොන්සන් ලියුවේ 18වැනි සියවසේදී ය.
  • 21වැනි සියවසේ ජීවත්වන අපි ඒ ප්‍රකාශය කොතරම් ඇත්තක්දැයි හොඳින් දනිමු.  රටකට ආදරය කිරීම හා රාජ්‍ය පාලකයන්ට ආදරය කිරීම අතර ඇති බරපතල වෙනස මකා දැමීම සෑම තක්කඩි දේශප්‍රේමියෙකුගේම අභිප්‍රායයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හෙට පෙරවරුවේ ඔහු ඇතුළු කණ්ඩායමක් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වීඩියෝ කිහිපයක් මුදා හරිමිනි. එම වීඩියෝ සියලු මුදාහරිනු ලබන්නේ  #trupatriotlk සමාජ ජාලා තුළිනි.

සමස්ත දේශපාලනය ම ව්‍යාජ දේශපාලන රැල්ලකට ගොදුරුව සිටින මොහොතක ඔහු ඊට එරෙහිව, 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් සිය දේශපාලන ව්‍යාපෘතිය නම් කර ඇත. දශක තුනකට වඩා සිය දේශපාලන අද්දැකීම් තුලින් ඔහු අවධාරණය කරමින් සිටින්නේ, ශ්‍රී ලංකාව යලි ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව අත්‍යවශ්‍ය ම කාරණයක් බවයි. 

මංගලගේ මෙවර දේශපාලන ව්‍යාපෘතිය හුදෙක් රාජ්‍ය බලය අත්පත්කර ගැනීමේ මෙහෙයුමක් නොව, සියලු ආකාරයේ අන්තවාදයන්ට එරෙහිව රැඩිකල් ප්‍රවේශයක් සහිත මතවාදී මෙහෙයුමක් බව 'සැබෑ දේශප්‍රේමියෝ' හි ප්‍රකාශකයකු පැවසිය.

දේශප්‍රේමියෝ ?

Samuwel pic‘සෑම තක්කඩියෙකුගේම අන්තිම සරණ දේශප්‍රේමය’ යැයි සැමුවෙල් ජොන්සන් ලියුවේ 18වැනි සියවසේදී ය. පසුගිය සියවස් දෙකෙහි ඉතිහාසය විමසා බලනවිට ජොන්සන්ගේ කියමන දිවැසි වාක්‍යයක් බඳු ය. 21වැනි සියවසේ ජීවත්වන අපි ඒ ප්‍රකාශය කොතරම් ඇත්තක්දැයි හොඳින් දනිමු. 

රටකට ආදරය කිරීම හා රාජ්‍ය පාලකයන්ට ආදරය කිරීම අතර ඇති බරපතල වෙනස මකා දැමීම සෑම තක්කඩි දේශප්‍රේමියෙකුගේම අභිප්‍රායයි. පාලකයා කෙරෙහි ඇති අවිචාරවත් වහල් බන්ධනය දේශප්‍රේමය සේ සැළකෙන්නේ ඒ නිසා ය. 
''රටකට ආදරය කිරීම හා රාජ්‍ය පාලකයන්ට ආදරය කිරීම අතර ඇති බරපතල වෙනස මකා දැමීම සෑම තක්කඩි දේශප්‍රේමියෙකුගේම අභිප්‍රායයි. පාලකයා කෙරෙහි ඇති අවිචාරවත් වහල් බන්ධනය දේශප්‍රේමය සේ සැළකෙන්නේ ඒ නිසා ය. ''
රටකට ආදරය කිරීම යනු, ඒ රට ප්‍රඥාවන්ත මිනිස් වාසයක් වනු දැකීමට ඇති ආශාවයි; ඒ රට යුක්ති ධර්මයෙන් මෙහෙයවෙන රටක් වනු දැකීමට ඇති ආශාවයි; ඒ රටෙහි ජීවත්වන සෑම මිනිසෙකු සමානයන් ලෙස සලකනු දැකීමට ඇති ආශාවයි. 

ඒ දේශප්‍රේමය උපදින්නේ භීතියෙන් හා අවිචාරයෙන් නොවේ. ප්‍රඥාවෙන් හා යුක්ති ගරුගත්වයෙනි. 

ඒ නිසා  ජාති හා ආගම් භේදවාදයේ ලේ වැකුණු ව්‍යාජ දේශප්‍රේමයේ ධජයට එරෙහිව, අපි ඔසවනුයේ පොදු මනුෂ්‍යත්වයේ දහමින් බැඳුනු ප්‍රඥාවන්ත හා යුක්තිගරුක දේශප්‍ර්මයේ ධජය බව මංගල සමරවීර කියා සිටියි.

'' භීතියෙන් සහ සැකයෙන් ජනයා බෙදන රාජ්‍ය පාලකයන්ට නොව, අපේ සාමූහිකත්වයේ හා සහෝදරත්වයේ පොදු උරුමයට ආදරය කරන දේශප්‍ර්මයේ ධජයකි.'' මංගල වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...