BREAKING
Top Ad
පුවත්

වරාය අර්බුදයේ සැබෑ දේශප්‍රේමි අභියෝගය - මහාචාර්ය රොහාන් සමරජීව (වීඩියෝ)

T

The Leader

August 18, 2020 • 11:15 AM

වරාය අර්බුදයේ සැබෑ දේශප්‍රේමි අභියෝගය - මහාචාර්ය රොහාන් සමරජීව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ වරායේ පිහිටීම ප්‍රයෝජනයට ගෙන මෙරට ජීවත්වන ජනයාගේ ජීවන තත්වය වර්ධනය කිරීමට කටයුතු කිරීම සැබෑ දේශප්‍රේමින්ගේ වගකීම බව මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.
  • ඉන්දියානු බහාලුම් කොළඹ වරායෙන් ප්‍රතිනැව්ගතකිරීම කුමන හේතුවක් හෝ නිසා නැවතුන හොත් ශ්‍රී ලංකා ආර්ථිකයට වන හානිය බරපතළ බවත්, වරාය සේවා අපනයනයෙන් ලැබෙන ආදායම් අහිමි වනු ඇති බවටත් ඔහු අනතුරු අඟවයි.
  • යන කාරණය පැහැදිලි කරමින් මහාචාර්ය රොහාන් සමරජීව නිකුත්කර ඇති වීඩියෝව පහත පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී ඉන්දියාව සමග අනවශ්‍ය ගැටුමකට නොගොස් උපාය මාර්ගික පදනමකින් තුලනාත්මක විසඳුමකට පිවිසීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කර සිටියි. 

ඔහු එබව සඳහන් කර ඇත්තේ 'සැබෑ දේශප්‍රේමියෝ' ලේබලය යටතේ  #trupatriotlk සමාජ ජාලා තුළින් අද (අගෝස්තු 18) දිනයේ වීඩියෝවක් මුදාහරිමිනි.

කොළඹ වරායට එන භාණ්ඩ සියයට 70 කට වඩා ඉන්දියාවෙන් එන හෝ ඉන්දියාවට යන භාණ්ඩ බව පවසන මහාචාර්යවරයා, ඉන්දියාවේ සියලු වරායන්ට වඩා ඉන්දීය බහලුම් හසුරුවන්නේ කොළඹ වරාය බව පෙන්වා දෙයි.

ඉන්දියානු බහාලුම් කොළඹ වරායෙන් ප්‍රතිනැව්ගතකිරීම කුමන හේතුවක් හෝ නිසා නැවතුන හොත් ශ්‍රී ලංකා ආර්ථිකයට වන හානිය බරපතළ බවත්, වරාය සේවා අපනයනයෙන් ලැබෙන ආදායම් අහිමි වනු ඇති බවටත් ඔහු අනතුරු අඟවයි.

එවැනි තත්වයක් තුල වරාය ගැටළු සම්බන්ධයෙන් ඉන්දියාව සමග අනවශ්‍ය ගැටුමකට නොගොස් අපගේ නාවික කේන්ද්‍රය ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාවය ඔහු සිය වීඩියෝව මගින් අවධාරණය කර තිබේ. 

නව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය 'පළමුව ඉන්දියාව' යැයි විදේශ අමාත්‍යංශයේ නව ලේකම්, අද්මිරල් ජයනාත් කොළඹගේ 'ඩේලි නිවුස්' ඉලෙක්ට්‍රෝනික පුවත්පතට පසුගිය 15 වැනිදා ප්‍රකාශයක් කර තිබිණ.

වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද? යන කාරණය පැහැදිලි කරමින් මහාචාර්ය රොහාන් සමරජීව නිකුත්කර ඇති වීඩියෝව පහත පළවේ.


සබැඳි පුවත් :
වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද? - මහාචාර්ය රොහාන් සමරජීව 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...