BREAKING
Top Ad
පුවත්

'රාජපක්ෂලාට ඉඩ දෙන්නෑ'- TNA මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන්‍

T

The Leader

August 15, 2019 • 6:27 AM

'රාජපක්ෂලාට ඉඩ දෙන්නෑ'- TNA මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන්‍

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වුණේ උතුරු නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ නිසා බවත්
  • යුද්ධය අවසන් කිරීමෙන් පමණක් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දිය හැකි බව මහින්ද රාජපක්ෂ මහතා සිතා සිටින බවත් යුද්ධය නිසා අතුරුදන් වූ අයගේ ඥාතීන් අදටත් තමන්ගේ පවුල්වල අතුරුදහන්වූවන් සොයමින් දුක්විඳින බවත් ඔහු කියා සිටියේය.
  • රාජපක්ෂ පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාවට විඳින්නට සිදුවූ සියලුම ප්‍රශ්නකාරී තත්වයන් තවමත් එම ජනතාවට අමතක නැති බවත්, ඒකාධිපති, මර්ධනකාරී නායකයන්ට ජනතාව අකමැති බැවින් තම පක්ෂයද අකමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ජනාධිපති අපේක්ෂකවරයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් එම අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජය ගැනීමට කිසිදු ඉඩක් දෙමළ ජනතාව නොදෙන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් මහතා පැවසීය.

යුද්ධය අවසන් කිරීමෙන් පමණක් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දිය හැකි බව මහින්ද රාජපක්ෂ මහතා සිතා සිටින බවත් යුද්ධය නිසා අතුරුදන් වූ අයගේ ඥාතීන් අදටත් තමන්ගේ පවුල්වල අතුරුදහන්වූවන් සොයමින් දුක්විඳින බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාවට විඳින්නට සිදුවූ සියලුම ප්‍රශ්නකාරී තත්වයන් තවමත් එම ජනතාවට අමතක නැති බවත්, ඒකාධිපති, මර්ධනකාරී නායකයන්ට ජනතාව අකමැති බැවින් තම පක්ෂයද අකමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(අනිද්දා -රේඛා නිලුක්ෂි හේරත්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...